(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බත්තුළුඔයෙ ආරක්ෂීත පැති බැමි කඩාගෙන ගොස් බත්තුළුඔයට ඇද වැටුන ඉන්දන බවුසරයක් මීටර් 100 ක පමන දුරකට ගසා ගෙන ගොස් දුම්රිය මාර්ගයෙ පාලමේ සිරවි නැවති ඇතැයි මුන්දලම පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සිට පුත්තලම පාලවිය කර්මාන්ත පුරවරයට ඉන්ධන රැගෙන ගොස් එය ලබා දීමේන් පසු නැවත කොළඹ බලා එමින් තිබු බවුසරයක් බවයි.
මෙම බවුසරය නොසිතු ලෙස පුත්තලම කොළඹ මාර්ගයෙ ආනවිළුන්දාව ආසන්නයෙ ඇති බත්තුළුඔය පාලමේ ගැටි ආරක්ෂීත පැති බැමි ද කඩා ගෙන බත්තුළුඔයට වැටි ඇති බව කියයි.
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් බත්තුළුඔයේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් බත්තුළුඔයට වැටුන බවුසරය ගසා ගෙන ගොස් මිටර් 100 කට ආසන්න දුරකින් පිහිටි බත්තුළුඔය දුම්රිය පාලමේ ගැටි සිරවි නැවති ඇති බව පොලිසිය කියයි.
පාලමේ ගැටිමේන් නැවති ගිය බවුසරයෙ සිටි රියදුරා දැඩි පරිශ්‍රමක් දරා බවුසරයෙන් ඉවතට විත් බවුසරයෙ ටැංකිය මතට නැගි බේරා ගන්නා ලෙස කෑගසා ඇති බව පොලිසිය කියයි.
මුන්දලම පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව රියැදුරා බේරාගෙන ඇත.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
තෙල් බවුසරය බත්තුළුඔයේ ගසාගෙන යයි
sam Tuesday, 24 January 2023 12:03 PM
මූ අධික වේගයෙන් එලවන්න ඇති
Surathala Tuesday, 24 January 2023 01:18 PM
ඔලුවක් නැති මිනිහට තමා කරන්න යන දේ ගැන අවභෝධයකුත් නෑ
nihal Wednesday, 25 January 2023 10:02 AM
ඇමති ලියුමෙන් ගත් තවත් එක් කාලකන්නියෙක් .අපේ රට කරන්නෙත් මේවගේ කාලකන්නියෝ
ganegoda Wednesday, 25 January 2023 02:59 PM
අපෙ රටෙ ප්‍රමානයට , ජනගහනයෙ ප්‍රමානයට , තියන වාහන ප්‍රමානයට .. අනිත් රටවල් සමග සසදා බලනකොට , අපේ රටෙ තරම් රියානතුරු ලෝකයේ කිසිම රටක සිද්ධ වෙන්නෙ නැහැ .. මොකද්ද මේකට හේතුව??