IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තෙල් මිල අඩුවීමේ වාසිය පිල්ලි ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන්ම මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවසීය.

භාණ්ඩ හා සේවා  මගී ප්‍රවාහන වියදම් මෙන්ම පොදුවේ ජීවන වියදම  පහළ නොයන්නේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රටේ  සැලකිය යුතු ආකාරයට පහළ නොයන නිසා බවද ඔහු සඳහන් කළේය.

ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් රුපියල්  420 ක් පමණ වූ අතර දැනටත් පවතින්නේ එම මිලම බව ඔහු කීවේය.

මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙසේද පැවසීය.

පසුගිය වසරේ සැප්තැම්බර් වන විට බොරතෙල් බැරලයක මිල වාර්තා වන්නේ ඩොලර්  අනූ හතරක්  ලෙසයි.එය පසුගිය වසරේ දෙසැම්බර් වන විට   බැරලයක මිල ඩොලර් 68ක් දක්වා අඩුවෙනවා. මේ අවුරුද්දේ මාර්තු වෙනකොට   ඩොලර් 83 දක්වා වැඩිවි නැවත පසුගිය ජුනි වන විට ඩොලර් 74 ක් දක්වා පහළ යනවා.  ඒ කියන්නේ 2023 සැප්තැම්බර් සිට මේ දක්වා බොරතෙල් බැරලයක මිල  සියයට විසි හතකින් පහළ ගිහින් තියෙනවා.

එහෙත් ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් වන විට රුපියල්  420 ක් පමණ වුණා. අද වෙනතුරු පවතින්නේද එම මිලමයි

පෙට්‍රල් 92 ලීටර් එකක මිල 2023 සැප්තැම්බර් වනවිට රුපියල් 365ක් ලෙස  පැවැති අතර අදවන විට එය රු 355 ක් ලෙස රුපියල්  10 කින් පමණ පහළ ගොස් තියෙනවා . එනම් මිල අඩු වී අත්තේ සියයට 2කින් පමණයි.ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල පසුගිය වසරේ සැප්තැම්බර් වනවිට  රුපියල්  351 ලෙස තිබූ අතර අදවන විට එය රුපියල්  317 දක්වා සියයට  11කින් පමණ පහළ ගිහින් තියෙනවා.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් වන විට   පැවැතියේ රුපියල් 421 ක් ලෙසය. එහෙත් අද වනවිට ලීටරයක මිල වන්නේ රුපියල් 377 කී. එනම් පහළ ගොස් අත්තේ  සියයට 12 කින් පමණය.



අදහස් (7)

තෙල් මිල අඩුවීමේ වාසිය පිල්ලි ගිහින්

Achini Saturday, 15 June 2024 02:56 PM

දේශපාලකයන් හොරකම් කරන ඒවා ඉතිින්අය කරගන්නේ අපෙන් තමයි

:       114       269

මොහොට්ටාල Saturday, 15 June 2024 04:02 PM

සුද්දා අපිට තෙල් ටැංකි 100 ක් හදල දීලා යන්න ගියා අපේ පාලකයෝ ඒවා වල් වැදෙන්න දීලා නිදාගෙන හිටියා.. ඉතින් අතමිට සරුකාලේ ඒවාට තෙල් පුරවන සිතුවිල්ලක් තිබුණා නම් ඒ මගින්ම අපිට ගොඩ යන්න තිබුණා N M පෙරේරා මුදල් ඇමැතිවරයා හැටියට එකල විපක්ෂයේ නායක ජේ.ආර් ගෙන් නැවක් ප්‍රමාද වෙනවාට උපදෙස් ගත් වෙලාවේ වත් (අපිට මතකයේ හැටියට භූමිතෙල් ගැලුමක් (බෝතල් 6) ගමේ කඩේකින් සත අනූවකට මිලට ගැනීමට හැකියාව තිබිලා එක්වරම මිල වැඩිවුනේ සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ තමයි) එහෙම වෙලාවත් අනාගතය නොපෙනී හිටපු දේශපාලුවෝ ක්‍රියාත්මක වුනේ ඇති හැකි එවුන්ගේ දේපළ රාජසන්තක කිරීමට මිස තියෙන සම්පත් උපයෝගී කරගෙන රටේ සංවර්ධනය කිරීමට නොවෙයි කියලා හිතෙනවා... ඒක රටේ ජනතාවගේ පූර්ව පාපයක්ද නැත්නම් ආචාර්ය වරුන්ගේ දැනුවත් බව පුළුල් නොවීම නිසාද කියලා දන්නා කෙනෙක් පැහැදිලි කරන්න...

:       0       5

තරිඳු Saturday, 15 June 2024 04:07 PM

විශාල සේවක පිරිසක් (දේශපාලන පත්වීම් ඇතුළුව) නඩත්තු කිරීමට සිදුවිම, අතිකාල දීමනා වරප්‍රසාද ඇතුළු බොහෝ දේ මෙම ආයතනය තුළ වියදම් ලෙස පියවා ගත යුතු නිසා ලෝක ඉන්ධන මිල පහළ යාමේ වාසිය ජනතාවට නොලැබෙන බව මගේ අදහසයි.

:       1       3

sundr Saturday, 15 June 2024 04:20 PM

මෙයා සජබෙට කඩේ යන බව කවුරුත් දන්නා කරුණක් නේ . ඔහේ ඉලක්කම් ටිකක් අහුලාගෙන කියවන එකනේ මෙයා හැම දාම කරන්නේ. මෙයාගේ තර්කය හරි නම් පේරාදෙණියේ වැවෙන අලිපේර ගෙඩියක් කොළඹදීත් එම මිලටම අලෙවි වෙන්න ඕන . අනුන්ගේ වැරදි ගැන කියවන්න කලින් තමන්ගේ වැරදි ටික නිවැරදි කරගන්න . සතියකටම පැය කියද අයිසේ ඔහේ වැඩ කරන්නේ ? වී විද්‍යාලයට මොන තම ඔහේ වංචා කරලා තියෙනවද ? රාජකාරි වෙලාවේදී තමගේ පුද්ගලික වැඩ කරනවා කියන්නෙත් හොරකමක් තමයි උන්නැහේ.

:       132       17

ජයනාත් Saturday, 15 June 2024 06:02 PM

ඔය නිසා තමයි මම හඳුන්වන්නේ ඇමති කලු කඩ මුදලාලියෙක් කියල . එයා හිතන් ඉන්නෙ ඛනිජ තෙල් , විදුලිය දෙක එයාගෙ ගෙදර කඩේ වෙලඳාමක් කියල . පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් කටක් අරින්නෙ නෑ.. ඒකට බයේද...

:       65       212

joni Saturday, 15 June 2024 09:39 PM

රටට මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ, තෙල් මිල අඩුවෙන්නේ නැහැ කියලායි මහාචාර්යවරයා කිවේ මේ වගේ පොල්බුරුවෝ ඕනේ තෙල් මිල තවත් වැඩි වෙන්න

:       0       2

kotiya Sunday, 16 June 2024 03:23 AM

ඒක පැත්තකින් තියමුකෝ. අඩු ගානේ ඔය අඩු කරලා තියෙන 10%යි 2%යි වත් ජනතාවට නොලැබී පිල්ලි ගිහින් තියෙන්නේ...

:       0       59

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 993 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 436 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 282 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 853 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 720 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 322 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site