IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


තල් ලොක්කන් දෙදෙනෙකු නෙරපයි

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කළ  තල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු ඇතුළු  උසස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් නෙරපා හැරි බව එම මණ්ඩලයේ සභාපති  ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා පැවසීය.

එසේම තල් හකුරු සෑදීමේ උපකරණ  මිලදී ගැනීමේදී රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් අවභාවිතා කළ  විගණකවරයකුගේ සහ නිෂ්පාදන කළමනාකරුවකුගේ වැඩ තහනම් කර ස්වාධීන විධිමත්  විනය පරීක්ෂණයක් පවත්වන බවද  ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරයා සහ    විගණන  නිලධාරියා  තල්  සංවර්ධන මණ්ඩලයේ වැටුප් ලබන අතරේ  විශ්ව විද්‍යාල දෙකකද සේවය කරමින්  වැටුප් ලබා ගෙන ඇති බව විමර්ශනවලදී  තොරතුරු  අනාවරණයවී යැයි  පතිරාජ මහතා කීවේය.

මණ්ඩලයේ දූෂණ වංචා වසන් කළ විගණක නිලධාරීන්  දෙදෙනෙකු  මාරු කර යැවූ බව පැවසූ සභාපතිවරයා ඒ වෙනුවට නව  නිලධාරීන් දෙදෙනකු පත්කර  වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය නිලධාරීන්ගේද සහය ලබාගෙන අදාල ලියකියවිලි පරීක්ෂාකර දූෂිත නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගත් බවද සඳහන් කළේය.

එසේම නියමිත ක්‍රමවේදයෙන් බැහැරව උසස්වීම් ලැබූ කළමනාකරුවන්  අටදෙනාගෙන් ආයතනයට අයවිය යුතු මුදල් අයකර ගැනීමට කටයුතු කළ බවද තල්  සංස්ථා සභාපතිවරයා පැවසීය.

විගණන වාර්තා වලින් අනාවරණය කෙරුණු දූෂණ වංචා සහ අක්‍රමිකතා සිද්ධීන්  සියයට හැත්තෑවක් සම්බන්ධයෙන් දැනටමත් නිසි  ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කෝටි ගණනක  වංචා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත්  ක්‍රිෂාන්ත පතිරාජ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

තල් ලොක්කන් දෙදෙනෙකු නෙරපයි

Pankumburage Tuesday, 27 December 2022 05:52 PM

හෙට අනිද්දා ආරංචිවෙයි සභාපති තුමා ගෙදර යවල කියල.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 34 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 374 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1161 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2628 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 336 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26730 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18874 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1865 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site