(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබාදී නැති බව හෙළිදරව් වී තිබේ.
මෙම කාරණය හෙළිදරව් වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන් තේ අපනයනකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම ගැටලුවට මැදිහත් වූ සාගල රත්නායක මහතා මසකට ඩොලර් මිලියන පහක වටිනාකමින් යුතු තේ ඉරානයට යැවීමට කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාව ඉරානයෙන් ඩොලර් මිලියන 250 ක ඉන්ධන ලබාගෙන ඇති නමුත් ඊට සමානව තේ ලබාදී නැත.
ඊට හේතුව වී ඇත්තේ තෙල් සංස්ථාව ඊට අදාල මුදල් තේ මණ්ඩලයට ලබා නොදීමයි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැදිහත්වී තෙල් සංස්ථාව සමඟ සාකච්ඡා කොට මසකට ඩොලර් මිලින පහක වටිනාකමින් යුතු තේ ඉරානයට යැවීම වෙනුවෙන් මුදල් තේ මණ්ඩලය වෙත ගෙවීමට එකඟ වී තිබේ.
මේ අනුව පළමු තේ තොගය ඉකුත් සතියේ ඉරානය වෙත යැවීමත් සමඟ පහත බැස තිබූ තේ දළු කිලෝවක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බව තේ වෙළෙදුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තෙල් සංස්ථාව පොලු තියලා:ඉරාන තෙල් ගිවිසුම කඩලා
ravin Saturday, 19 August 2023 08:45 AM
ඔය ක්‍රමයට තෙලුයි, තේ කොළයි හුවමාරු කරගත්තාම කොමිස් කාරයින්ට මොකද වෙන්නේ..? බොල බූරු පුතේ නුඹ සෝක නොවී හිටපන්...!
sanjeeva Saturday, 19 August 2023 11:38 AM
දඩය ගෙවාගන්න බැරිවුණාම ඒකටත් බිලිවෙන්නේ අපේ පොකට් එකට... කෝටි ගණන් බදු නොගෙවා මගහරින මහා හොරු නිදැල්ලේ. ඔවුන් නොගෙවපු බදු අයකරන්නෙත් අපෙන්...
බද්රානි Saturday, 19 August 2023 01:02 PM
රාජපක්ෂලා පාලනය කළ සමයේ නේද මේ ගිවිසුම ගැහුවේ...? ඔවුන් සමග සිටි නිලධාරිනුත් චෞරයින්... ඩොලර් සියයට තෙල් බැරලයක් මිලදී ගන්නත් තවත් ගිවිසුමක් ගසා තිබුණා නේද...? මේ හොර කල්ලිය මේ රටට කළ හානිය වචන වලින් කියා නිම කරන්න බැහැ.. නමුත් මේ කිසිවෙකුට දඬුවම් නැහැ.
රට පෙරටSaturday, 19 August 2023 04:41 PM
ඒකට ඉතින් ශක්තිමත් කශේරුකාවක් තියෙන නායකයෙක් තෝරාගන්න ඕන.. ප්‍රශ්නය තියෙන්නේ එහෙම කෙනෙක් ලංකාවේ ඉන්නවාද කියලා තමයි කොහොම වුණත් රටින් ගෙනාවොත් ඉතිරි ටිකත් ඉවරයි..
නිහාල්Saturday, 19 August 2023 09:10 PM
චෞරයින්ගේ ගෝලයෝ බැක් හෑන්ඩ් පොයින්ට් ඩවුන් දාලා 45ක්ම...!
Dinesh Sunday, 20 August 2023 06:42 AM
මතකද හෙජින් ගිවිසුම...? කෝටි ගණන් බැංකුවලට ගෙව්වා දඩ විදිහට... රටට වෙච්චි පාඩුව කොච්චරක්ද? කවුද වැරැදි...? දඬුවම් දුන්නද?
විමංශා Saturday, 19 August 2023 04:47 PM
කවුරු ගිවිසුම් ගැහුවත් සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් නොකළොත් සාර්ථක වෙන්නේ නැහැ... තෙල් සඳහා ඩොලර් නිකුත් කිරීම කරනවා වගේ මේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්න ඕනෑ... ලංකාවේ කරන කිසිම වැඩක් පසු විපරම් නොකිරීමේ විපාක තමයි මේ කියන්නේ...!
chandima Saturday, 19 August 2023 11:14 PM
රනිල් ඇවිත් සෑහෙන කාලයක්... රාජපක්ෂලාගේ වැරැදි තිබුණා නම් ඒවා නිවැරැදි කරන්න ඇති තරම් කල්... බලපුවාම රාජපක්ෂලා වැරැදියට හරි යමක් කළා. හරි දේත් බැහැ. වැරැදි දේත් බැහැ. වලපල්ලට ගියාට පස්සේ රට ගොඩගන්නවා කියනවා. අපේ හරක් එව්වා තලලා අප්පුඩි තලනවා.
සල්ලි Sunday, 20 August 2023 08:33 AM
ජනාධිපතිතුමා නොසිටියා නම් මේක විසඳන්න වෙන්නේ නෑ. විශිෂ්ඨයි තුමනි...!
ගමේ එකාලා Sunday, 20 August 2023 05:34 PM
දූෂිත දේශපාලුවෝ රටටම පොලු තියලා. ලෝකෙට ණයවෙලා, හිඟාකන ජාතියක් බවට පත් කෙරුවා. එහෙව් රටේ තෙල් සංස්ථාවේ අය ගැන මොන කතාද?