IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘තුවක්කුව අතට දුන්නේ සෙල්ලම් කරන්න නෙවෙයි‘

(ගයාන් සූරියආරච්චි )

වෙඩි තැබිය යුතු තැන වෙඩි තැබිය යුතු බවත් තුවක්කුව සෙල්ලම් කිරීමට අතට දුන් දෙයක් නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් මහතා පැවසුවේය.

ඔහු ඒ බව පැවසුවේ යුක්තිය මෙහෙයුම යටතේ හෙට (4) වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ නව මුහුණුවර පිළිබඳව පොලිස් විශේෂ බලකා මූලස්ථානයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ එදා තුවක්කුව හරි දේට පාවිච්චි කරන්නයි පැවසූ විට බොහෝ දෙනා තමා විවේචනය කළ බවත් වටේ දූ දරුවන් සහ පවුල් මත්ද්‍රව්‍ය අර්බුදයෙන් බේරා ගැනීම සඳහා එකම අරමුණකින් ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය.

තමා ඇමතිකමේ සිටින තුරු මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් පසුගිය දෙසැම්බර් මාසයේ යුක්තිය මෙහෙයුම් ආරම්භ කළේ තමාගේ ආරක්ෂාව ගැනවත් නොසිතා බව අමාත්‍යවරයා කීය.

විදේශ රටවල සැඟවී සිට මෙරට සංවිධාත්මක අපරාධ මෙහෙය වූ පාතාලයන් පස්දෙනකු මේ වන විට මෙරටට රැගෙන ඇති බවත් ඉතිරි පාතාලයන්ද මෙරටට රැගෙන ඒමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.

 



අදහස් (12)

‘තුවක්කුව අතට දුන්නේ සෙල්ලම් කරන්න නෙවෙයි‘

Ruwan De Silva Wednesday, 03 July 2024 08:42 PM

මේ කියන විදියට තුවක්කුවෙන් වෙඩි තියන්න ඕනේ එක මනුස්සයෙක් තමයි ටිරාන් ...

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 03 July 2024 08:54 PM

බලයෙන් උමතු වුණු කෙනෙක්.. මෙයා හිතාගෙන ඉන්නේ රටේ මිනිස්සු මගේ වත්තේ පණුවෝ කියලා වෙන්න ඇති...

:       0       0

Liki Wednesday, 03 July 2024 09:10 PM

ලන්සාට පරිස්සමෙන් ඉන්න වෙන්නේ...!

:       0       0

මැක්ස් Wednesday, 03 July 2024 09:13 PM

නියමයි ඇමැතිතුමා නියමයි. ඔබතුමාට ජවිපෙන් විරෝධයකුත් නැති නිසා ඔය වැඩේ දිගටම කරගෙන යන්න. රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන් මත්ද්‍රව්‍ය දුරු කරන්න...

:       0       1

Rata Perata Wednesday, 03 July 2024 09:56 PM

ඒක ඇත්ත. LTTE එකට සල්ලි දීලා එනකොටම ඕක කළා නම් අද මේ කරදර නෑ.

:       0       0

Bandula Wednesday, 03 July 2024 10:19 PM

අනේ මොකද කරන්නේ? ඇයි රටේ නීතියක් නැද්ද? තුමෝ...

:       0       0

රංබොඩ Wednesday, 03 July 2024 10:47 PM

තිස්වසරක කුරීරු යුද්ධය ඉවර කරන්න අපේ හමුදාවන් අවශ්‍ය වෙලා තිබුණේ දේශපාලන හයිය විතරයි. එය ලැබුණු ගමන් ඔවුන් ඒක ඉවර කළා. ඒ හයිය ලැබෙනවා නම් පාතාලය ඔවුන්ට මහ කජ්ජක් නොවේ...

:       0       0

ගමේ එකාලා Thursday, 04 July 2024 12:09 AM

දියවන්නාවෙත් ඉන්නවා කුඩු ,එතනෝල් ,ගැන නම් දරාපු ,කුඩු ජාවාරම් කාරයෝ රැකපු උන්ගේ පිහිටෙන් ගොඩ ගිය දූෂිත දේසපාලුවෝ ?

:       0       3

Ahmed (Gulf) Thursday, 04 July 2024 01:51 AM

මොන ආයතන වලින්ද ආයුධ ගන්න අවසර දුන්නේ සහ ඔවුන්ගෙන් අහන්න සාමාන්‍ය පොදු ජනයාට වෙඩි තැබුවේ කොහොමද?

:       0       4

ලක්ෂ්මන් Thursday, 04 July 2024 06:26 AM

යුක්තිය නාඩගමින් උසාවි දාලා දඬුවම් දීපු එක කුඩුකාරයෙක්ව පෙන්නන්න.

:       0       4

chandima Thursday, 04 July 2024 07:14 AM

ඔයගොල්ලෝ රටේ හොරු අල්ලලා ඉවරවෙන කාලේට ආණ්ඩුවෙන් මේ රටට හොරු අල්ලන් පටන් ගනී එදාට වීසා සල්ලි වංචා කරපු හොරු එහෙමත් අල්ලයි

:       0       13

ගමේ එකාලා Thursday, 04 July 2024 02:38 PM

දියවන්නාවෙත් ඉන්නවා කුඩු,එතනෝල් ,වලට නම් දරාපු අයත්. ඒ අය ගැනත් සළකා බැලුවොත් හොන්දා.කුඩු ජාවාරම් කාරයෝ රැකපු අය ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 14 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 157 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 169 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 269 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 923 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 573 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site