(රෝෂන් තුෂාර)
ඉසිමග ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම නමින් නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන එම සමාගමේ සැකකාර අධ්‍යක්ෂකවරුන් අට දෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ කරණු දක්වමින් අද(08)පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාවරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සමාගම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්,සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගොස් ඇති මෙම මූල්‍ය ආයතනය සම්බන්ධයෙන් අගතියට පත් තැන්පත්කරුවන් රැසක් පැමිණිලි කර ඇති බවද සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් වහා අනාවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් විමර්ශණ ගොනුව බහාතැබීමට නියෝග කළාය.
ලබන වසරේ (2026) සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමට පාසල් වාරය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය
මුස්ලිම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවකට වරදකරු වු බොදුබලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස නවයක ලිහිල් වැඩ සහිත සිරද
ශ්‍රිලන්කන් ගුවන් සමාගම පසුගිය මාස 17ක කාලය තුලදි (2022 අප්‍රේල් මස 01 සිට 2023 සැප්තැම්බර් මස 30 දක්වා) ගුවන් ගමන්වාර 548ක් පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බැව
ඔඩුසුඩාන් කලාමුරිප්පු. ප්‍රදේශයේ නිවසක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇතැයි ඔඩුසුඩාන් පොලිසිය පවසයි.
සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යටිතල පහසුකම් අංශයෙන් ඇති හවුල්කාරිත්වය තවත් දැඩි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
තවත් පිරමීඩාකාර සමාගමක් ගැන විමර්ශන
m. saman perera Wednesday, 08 January 2025 06:48 PM
මේවට අහුවුණේ, ඉක්මණට පෝසත් වෙන්න ගිය දුප්පත් මිනිස්සු.
බකල ජයා උපාසක රාල Wednesday, 08 January 2025 07:34 PM
හොරෙන් උපුටාගැනීමකි: "ආනන්ද සර්පයා දුටුවාද?"
දසුන් Wednesday, 08 January 2025 08:21 PM
මෙවැනි පිරමීඩ ගැන තොරතුරු දෙන්න නම්බර් එකක් දාන්න...