(ලසන්ත නිරෝෂණ පෙරේරා)
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ ගරාජයක වසර ගණනාවක සිට නවතා තිඹු ජිප් රථයක් සහ මෝටර් රථයක් අද දහවල් පැල්මඩුල්ල පොලිසිය බාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි .
එම වාහන දෙක හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලානඥයකුගේ හිතවතකු විසින් ගරාජයට ගෙන විත් ඇති බව සැක කෙරේ.
එම වාහන රජයට අයත් වාහන දැයි සොයා ගැනීමට සහ ඒවා කාගේ බාරයේ තිඹුණේදැයි සොයා ගැනිමට පොලිසිය විමර්ශන සිදු කරයි.
පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ ගරාජයක වසර ගණනාවක සිට ගාල්කර තිබූ වාහන දෙක පැල්මඩුල්ල පොලිසියේ නිළධාරින් පැල්මඩුල්ල පොලිසිය වෙත රැගෙන එනු ලැබිය.
ඕපනායක පල්ලෙකන්ද පාසල් පාර කැන්දේකැටිය ප්‍රාදේශයේ නිවෙසක නවතා තිඹු සුඛෝපභෝගී වි 8 වර්ගයේ ජිප් රථය 1997ට ලද තොරතුරක් අනුව පොලිසිය විසින් සොයා ගෙන තිබේ .
එහි චැසි අංකයට වාහනයක් මොටර් රථ පරික්ෂණ දේපර්තමේන්තුවේ ලියාපදිංචි වී නැති බව ඕපනායක පොලිසිය පවසයි .
එම වාහනයේ හිමිකරු යැයි සදහන් කරන අයගේ පියා පොලිසියට ඉදිරිපත් වුණත් හිමිකරු කවුදැයි සොයා පොලිසිය පරික්ෂණ සිදු කරයි.
නිත්‍යානුකූල අයිතිකරු යැයි පවසන පුද්ගලයා විදේශ ගතවි සිටින බවද පොලිසිය පවසයි.
ඕපනායක පොලිසිය විසින් සොයා ගත් සුඛෝපභෝගි ජිප් රථය ගැන වැඩිදුර විමර්ශන සිදු කරන බව ඕපනායක පොලිසියේ ස්ථාණාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච් ඒ.ඩි.හෙට්ටිආරච්චි මහතා පැවසීය .
පැල්මඩුල්ල පොලිසිය භාරයට ගත් වාහන ගැන තොරතුරු දැනගැනීම සහ ඡායාරුප ලබා ගැනීමට එහි ගිය මාධ්‍යවේදීන්ට පැල්මඩුල්ල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති මාධ්‍ය ආවරණයට ඉඩ නොදුන්නේය.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක