(ෂේන් සෙනෙවිරත්න)
හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අනිවත්තේ පිහිටි එම නිවසේ ගරාජය පරීක්ෂා කිරීමේදී එම රථ දෙක රහසිගත ලෙස සඟවා තිබියදී එසේ අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම මෝටර් රථ දෙක සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකම් කීමට එම නිවසේ කිසිවකුටත් නොහැකි වීම හේතුවෙන් රථ දෙක අත්අඩංගුවට ගෙන තිබේ .
මහනුවර මහයියාව ප්‍රදේශයේ රථවාහන අලෙවිසලක්ද පවත්වාගෙන යන එම පුද්ගලයා හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වරාය අමාත්‍ය ධුරය දරණ සමයේදී වරාය අධිකාරිය ඉහළ නිලයක්ද දරා ඇති බව පොලිසිය කියයි .
මෙම මෝටර් රථ දෙක නීතියානුකූල නොවන ආකාරයට වරායෙන් පිටකළ මෝටර් රථ දෙකක් බවට පොලිසිය සැක කරන අතර එම මෝටර් රථ රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමටද නියමිතය .
වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අ
සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණි අවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිණි අවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන
සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රා
පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබ
ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැකකටයුතු
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ