IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


තවත් හොර ඩිෆෙන්ඩරයක්-අධිබල යතුරුපැදියක් මහනුවරින් සොයා ගනී

(ෂේන් සෙනෙවිරත්න)

නියම චැසි අංකය වෙනස්කොට ව්‍යාජ චැසි අංකයක් යොදා ව්‍යාජ වාහන අංකයක් සවිකොට තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ ව්‍යාජ අංකයක් සවිකොට භාවිතා කළ අධිබල යතුරුපැදියක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඩිෆෙන්ඩර් රථය අස්ගිරිය ප්‍රදේශයෙන්ද යතුරුපැදිය කටුකැලේ ප්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථය රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එම වාහනය නිෂ්පාදනය කිරීමේදී කර්මාන්ත ශාලාවෙන් යොදන චැසි අංකය වෙනස් කොට වෙනත් චැසි අංකයක් තෙරපා ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තාකොට තිබෙන බව පොලිසිය කියයි.

ඒ අනුව එම ඩිෆෙන්ඩර් රථය භාවිතා කළ බව කියන මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ ධම්මසිද්ධි මාවතේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

මහනුවර කටුකැලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක තහඩු සවිකල අධිබල යතුරුපැදිය සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශන ආරම්භ වී ඇති අතර එම යතුරුපැදිය අශ්ව බල 650 ක යතුරුපැදියක් බව පවසන පොලිසිය ඊට අශ්ව බල 250 අංක තහඩු යොදාගෙන භාවිතා කොට ඇති බව පොලීසිය කියයි.

එම යතුරුපැදියේ හිමිකරු මේ වන විට විදේශගතව ඇති බව පවසන පොලිසිය එම යතුරුපැදිය රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.

 



අදහස් (3)

තවත් හොර ඩිෆෙන්ඩරයක්-අධිබල යතුරුපැදියක් මහනුවරින් සොයා ගනී

Perera Wednesday, 13 November 2024 03:35 PM

ඕවා විතරක් නෙමෙයි .ලංකාවේ දුවන මිනි කූපර් කාර් 90% ක්ම ජපානෙන් කපලා ගෙනැල්ලා මෙහෙ ආපහු එක්ලස් කරලා දුවන්නේ පරණ කාර් වල නොම්මර හොරට දාගෙන

:       1       18

kamal Koyrala Wednesday, 13 November 2024 04:56 PM

රත්තරන් ඇමැති කෙනෙක් අධිබලැති මෝටර් බයිසිකලය ලියාපදිංචි කරන්න කියලා පාර්ලිමේන්තුවේ අඬා වැටුණා. මේ අධිබලැති ඒවා ගෙන්වා තියෙන්නේ දේශපාලන පරපුරේ අයම තමයි.

:       1       14

ගුණරත්න Wednesday, 13 November 2024 07:29 PM

මට නම් මේ හොර වාහන කතා අහලා තිත්ත වෙලා. මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය හොර වාහනද?

:       15       3

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 745 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මානපය ඡායාරූප ගන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 14 0 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයෙකු අද(14) පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී අ


ආදර්ශ ඡන්ද පත්‍රිකා සමඟ අයෙක් අල්ලයි
2024 නොවැම්බර් මස 14 7 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකුට ඡන්දය හා මනාපය සලකුණු කළ ආදර්ශ ඡන්ද පත්‍රිකා 125 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක ගමන් කර සිටි අයෙකු අද (1


බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට
2024 නොවැම්බර් මස 14 128 0

එතනෝල් නිෂ්පාදනය සදහා ඉතා විශාල ලෙස බඩඉරිගු තොග යොදා ගන්නා බැවින් බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ



සංස්කෘතිය හරහට දඹාන උපනායක ඡන්දය එපා වේ
2024 නොවැම්බර් මස 14 894 0

2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 213 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 543 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1652 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site