ඇමරිකාවේ යුටා කාන්තාරයේ තිබී පසුගිය සතියේ අරුම පුදුම ලෝහ කණුවක් සොයාගැනීමෙන් පසු ඊට සමාන ව්‍යුහයක් රුමේනියාවෙන් හමුවී ඇතැයි වාර්තා වේ.
මෙම දිළිසෙන ත්‍රිකෝණාකාර කුළුණ රුමේනියාවේ පියෙට්‍රා නියම්ට් නගරයේ බැටිකා ඩොම්නි කන්දෙන් හමුවී තිබේ.
මෙම කඳුමුදුණේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් පෙට්රොඩාවා ඩේසියන් බලකොටුවට මීටර් කිහිපයක් ඈතින් මෙම කුළුණ දක්නට ලැබී ඇත.
ත්‍රිකෝණාකාර ව්‍යුහයේ උස අඩි 13ක් පමණ වන අතර ඒහි ඒක් පැත්තක් පූජනීය සීහ්ලාවු කන්දට මුහුණලා ඇත.
සීහ්ලාවූ, රුමේනියාවේ වඩාත් ප්‍රසිද්ධ කඳු අතරින් ඒකක් වන අතර ඒය ඒරට ස්වාභාවික පුදුම හතෙන් ඒකක් ලෙස ලැයිස්තු ගතකර තිබේ.
මෙම අද්භූත කුළුණ ඉදිකර ඇත්තේ කවුරුන්දැයි යන්න නොදන්නා බව රුමේනියානු බලධාරීහු පවසති.
“ඒය පිහිටා තිබෙන්නේ පුරාවිද්‍යා ආරක්ෂිත ප්‍රදේශයක, ඒම ස්ථානයේ යමක් ස්ථාපනය කිරීමට පෙර සංස්කෘතික අමාත්‍යාංශය විසින් අනුමත කළ යුතුයි. මෙම කුළුණේ අයිතිකරු කවුදැයි අපි නොදනිමු.” යැයි මේ සම්බන්දව අදහස් දක්වමින් සංස්කෘතික උරුමයන් පිළිබඳ ආයතනයේ නිලධාරී රොක්සානා ජොසානු පවසයි.
යුටා කාන්තාරයෙන් හමුවූ හඳුනානොගත් කුළුණ යම් කිසිවකු විසින් ඒම ස්ථානයෙන් ඉවත් කර ඇති බව ද දින දෙකකට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒම කුළුණ කුමක් විය හැකිද යන්න සම්බන්දව ද බොහෝ මත පලවුණු අතර ඇතමෙක් අනුමාන කළේ ඒය පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක් වියහැකි බවයි.
ආතර් සී. ක්ලාර්ක් මහතාගේ විද්‍යා ප්‍රබන්දයක් වන 2001: A Space Odyssey කෘතියේ සඳහන් කර ඇති, මීට වසර මිලියන තුනකට පමණ පෙර පෘථිවියේ දක්නට ලැබුණු ස්ථම්භයක් හා සමාන දෙයක් යැයි බොහෝ දෙනා මත පලකර තිබිණි. ඒකළ සිටි වානරයින්ට මෙවලම් සකස් කරගැනීම සඳහා අවශ්‍ය දැනුම මෙම ස්ථම්භයෙන් ලැබුණු බව ක්ලාක්ගේ කෘතියේ සඳහන් වෙයි.
මෙවන් හඳුනානොගත් වස්තූන් පිටසක්වල ජීවීන් හා සම්බන්ද කිරීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව ද නිරීක්ෂකයෝ පවසති.
යුටා කාන්තාරයෙන් හමුවූ ව්‍යුහය සොයාගනු ලැබුවේ මෙම මාසයේ වුවද ගූගල් අර්ත් සෙවුම මගින් පිරික්සීමේදී පෙනීගොස් ඇත්තේ ඒය 2016 වසරේ පමණ සිට ඒම ස්ථානයේ තිබී ඇති බවයි.
(ඩේලි මේල් ඇසුරිණි - 085)
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තවත් අද්භූත කුලුනක් රුමේනියාවෙන්