IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තවත් කඳුකර දිවියෙක් මන්දකට හසුවෙයි

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)     

   

  (ඡායාරූප - සුදත් එච්. එම්. හේවා)          
 
වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ මන්දකට පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දිවියෙකු හසු වී ඇති බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
 
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන කනිල්වර්ක් වත්ත පළමු කොටසේ වතු නිවාස පේලියට පිටුපස ලඳු කැලෑවක අද (12) අලුයම මන්දට හසු වී සිටියේය.
 
දිවියා නිර්වින්දනය කර මුදා ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
 
තේ වත්තේ සැරිසරන වන සතුන් දඩයම් කිරීම සඳහා වතු කම්කරුවෙකු අටවන ලද මන්දකට දිවියා හසු වී ඇති අතර, තේ වතු ආශ්‍රිතව අටවා ඇති මදු ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විටත් වතුකරය පුරා වනජීවි දෙපාර්තුමේන්තුව මගින් ආරම්භ කර ඇත.
 
ගොදුරු සොයා තේ වත්තේ සැරිසරන දිවියන් පසුගිය කාලයේ මෙසේ මදුවලට හසු වී සිටියදි ඉන් දිවියන් කිහිපදෙනෙකු මුදා ගැනීමට වනජිවි නිලධාරින් සමත් වු අතර කළු කොටියෙකු ඇතුළු දිවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයටද පත් විය.

කඳුකර දිවියාගේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න - මන්දට හසු වූ කඳුකර දිවියා මුදා ගනී



අදහස් (9)

තවත් කඳුකර දිවියෙක් මන්දකට හසුවෙයි

පූජා Sunday, 12 July 2020 08:40 AM

තවදුරත් මේ ගැන සිත් පෙලාගෙන අදහස් පළ කිරීම නිශ්ඵල ක්‍රියාවකි. නුඹලා වැනි දුර්ලභ සත්වයින්ගේ අගය නොදත් මෝඩ මිනිසුන් අතර ඉපදෙන්නට සිදුවීම නුඹලාගෙත් අපගේත් කරුමයකි. පිට දේශයක නුඹලා ඉපදුනේ නම් ඒ සත්ව කරුණාවෙන් හදවත් තෙත් වූ සැබෑ මිනිසුන්, නුඹලාව හොඳින් රැක බලාගන්නවා ඇත."වඳින්න වඳින්න ගහන මිනිහාත් මෝඩයා, ගහන්න ගහන්න වඳින මිනිහාත් මෝඩයා "යන ප්‍රස්තාපිරුළ මගේ සිහියට නැඟෙයි..

:       0       101

[email protected] Sunday, 12 July 2020 09:23 AM

ටික දවසකට කලින් දැනගන්නට ලැබුණා වනජීවී කණ්ඩායම් ඔය කියන " උගුල් " සොයාගොස් විනාශ කරනවා. එ්ත්.. අදත් බිල්ලක්. වාසනාවට මෙයා නිරුපද්‍රිතයි කියලා මට හිතෙනවා. මේ "නොමිනිසුන්ට " ඒ කියන්නේ " උගුල් අටවන නරුමයින්ට දඬුවම් කළ යුතුයි. විශාල මුදලක දඩයක් හෝ දිගු සිර දඬුවමක්...!!! එ්ත්.. උගුල් ඇටවීම තහනම් කරලා " නීති පනවලා "නම් ඒ පුද්ගලයාට දඬුවම් දෙන්න හැකියි. නීතිගත කරලා නැතිව නිකම් කතාවට පමණක් තහනම් කරලානම් වැඩක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව කියන්නේ තවමත් බොහෝ පසුගාමී මට්ටමක තිබෙන රටක්, එයට වගකිව යුත්තන් "නීති හදන" ආයතනයේ සිටින දේශපාලුවන් නීති සම්මතකර ගන්නේ හැම විටකම තමන්ට වාසි වෙන ආකාරයටයි. ඊට රටවැසියාත් වගකිව යුතුයි. ඒ අවංක, බුද්ධිමත් උගත් සමානාත්මතාව ගරුකරන පුරවැසියන් පමණක් ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට ඔවුන් උනන්දු විය යුතුයි. මේ අහිංසකයින් ගැන කියලා කියලා දැන් අපිට මහන්සිත් එක්ක... එ්ත් එහෙම කියලා බැහැනේ... මේත් ජීවිතයක්. අපි විසින් ආරක්ෂා කළයුතු, අපේ කැලේට.. අපේ රටට අයිති, හුස්ම ගන්න.. අපේම පරණ ඥාතියෙක්.. අපේම එකෙක්.. ඉක්මණට සුවවෙලා කැලේට පැනපන්.. ආයේ කවදාවත් මේ පළාතටවත් එන්න එපා.

:       0       101

nandana Sunday, 12 July 2020 09:45 AM

මෙහිදී දිවියාගේ ජීවිතය පමණක් නොව, වතු නිවාස පේලියේ ජීවත්වන මිනිසුන් සහ ඔවුන්ගේ දරු පවුල්වල ජීවිතත් එකසේ වැදගත් බව සැලකිය යුතුයි...

:       0       19

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 July 2020 10:28 AM

මේ වතු කම්කරුවන් ගැන දීර්ඝ කාලයක සිට තොරතුරු අප දන්නවා. ඒවා කියන්නට මෙහි ඉඩ නැහැ. කෙසේ වෙතත් මේ වතුකම්කරුවන් වනජීවී අංශ විසින් හුරතල් කරනවා වගේ පෙනෙනවා. මොවුන් හයහතර නොදත් බබ්බු නොවේ... තලගොයා, ඉත්තෑවා, ඉබ්බා ඇතුළු වනසතුන් මරාගෙන කන මොවුන් දිවියාගේ නිය දත් සම් ආදිය ගෙන විකිණීමට මේ පුඩු තබන්නට පුරුදුව සිටී. එබැවින් බුද්ධි අංශ යොදවා මේ පිළිබඳ තොරතුරු ගෙන මේ වන සතුන් ආරක්ෂා කරගත යුතුයි. පසුගිය දිනවල රටේ විශාල ආන්දෝලනයක් ඇති වී තිබියදීත්, මේ වතුකම්කරුවන් නැවතත් දිවියන්ට පුඩු තැබීම ඔවුන්ගේ තිරිසන් බවට හොඳ සාක්ෂියකි. පුඩු අටවන්නන් එසේ කරන විටම උපක්‍රමශීලීව අල්ලාගෙන නීතියට ඉදිරිපත් කිරීමට වනජීවි එක වහා කටයුතු කළ යුතුයි. නොඑසේ නම්, මේ සතුන්ගේ ජීවිත එහෙම පිටින්ම නැවතත් අවදානම්ය. බිහිරි අලින්ට වීණා වාදනයෙන් වැඩක් නැති සේම බලධාරීන්ට ද වටිනා අදහස් වලින් ඵලක් නැත්තේය. ඒ මන්දයත්.. ඔවුන්ට අවශ්‍ය වනුයේ වතු කම්කරුවන් හොඳින් තබාගෙන තම වැටුප් සහ වරප්‍රසාද ලබාගැනීමටයි. මේ නිසා අසරණ වන සතුන් දිනෙන් දින අප රටට අහිමි වෙමින් පවතියි. බලධාරයිනි, දැන් හෝ නින්දෙන් අවදිව.. මේ සතුන් රැකගනු මැනවි.. එය ඔබලාගේ වගකීමයි.

:       0       101

Asanka Sunday, 12 July 2020 12:17 PM

ඔය ප්‍රෙද්ශයේ සත්තුන්ට මදු ගසන්නේ මීට වසර 50කටත් පෙරසිට... තවම ඕක නවත්තන්න කිසිම රජයකට නොහැකියි. මේ අය කවුද? ඔය මදුගහන කෙනෙක්, දෙන්නෙක් ඔය මද්දකටම එල්ලලා දැම්මා නම් ඉවරයි...

:       0       10

Champa Sunday, 12 July 2020 02:32 PM

ස්තුතියි දෙකටම. 1. පැන්තේරා පාඩියුස්ට (පාදුස්) කොටියා නොකියා හරි නම දිවියා කියලා කීම. 2. අහිංසක සතාගේ දිවි ගලවා දීම.

:       0       0

[email protected] Monday, 13 July 2020 12:18 AM

වතුකරයේ සතුන්ට අටවලා තියෙන "උගුල් " සොයා විනාශ කරන බවක් ඇසුනත් අදත් බිල්ලක්. වාසනාවට මේ "කොටි කෙල්ලට " කරදරයක් නැහැ වගේ පෙනෙන්නේ.

:       0       102

[email protected] Monday, 13 July 2020 04:21 AM

වතුකරයේ සතුන්ට අටවලා තියෙන "උගුල් " සොයා විනාශ කරන බවක් ඇසුනත්. අදත් බිල්ලක්. වාසනාවට මේ "කොටි කෙල්ලට " කරදරයක් නැහැ වගේ... පෙනෙන්නේ. සතුන්ට උගුල් අටවන " නොමිනිසුන්ට " දඬුවම් දෙනවා කීවාට පලක් නැහැ. දඬුවම් නිතිගතකරලාද කියලා සොයාබැලිය යුතුයි. නැතිනම් පලක් නැහැ. වනජීවී නිලධාරිනුත්, පොලිසියත් අසරනවෙනවා. ඒ නිසා මුලින්ම සියලුදෙනාම ඒ කරුණ ගැන අවධානය යොමුකලයුතුයි. විශේෂයෙන්ම පරිසර වේදීන්. අපේ ජගත් ගුණවර්ධන නීතිඥ මහත්මයා තමයි මේ නීති ගැන හොඳටම දන්නේ. මේ පිටුවෙන්ම අපි ...මේ අවුරුද්දේ පමණක් කී වතාවක් සත්ව හිංසනයට විරුද්ධව කෑ ගහලා තියෙනවාද. කොයි තරම් වාරයක් ලෝකෙටම හොරෙන් කඳුළු හලලා ඇතිද. කියන්නත් කනගාටුයි අපේ රටේ බහුතරයක් ජනතාව මේ වන සතුන් සහ මිනිසා අතර ඇති ගැටුමේ මුල ,හරි හැටි හඳුනාගෙන නැහැ. එසේත් නැතිනම් ඒ අය ඒ "තිත්ත ඇත්ත" අසන්නට කැමති නැහැ.

:       1       302

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 10:37 AM

පුඩු අයින් කරනවා යයි වනජීවි එකෙන් කීවත්, එය සැමදා කළ හැකි දෙයක්ද? සිදුකළ යුත්තේ පුඩු තබන එක වැළැක්වීම නොවේද? දිවියා සැරිසරනුයේ රාත්‍රී කාලයේදීය. රාත්‍රී කාලයේදී මිනිසුන් නින්දේය. එබැවින් දිවියාගෙන් නිදාගන්නා මිනිස්සුන්ට හානියක් නැත. සිංහරාජයේ අප අතර වූ දිනක එළියේ නිදාසිටි සුනඛයා මධ්‍යම රාත්‍රියේ පැමිණි දිවියා ගෙනගොස් තිබුණි.. එහෙත් දිවියාට කෑමට මිනිසුන් එළියේ නිදාගන්නේ නැත. පුඩු තබන්නේ අනිවාර්යයෙන්ම දිවියන් අල්ලා ගැනීමට නොවේද? හොඳින් රැකසිට මේ පුඩු තියන්නන් ඇල්ලීම කළ යුතු නොවේද? ඔවුන් නීතිය හමුවට එසේ අල්ලා ඉදිරිපත් කළ යුතු නොවේද? මෙසේ කළහොත්, පිටපිට එසේ සිදුවන විට ඔවුන් එයට බියවී ඉබේම පුඩු තැබීම නතර වී යනු ඇත. එහෙත්, එසේ නොකර ඔවුන් පුඩු තැබීමෙන් පසුවන සතුන් ඒවායෙහි හිරවීමෙන් පසු කරන බේරාගැනීම නොකළ යුත්තක් නොවේද? සිදුවිය යුත්තේ පුඩු තබන්නන් එසේ තබන වෙලාවේදීම අත්අඩංගුවට ගැනීම නොවේද?

:       0       60

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1072 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6648 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3643 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 307 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1532 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28672 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site