(රෝෂන් තුෂාර සහ ඉන්දිකා රාමනායක)
"ට්‍රෙරෙඩ්වින් "නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කර ජනතා මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සැකයට තවත් "සක්විත්තෙක්"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගැනිණි.
මෙසේ අත්අඩංගුවට පත් වූයේ වසර තුනක් සැඟව සිටි ගලින්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ජාලගත විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.
සැකකරු උපාධිධාරියු, ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති සැකකරු දකුණු පළාතේ ප්‍රධාන ප්‍රසිද්ධ විහාරස්ථානයක බස්නායක නිලමේවරයා ලෙසද කටයුතු කර ඇත.
එම කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවී මත පොලිස් අධිකාරි අනුරපේමරත්න,ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව විජේසේන,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් වීරසේකර,උප පොලිස් පරීක්ෂක තිවංක සනත් ඉදිරිසිංහ සහ පොලිස් කොස්තාපල් ( 93012) ලහිරු,පොලිස් කොස්තාපල් ජයරත්න,රණසිංහ,බණ්ඩාර සහ මහෝදා නිලධාරිනීන් මෙම මෙහෙයුමට එක් වී ඇත.
මොහුගේ පිරමීඩ ජාවාරමේ මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන් වෙතොත් ඒ එම පුද්ගලයන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාලගත විමර්ශන ඒකකය දැනුම් දී සිටින අතර ඔවුන්ගේ රහස්‍යභාවය රැකීමට ද එම කොට්ඨාසය පියවර ගැනීමට සූදානම් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තවත් පිරමීඩ ලොක්කෙක් මාට්ටු
Ruwan Saturday, 27 January 2024 04:15 PM
අනිත් වංචාකාරයො තමයි ප්ලාන්ටේශන් කාරයෝ. සමහර ප්ලාන්ටේශන්ස් තියනවා, ඔවුන් වැනිලා වගාවට අරගෙන තියන ආයෝජන දිහා බැලුවහම මැඩගස්කරයටත් වඩා ශ්‍රී ලංකාවේ වැනිල වගා කරල තියෙන්න ඕනේ. මේ වංචාවන් ඉක්මනින්ම හොයල බලන්න ඕනේ... තව විශාල මිනිසුන් ප්‍රමාණයක් මේ වංචාවට අහුවෙන්න කලින්...!
Manoj Manjula Bibulawela Saturday, 27 January 2024 06:03 PM
නොවටින ඉඩමක ඔප්පුවක් ඇපයට තියා, වගා කටයුතු සඳහා යැයි මුදල් ආයෝජන ලබා ගන්නා තක්කඩි සමාගම් ද රාශියක් ඇත.
නදිනි ගනේගොඩ Sunday, 28 January 2024 01:26 AM
ලංකාවේ මෙහෙම දේවල් නිතරම වෙනබව මිනිස්සු දන්නා නමුත්.. නිතරම වන්චා වලට අහුවෙන එක තමා පුදුමේ...!
හේරත් Sunday, 28 January 2024 08:40 AM
අසරණ මිනිස්සුන්ව රවටන මේ වගේ හොරුන්ට නම් සමාවක් දෙන්නම හොඳ නෑ. මිනිස්සු කොච්චර අසරණ වෙනවාද මේ වැඩ නිසා. කෝටි 500 ක් විතර හොරකම් කරනකන් මේගැන හොයාබලීමක් කරලා නෑනේ...
Nimal Sunday, 28 January 2024 09:01 AM
රැවටී සුවහසක් බොරුකාරයින් හට... පාඩම් ලබා නැහැ යුග යුග ගණන් සිට... තවමත් පාඩම් ඉගෙන ගෙන නැහැ. එන එන බොරු කාරයින්ට රැවටෙනවා. මේ අයගේ ක්‍රියාමාර්ග බොහෝදුරට සමානයි. පසුව එන තැන්පත්කරුවන්ගේ මුදල්වලින් මුල් අයගේ පොලිය ගෙවනවා. මාස කීපයක් යනවිට පොලිය ගෙවන්න ක්‍රමයක් නෑ... එවිට පැනලා යනවා.
nimal Sunday, 28 January 2024 11:06 AM
තණ්හාය ජායතී සෝකෝ එයාට මුකුත් වෙන්නේ නෑ. ඔහු ටික කලකට පසු හිරෙන් නිදහස් වනු ඇත. සල්ලි තැන්පත් කරපු මිනිස්සු දුක් වින්දා. රජයේ පොලීසියට හෝ රටේ නීති පද්ධතියට දොස් පැවරීමෙන් ඵලක් නැත. තණ්හාව පුද්ගලයාටත්, සමාජයටත් දුක් උපදවයි. නොයෙක් කරදර, හිරිහැර පමුණුවයි. මෙම තණ්හාව නිසාම රැස් කරගත් ධනය ඇතැමුන් ආරක්ෂා කරනුයේ නිධානයක් රකින නාගයන් සේය. ඔවුහු වස්තුව තමාගේවත්, අනුන්ගේවත් යහපත සඳහා යොදා නොගනිති. කොපමණ ලැබුණත්තෘප්තියකට පත් නොවෙති.
Nandana Sunday, 28 January 2024 02:01 PM
හොර හැත්ත... මේ අය තමයි පැජරෝ, ප්‍රාඩෝ, වී8, ලෑන්ඩ් රෝවර් වගේ වාහනවල යන්නේ...
රොෂාන් Sunday, 28 January 2024 03:56 PM
ඔව් ඔය ගියේ v8 එකේ එක්කෙනෙක්...
හසිනි Wednesday, 20 March 2024 08:55 PM
අනේ මේ වගේ තව අය ඉන්නවා.කවුරුත් උදව් කරන්නැහැ. සමහරක් ආදරෙ පාවිච්ච් කරලා සල්ලි කඩගන්නවා.ඊටපස්සෙ බ්ලොක් කරනවා.ජීවිතය තිත්තයි අවංක වෙලා අහු වුණාම