( සුමිත් පොතුපිටිය , උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ගයාන් සුරියආරච්චි)
නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.
රත්නපුර, කලවාන ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් වාහන එකලස් කර කූඨ ලේඛන සුඛෝපභෝගී වාහන අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම් දෙකක් වැටලීම කර වාහන කලවාන පොලිසියට ඉදිරිපත් කර තිබේ .
එම වාහන වල චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටා වෙනස් කර ඇති බවත්, කූඨ ලේඛන සකසා ලියකියවිලි වෙනස් කට ඇති බවත් පොලිසිය කීය.
ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීමට ප්‍රශ්න කිරීමේදී ක්ලාන්ත ගතියෙන් බිම ඇදවැටී රත්නපුර රෝහලට ඇතුලත් ඇති බවද පොලිසිය සදහන් කරයි.
මෙසේ වාහන නීති විරෝධී අන්දමින් එකලස් කිරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බැවින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් සිදුකරන බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සදහන් කරයි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
de silva Monday, 03 February 2025 11:47 AM
මිනිස්සු ඔය කියන කුට ජාවාරම් වලට යොමු වෙන්නේ වාහන වලට අසාමාන්‍ය විදිහට බදු ගහන නිසාය ,අද ලංකාවේ වහනයක් ගන්න එක්කෝ හොරකම් කරන්න ඕනේ එහෙම නැතිනම් පිනට ලැබෙන්න ඕනේ , සාමාන්‍ය රක්ෂාවක් කරලා වාහන ගන්න එක බොරු
ගුණරත්න Monday, 03 February 2025 12:15 PM
ඔවු සාමාන්‍ය කාර් එකක් කෝටියක් විතර වෙනකොට රුපියල් 50,000 බේසික් එකක් ගන්න මනුස්සයෙක්ට වාහනයක් ගන්න එක හීනයක්, අඩුම ගානේ ඉන්දියන් මෝටර් සයිකල් එකක්වත් ගන්න අමාරුයි.
Nalin WanisekaraMonday, 03 February 2025 03:40 PM
50000 ක පඩියක් අරගන වාහන ගන්න බෑ වාහන ගන්න නම් අඩු තරමේ ලක්ෂ 2 ක වත් වැටුපක් තියෙන්න ඕනෙ. ලක්ෂ දෙකක වැටුපක් නිකන් මිනිහෙකුට දෙන්නෙ නෑ. එක්කො හොදට ඉගන ගන්න ඕනෙ. නැත්තම් මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ. දැන් ඔය යුරෝපෙට යන මිනිස්සු කොච්චර මහන්සි වෙනවද සල්ලි හොයන්න ඒ ගොල්ලෙ දවසට පැය 16 විතර වැඩ කරල තමයි එහෙ හොද ජීවිත ගත කරන්නෙ.
SiriTuesday, 04 February 2025 06:44 AM
හැමදාම බෑ බෑ කිය කිය හිටියොත් බෑම තමා. ලංකාවෙම පොඩි වාහන හදන්න අඩුවට හදන්න සුළුවෙන් හරි පටන් ගන්න ඕන.
udaya Monday, 03 February 2025 01:10 PM
මේවා තව ඉස්සහරට දෙගුණ තෙගුණ වෙයි බජට්ම වාහනයකුත් කෝටියක් විතර වෙනකොට සාමාන්‍ය මිනිහෙක්ට ජොබ් එකක් කරලා ජීවිත කාලේදී වාහනයක් ගන්න බැහැ. ඉදිරියේදී ඉන්දියාවෙන් වාහන කොටස් බෝට්ටු වලින් ගෙනත් ලංකාවේ එකලස් කරලා දුවන්න ගන්න ඉඩ තියෙනවා. වාහන වල අධික මිලෙත් සීමාවක් තියෙන්න ඕනෑ...
Wahana hora Monday, 03 February 2025 01:25 PM
අන්තිම පින්තූරේ තියෙන සුපිරි වාහනේ තමයි වැඩිම වටින්නෙ.
යෝගා Monday, 03 February 2025 01:38 PM
පොලීසිය වාහන පස්සේ විතරක් එලවන්නේ පාතාලයයි කුඩු මුදලාලිලයි ඇමතිලගෙ සාක්කුවල නිසාද? මිනී මැරුම්, මත්ද්‍රව්‍ය වැහිවැහැලා. ෆේල් ආණ්ඩුව ඇස් කණ් පියාගෙන ඉන්නවා.
ලක්විදු Monday, 03 February 2025 04:26 PM
මේකෙ කමෙන්ට්ස් දාන සම හරක්ට තේරෙන්නෙ නෑ හොරැ සහ හොර බඩු ඇල්ලීම පොලීසියෙ වැඩක් මිස ආණ්ඩුවෙ වැඩක් නෙවෙයි කියල. එකම වෙනස කලින් ආණ්ඩු පොලීසියට නිදහසේ ඒක කරන්න දුන්නෙ නෑ, මේ ආණ්ඩුව ඒකට බාධා කරන්නෙ නෑ. මෝඩකමද කුහක කමද මන්දා..?
රම්සි Monday, 03 February 2025 08:22 PM
මේ යෝගා කියන මනුස්සයගේ කමෙන්ට්ස් මම දකිනවා. මොකක්හෝ යම්කිසි බුද්ධි වර්ධනයේ අඩුවක් තියන බව පේනවා.