IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තවත් සිසුවියක් පැහැරගෙන යන්න හදලා

( ප්‍රසාද් රුක්මල් )

බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක 6 වසරේ ඉගෙනුම ලබන 10 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක වෑන් රථයක දමාගෙන පැහැරගෙන යාමට ගත් උත්සහයක් ව්‍යර්ථ වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට  පරික්ෂණ කටයුතු ආරම්භ කළ බව බණ්ඩාරවෙල පොලිසිය අද (21) පැවසීය .

බණ්ඩාරවෙල  දුහුල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක 6වසරේ ඉගෙනුම ලබන බාලවයස්කාර පාසල් දැරියක මෙසේ වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන යාමට සූදානම් වී ඇතැයි පොලිසිය පපවසයි .

සිසුවිය පාසල නිමවී 19 වන දින  තනිව පාසල් බස්රථයට යාමට සීවලි මාර්ගය ඔස්සේ පාගමනින් යමින් සිටියදී පාසලේ සිට මීටර් 500ක පමණ දුර ග්‍රේන්ජ් ස්ටෙප් පඩිපෙළ ආසන්නයේ දී සුදු පාට කේඩීඑච් වර්ගයේ වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබි ඇත.

 කලුපාට ලේන්සුවකින් මුහුණ ආවරණය කරගෙන සිටි තරුණයකු වෑන් රථයෙන් බැස සිසුවිය අසලට පැමිණ අම්මා අසනීප වී රෝහලේ නතර කලා. ඔයාට මේ චොක්ලට් එක දීලා ඔයාව වෑන් එකේ එක්ක එන්න කීවා කියා ඔහු සිසුවියට පවසා ඇති බවත් පොලිසිය සදහන් කලේය .

අම්මා මල්ලි ඉගෙනුම ලබන පාසලට යන බව පෙරදින සිසුවියට මව පැවසු බව සිහිපත් වී ඇති බවත් , ඒ සමගම බියට පත්වූ සිසුවිය පඩිපෙළ ඔස්සේ දිවවිත් බණ්ඩාරවෙල නගරයේ හදුනන රන්භාණ්ඩ අලෙවි කරන සාප්පුවකට ගොස් බේරි ඇතැයි ද පොලිසිය කීය .

පසුව සිසුවිය මව සමඟ පැමිණ පොලිසියට පැමිණිලි කළ බවත් , එම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විශේෂ පොලිස් කංඩායම් යොදා පරීක්ෂණ කටයුතු සිදු කරන බවද උසස් පොලිස් නිළධාරියකු සදහන් කර සිටියේය.

විශේෂයෙන් පාසල් අසලදී මෙන්ම නගරයේ , මාර්ගවලදි  පැමිණ විවිධ දේ පවසමින්  කතා කරන නාදුනන පුද්ගලයන් සමඟ කතාවට නොයන ලෙසත් ඔවුන් කෑමට දෙන චොක්ලට් ,ටොපි බිස්කට් ,වැනි විවිධ ආහාර වර්ග නොකන ලෙසත් බීමට දෙන බීම වර්ග පානය නොකරන ලෙසත් පොලිසිය පාසල් සිසු සිසුවියන්ගෙන් ඉල්ලයි  .

 

 



අදහස් (4)

තවත් සිසුවියක් පැහැරගෙන යන්න හදලා

දාස Sunday, 21 May 2023 01:03 PM

මේකත් අර පාසැල් ලමුන්ගෙ බෑග්වල අයිස් හෙවුවා මතකද , හැම ඉස්කෝලයක් ලගම. පත්තරවල , ටී වී වල දිගට හරහට. එක පාරටම අයිස් අනතරස්දාන වුනා . මෙකත් මුන් ගෙ ඇන්දීමක් , කලබල නැතිව බලා ඉදිමු

:       0       2

Aruna Manipura Sunday, 21 May 2023 01:14 PM

මොකක්ද මේ රට? ඊනියා නීතිය හා සාමය කොහෙද? වැඩකට නැති දූෂිත දේශපාලකයින් ආරක්ෂා කිරීම හැර පොලිසිය කරන්නේ කුමක්ද? මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       0

anton Sunday, 21 May 2023 01:57 PM

කලින් කිව්වේ එහෙම දෙවල් නෑ කියලා බොරු ම කියන රටක්

:       0       1

Thusit Monday, 22 May 2023 06:18 AM

මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site