IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් කෝටි 34 ලැබෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට ලබාදී ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීහු කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

කාර්ය මණ්ඩල එකඟතාවයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ සහ කළමණාකාරිත්වයේ අනුමැතිය ලැබුණු පසු ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලෙස තවත් ඇමෙරිකානු ඩොලර් කෝටි 34 ක මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

කාර්ය මණ්ඩල එකඟතාවයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.පළමු පියවර ලෙස ශ්‍රී ලංකාව මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කළ යුතු බවත් දෙවැනි පියවර ලෙස ශ්‍රී ලංකා බලධාරීන් දෙවැනි සමාලෝචනයේදී එකඟවූ කැපවීම් ක්‍රියාත්මක කළ යුතු බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවැසුවේය.

 



අදහස් (8)

තෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් කෝටි 34 ලැබෙයි

Victor Thursday, 21 March 2024 08:30 PM

ඇමෙරිකානු ඩොලර් 337 ක මුදලක්...! 

:       2       0

chandima Thursday, 21 March 2024 08:57 PM

පරණ වාරික වලින් කරපු වැඩ ගොඩට දාන්න අමතක වුණා. ඉන්දියාවෙන් බිත්තරත් ගෙනාවනේ ඒ සල්ලිවලින් නේද? මේ වාරිකයේනුත් බිත්තර ගෙනාවද?

:       0       1

manumi wathsandi harshadeva Friday, 22 March 2024 03:57 AM

ඇමෙරිකානු ඩොලර් කෝටි 34 ක මුදලක්... බොරු කියන්න එපා යකෝ. ඉස්සෙල්ලා ගණන් ඉගෙන ගන්න...

:       1       4

පැරකුම් Friday, 22 March 2024 04:51 AM

අනේ ඉතිං අපේ අනාගත දරු පරපුර මේ ණයටත් කරගහවි.

:       0       5

Pankumburage Friday, 22 March 2024 05:09 AM

දැන් ඉතිං ඒක චන්දෙට දොල පිදේනි දෙන්න ගනීවි . තවත් ණයක්‌ එකතු උනා විතරයි. ආර්ථිකය ශක්තිමත් කියලා බෙරිහන් දෙයි.

:       0       7

Perera Friday, 22 March 2024 07:45 AM

මේවා ආපසු ගෙවිය යුතු ණයද නැතිනම් ගෙවීමට අවශ්‍ය නැති පිනට ලැබුණු සිඟමන්ද ?

:       0       3

සෙනෙවිරත්න Friday, 22 March 2024 07:55 AM

විදේශ රැකියා සහ ණය හැර රටට ඩොලර් ගේන්න කරන දීර්ඝකාලීන වැඩපිළිවෙළ කුමක්ද?සංචාරක ව්‍යාපාරය ගැන පුරසාරම් දොඩන්න මේ පාලකයන්ට අයිතියක් නැහැ මොකද ඒක තම තමන් ස්වයංව නැගිටීමක් මිස රජය කරපු සහන නිසා නෙවෙයිි විදුලිබිල වැඩිකරන්නෙ උදව්වටද?

:       1       10

sarathFriday, 22 March 2024 01:29 PM

විදුලි බලය ජනනය කිරීමට යන පිරිවැය පාරිභෝගිකයා දරන්නේ නැත්නම්, වෙන කව්ද ඒක ගෙවන්නේ?

:       2       5

ඔබේ අදහස් එවන්න

දියත

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 66 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 569 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 628 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 255 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 710 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1977 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site