IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


‘තව අවුරුදු දෙකක් යනතුරු වාහන ගෙන්වන්නේ නෑ‘

(සුජිත් හේවාජුලිගේ )

තව වසර දෙකක් යනතුරු මෙරටට වාහන ආනයනය  නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය .

රටේ ආර්ථිකය ස්ථාවර තත්වයකට එනතුරු අපහසුවෙන් වුව එවැනි තීන්දු වලට යෑමට සිදුවන බව කී රාජ්‍ය ඇමතිවරයා කොවිඩ්  වසංගතය හමුවේ  රට ඉදිරියට ගැනීමට සෑම දෙනකුම කැපවීම් කළ යුතු බවද  සඳහන් කළේය.

පසුගිය යහපාලන රජය සමයේදී වාහන ආනයනයට අසීමිත බදු සහන ලබා දීම නිසා දේශීය වාහන කර්මාන්තය විශාල වශයෙන් බිඳ වැටුණු බවද   ඔහු පැවසුවේය. 



අදහස් (13)

‘තව අවුරුදු දෙකක් යනතුරු වාහන ගෙන්වන්නේ නෑ‘

Cisco Sunday, 27 June 2021 11:27 AM

මේ තීරණේ මැතිඇමතිතුමාලාටත් අදාල විය යුතුයි. අපි එහෙම නම් හවතින්ම එකඟයි..

:       0       26

MO77 Sunday, 27 June 2021 11:27 AM

පසුගිය යහපාලන රජය සමයේදී වාහන ආනයනයට අසීමිත බදු සහන ලබා දීම නිසා දේශීය වාහන කර්මාන්තය විශාල වශයෙන් බිඳ වැටුණු බව. දේශීය වාහන කර්මාන්තය කෝ...?

:       0       37

Sri Lanka Sunday, 27 June 2021 12:59 PM

අපි සතුටින් හිටියා ... වාහන ගෙන්වීම නතර කරලා ලංකාවේ හදයි කියලා. එතකොට සාධාරණ මිලකට හැමෝටම ගන්න පුළුවන් කියලා. ඒ වුණාට ඒකේ අනික් පැත්ත දැන් වෙලා තියෙන්නේ. හරියට කහ වගේ... කළින් රුපියල් 500ට තිබුණේ... කිලෝ එක... දැන් 5000ක් වෙලා.. හැමදෙයක්ම අසමත්...

:       0       151

fairoos Sunday, 27 June 2021 01:09 PM

ඔබතුමාලත් දේශිය වාහන නේ පාවිච්චි කරන්නේ

:       0       59

උදාර Sunday, 27 June 2021 01:34 PM

යහපාලනය නෙමේ යමපාලනය කාලෙදී වුණත් සාමාන්‍ය මිනිස්සුන්ට නම් අසීමිත බදුසහනවත් අඩුවට වාහන හම්බ වුනේවත් නැහැ. හම්බවෙච්ච අය ඉන්නවා නම් පොඩ්ඩක් දැනුවත් කරන්න..

:       1       43

Akila Sunday, 27 June 2021 01:43 PM

යහපාලන සමයේදී වාහනවල තිබිච්ච බදු දෙගුණයකින් විතර වැඩි කළා මිස අඩුකරපු බවක් නම් මතක නැත. මේ ඇමතිතුමා මොනවද මේ කියන්නේ...?

:       0       43

විජේ Sunday, 27 June 2021 01:53 PM

අනේ නිකං බොරු නොකිය යන්න අමුඩගම, 226ට ගත්ත ඒවා කාටත් හොරෙන් එයි අගේට... බොරු කීම කලාවක් නම් රාජපක්ෂවරු එහි පිකාසෝලා වෙති. ඇදගෙන නෑම කලාවක් නම් ලාංකික අපි එහි පිකාසෝවරු වෙති.

:       0       174

pakeer Sunday, 27 June 2021 04:51 PM

මේක හරි සරලයි.. හම්බ කරන ගාණට වඩා වියදම් කළොත් ඕන කෙනෙක් බංකොළොත්... ලංකාවට වෙලා තියෙන්නේ ඒක...

:       0       1

ගමේ එකාලා Sunday, 27 June 2021 05:22 PM

අමුතුවෙන් කියලා ආයේ ගෙන්වන්න දෙයක් නැහැනේ. ඕනකරන උදවිය කවුරු කවුරුත් මේ වෙනකොට සැපවාහන ගෙනැල්ලා ඉවරයිනේ...

:       0       0

nawmi Sunday, 27 June 2021 05:36 PM

ඉස්සෙල්ලාම පුතාණෝ රජකරලා ඊට පස්සේ ලැම්බෝගිනි ගෙන්වන්න නේද ඔය සැලසුම ගහන්නේ.. හොඳයි කාලා වරෙන්කෝ...

:       0       0

චමිල සමරවීර Sunday, 27 June 2021 06:58 PM

ලක්ෂපතියන්ට වාහන ගන්න මුදල් තිබුණාට අපට සල්ලි නෑ දේශීය වාහන කර්මාන්තය නගා සිටුවා තම අතේ මුදලට වාහන ගත්තට කමක් නැත. එය නගා සිටුවනවා කියා වාහන ගෙන්වීම නැවැත්වීම ජනතාවගේ අයිතිය උදුරා ගැනීමකි. කහවලට වුණු දෙයම තමයි වෙන්නේ. පොහොර වලටත් ඒකමයි වෙන්නේ. එකපාරටම මෙය කිරීම සාමාන්‍ය ජනතාවට කරන අසාධාරණයකි. හැම දෙයටම හරි වැඩ පිළිවෙළක් තිබිය යුතුයි.

:       0       23

Aruna chandana Sunday, 27 June 2021 09:33 PM

ඒ්ක දන්නැ කට්ටය ඒකතු වෙලා වාහන කලින් ගෙනාවේ

:       0       0

sharm warn Monday, 28 June 2021 04:17 PM

සල්ලි විසි කරලා ඇමැතිකම් ගත්තාම ඔහොම කතා කියන්න තමයි දන්නේ. මේ අය මොනවද දේශපාලනය ගැන දන්නේ? ඔක්කොම කුණු පසුගිය ආණ්ඩුවට දාලා මෙතන වැලළෙන්න හදනවා. එහෙනම් අප්‍රේල් මාසේ සුපිරි වාහන 227ක් ම ගෙන්වන්න වැඩ පටන් ගත්තේ... සාමාන්‍ය ජනතාවට වැඩට යන්නද? ලියලා දුන්නු දෙයක් ඔහේ කියවනවා. මොලේ කළඳක් නැති බව තමයි ප්‍රදර්ශනය කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 847 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 410 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 309 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1306 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1661 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1719 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site