IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


’’තව 40000ක් ඊශ්‍රායල් රැකියාවලට යවනවා’’

(අංජුල මහික වීරරත්න)

ශ්‍රි ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතු වලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් මුස්ලිම් ජනතාවගේ ජන්ද ලබාගැනීමේ අරමුණෙන්, ශ්‍රි ලංකාවේ තරුණයින්ගේ අනාගතය බිල්ලට ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය . 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

"ඊශ්‍රායල් රස්සා නැති කරන්න මේ උත්සහ කරන්නේ.  අපි සැලසුම් කරලා තියෙනවා 40000 ට අධික පිරිසක් ඊශ්‍රායලයේ වැඩි වැටුප් සහිත රැකියාවලට යවන්න. එහෙම ගියාම සාර්ථක ව්‍යාපාරිකයින් විදිහට අපේ ගම්වල තරුණයින්ට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (16)

’’තව 40000ක් ඊශ්‍රායල් රැකියාවලට යවනවා’’

සුධීර Wednesday, 15 May 2024 05:10 PM

ඊශ්‍රායල රැකියා එක් පුද්ගලයෙක්ගෙන් ලක්ෂ 22 ත් 25 ත් අතර අය කරගෙන විකුණනවා...! 

:       8       34

Achini Wednesday, 15 May 2024 05:39 PM

කට්ටියට ලංකාවේ ජොබ් දෙන්න බැරි හින්දා මහ ලොකුවට කියනවා ඊශ්‍රාෙයල් වලට තව 40000ක් යවනවා කියලා. ඔවුන් දුක් විඳලා යවන සල්ලි වලිනුත් මොවුන් හොරාකන එක තමයි කරන්නේ...!

:       14       42

Bernard DHARMATILEKE Wednesday, 15 May 2024 05:46 PM

මේ මනුස්සයා යුදෙව්වෙක්ද? මිනිස් ජීවිත ඩොලර් වලින් මනින්න එපා... ඔයා ගිහින් බලන්න යුදෙව්වා තවත් මිනිසෙකුට කරන්නේ අයුක්ති සහගත දේවල්... යුදෙව්වන් මිහිපිටින් තුරන්වන දවස් සොබාදහමින් තීරණය කරන දවස වැඩි දුර නෑ...

:       45       12

Prabha Wednesday, 15 May 2024 05:54 PM

තාම පුරවැසියන්ගේ ජීවිතවලට වගකියන රටවල් ඊශ්‍රායලයට රැකියාවලට යවන එක නතර කරලා තියෙන්නේ. ඒකට ලංකාව...!

:       26       25

NIMALWednesday, 15 May 2024 08:47 PM

රට ඉතාම ආරක්ෂිතයි... ඒ ගැන බියවෙන්න එපා... ඇවිත් බලන්න

:       4       28

chandima Wednesday, 15 May 2024 06:42 PM

යවනවා කියන්නේ ටිකට් අරන් දීලා වියදම් දීලා යවනවද? ඒ යවන තැන්වල ඒජන්සියෙන් දෙන ගාණ ගන්නේ කවුද?

:       0       0

chandima Wednesday, 15 May 2024 06:42 PM

මිනිස්සු කුලී වැඩට යවන්න ආණ්ඩුවක් ඕන නැහැ නේද?

:       0       0

සෝමේ Wednesday, 15 May 2024 06:53 PM

ඇයි මචං ලංකාවේ ජොබ් හදන්න බැරිද?

:       0       0

විජිත් Wednesday, 15 May 2024 07:15 PM

මේකා අමු පිස්සෙක් !!! කකුළුවා වතුර හැලිය රත්වෙනකම් ජොලියේ පිහිනනවාලු. ඔහොම යමු තව මාස කිහිපයක්.. මේකාව මහපාරේ සම්බෝල හදන්න වටිනවා..

:       3       7

Kumara Wednesday, 15 May 2024 08:29 PM

තරුණයන් යවන එක නවත්වන්න එපා

:       1       18

Bandara Wednesday, 15 May 2024 10:21 PM

ඊයේ පුතානෝ පාර්ලිමේන්තුවේ පලස්තීන සාටකේ පොරවාගෙන නෙතනියාහු ට තග දාපු හැටි මතකද. මේ වගේ අමන ක්‍රියාවන් නිසා අපේ තරුණයන් ට රැකියා අහමි වියහැක.

:       2       7

T.Dmanjula. Thursday, 16 May 2024 12:37 AM

අපට ජීවිතේ නැගිටින්න පාර කියන රට ඊශ්‍රායලය .අනේ දෙවියනේ ඒ මග නැති කරන්න එපා.අපි ඒ රටට යන්න හීන මව මවා ඉන්නේ අපේ පවුල ගොඩ දාගන්න .මනූෂ මහත්තයෝ .අපිව ගොඩ දාලා දෙන්න.ඔයාට ඒ පිනම ඇති නිවන් දකින්න .පාලිත තෙවරප්පෙරුම මහතා ඉටු කල සේවය වගේ දෙයක් කරන්න පුළුවන් මනූෂ සර්ට විතරයි

:       2       3

de silva berlin Thursday, 16 May 2024 03:26 AM

ඊශ්‍රාලය මොන වෙලාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවෙවිද දන්නේ නැහැ , එහෙම දෙයක් වෙලා ශ්‍රමිකයන්ට තුවාල වුනොත් , උන්හිටි තැන අහිමි වුනොත් ඔවුගේ ජිවිත ආරක්ෂාව සලසන්න , හදිසි වෙලාවක ඔවුන් ලංකාවට ගෙන්වා ගන්න මේ ගොල්ලන්ට කිසිම වැඩ පිළිවෙලක් නැහැ , කොරෝන වියසනේදී මැද පෙරදිග ශ්‍රමිකය අතරමන් කළ ආකාරය අපි සියලුදෙනාම දැක්ක , නිරෝධායන හොටලේනුත් ශ්‍රමිකයා ගසාකන බව මුළු රටම දුටුවා , යන කෙනෙක් තමන්ගේ ජීවිතාරක්ෂාව තමන් විසින්ම සලසා ගන්න බලාගෙන යන්න , හදිසි අවස්ථාවක රජයෙන් නම් කිසිම උදවුවක් බලාපොරොත්තු වෙන්න එපා , තානාපති කාර්යාලවල දොරත් පුරවැසියාට වහල දමනවා මේ නිලධාරීන් ,

:       4       5

Perera Thursday, 16 May 2024 04:00 AM

ඔය බුරුතු පිටින් රට අරින මිනිස්සුන්ගේ රටට ඵලදායි වැඩක් ගන්න රට ඇතුලේ ව්‍යාපෘති අරඹන්න මෙයාලා දන්නේ නැ

:       1       4

Rata Perata Thursday, 16 May 2024 12:00 PM

ඔච්චරම හොඳ නම් තමුන් යන්නේ නැත්තේ මොකද? ගිහිල්ලා අවුරුදු 2 ක් විතර ඉදලා හම්බකරගෙන එනවකෝ..

:       0       1

Idu Friday, 17 May 2024 08:18 PM

ඔයාලගේ ආණ්ඩුවට පුළුවන් නම් මේ රටේ මිනිස්සු ප්‍රී රට යවන්න. ඔයාලා කරන්නේ මේ මිනිස්සු බැංකුවලට ණය කරලා රට යවලා ගේමක් ගහගන්න එකනේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 621 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 508 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 124 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1748 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site