IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


තුෂාන් ගුණවර්ධනගෙන් පැය තුනක් ප්‍රකාශ සටහන් කරගනියි

(නිමන්ති රණසිංහ සහ මුදිතා දයානන්ද ) 

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සහ පුවත්පත් වල පළ වු කතු වැකි කිහිපයක් පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් අද (08) පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (08)  දහවල් දොළහට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 2  හි පෙනීසිටි ගුණවර්ධන මහතා ප්‍රකාශ ලබා දීමෙන් පසු පස්සට තුනයි තිහට පමණ ඉන් පිට වූ බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ .

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සහ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් වන සිද්ධීන් දෙකට අදාළව ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ .

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව ලංකාදීප දහයිලන්ඩ් සහ දිවයින පුවත්පත්වල පළවූ කතුවැකි සහ පෞද්ගලික වෙබ් නාලිකාවක ප්‍රචාරය වූ මාධ්‍ය සාකච්ඡාවකට අදාළව මෙම ප්‍රශ්න කිරීම් සිදු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට නොහැකි බවට ගුණවර්ධන මහතා සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.



අදහස් (6)

තුෂාන් ගුණවර්ධනගෙන් පැය තුනක් ප්‍රකාශ සටහන් කරගනියි

De Friday, 08 October 2021 07:00 PM

රංජා වගේ මෙයත් ඇතුළට යයිද මන්දා අන්තිමට... මොකද නීතිය හැමෝටම එකයි.

:       2       16

chandanaSaturday, 09 October 2021 10:49 AM

කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතිව පාට කණ්ණාඩිවලින් විවේචන ඉදිරිපත් කරන්න එපා. භාෂණයේ නිදහස අවභාවිතා කරන්න එපා. රංජා අධිකරණ විනිසුරුවරියක් සමගයි, පොලිස් නිලධාරියකු සමගයි එකතුවෙලා කෙනෙකු අපරාධකාරයකු කිරීමට උත්සාහ කරපු බව හඬපට අහපුවාම සාමාන්‍ය ජනතාවට පැහැදිලිව පෙනෙනවා. ඒ වගේම ඒ කෙනාව අපරාධකාරයෙක් කරන්නම ඕනෑ වුණු කෙනා සමග කරපු නොසරුප් වදන්වල හඬපට වලින් ඒක තවත් තහවුරු වෙනවා. තවත් ලැජ්ජා නැතිව කාඩ්බෝඩ් වීරයින් මවන්න එපා. වරක් එක් නීතිඥ මහතෙකු ස්ත්‍රියකට එරෙහිව කළ අපරාධයකට ඔහු වෙනුවෙන් පෙනී සිටි ආකාරය ගැන පැහැදිලි කළා. සියල්ල දැනගෙන අදහස් දාන්න. නළුවාගේ රස්සාව රඟපාන එක. ඒත් සැබෑ ජීවිත වෙනස්...

:       2       1

sena Friday, 08 October 2021 10:23 PM

රජයේ ආයතන තුල වසර ගණනාවක් පවතින දුෂණය නැවත්වීමට එකම විසඳුම ඉදිරි මහ මැතිවරණයේදී (අලුත් ලේ )අවංක කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවීමෙන් සහ රජයේ සියලු ආයතන දේශපාලනයෙන් මුදාගැනීම කළහොත් පමණි

:       0       0

දාස Saturday, 09 October 2021 04:55 AM

ඇමතියො දෙන්නම දාර හොරු. මුන් දෙන්න යටතෙ මහත්තයෙක් වන ඔබ තුමා කොහොම කටයුතු කලාද කියන එකත් ප්‍රශ්නයක්.

:       0       1

sarath perth Saturday, 09 October 2021 05:25 AM

නීතිය තිතට ක්‍රියාත්මක වනවා සතුටුයි. හැබැයි අන්තිමට හොරු ආරක්ශා වේවි. වැඩිය කථා කරන නිසා අවුරුදු කිහිපයක් ඇතුලෙ ඉන්න වේවි.

:       0       1

janathirana Saturday, 09 October 2021 09:28 AM

අපි මේ අය ඔක්කොම එළියට දානවා නැවතත් ඇතුළට බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 583 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4069 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1570 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 643 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3803 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2830 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 321 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site