(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා මේ සභාවේදී පෙර දිනෙක තමාටත් සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ බිරිඳවන ජලනි ප්‍රේමදාස මහත්මියටත් අපහාසවන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කළ හෙයින් ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළාය.
ඇය මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
තමාටත් ජලනි ප්‍රේමදාස මහත්මියටත් අපහාස වන ආකාරයෙන් කළ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසද ඇය ඉල්ලීමක් කළාය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ අපහාසාත්මක ප්‍රකාශය ගැන ඒ අවස්ථාවේදී මුලසුනේ සිටි මන්ත්‍රීවරයාට දැනුම් දුන් මොහොතේදී ඔහුට එය නොඇසුණු බව ප්‍රකාශ කළේ යැයිද එසේ කටයුතු කළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ගයක් ගන්නැයි තමා ඉල්ලීමක් කරන්නේ යැයිද ප්‍රකාශ කළේය.
තමා මේ සම්බන්ධයෙන් හෙට (23) ප්‍රකාශයක් නිකුත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට තමාටද අවස්ථාවක් ලබා දෙන්නැයි ජානක තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඒ සඳහා හෙට (23) අවස්ථාවක් ලබා දෙන කතානායකවරයා මෙහිදී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට දැනුම් දුන්නේය .
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තිස්ස කුට්ටිආරච්චිට එරෙහිව රෝහිණීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
Nuwan Monday, 22 November 2021 12:32 PM
මේ තිස්ස කුට්ටි සභේට යවපු මිනිස්සුන්ට සැපද දන්නේ නැහැ
sharm warn Monday, 22 November 2021 01:35 PM
හූ ,ලෙට් ද ඩෝග්ස් අවුට් ..බු බු බු කියලා තමයි කියන්න වෙන්නේ .පිස්සු බල්ලොන්ව එක්කෝ බැඳලා දාන්න ඕන ,නැති නම් මරලා දාන්න ඕන .දඩයම චිත්‍රපටයෙනි
sam Monday, 22 November 2021 01:53 PM
නූගත් පාතාලයෝ පාර්ලිමේන්තු එව්වාම මේවා තමයි ප්‍රතිඵල... මෙයා බිරිඳට බයයි. පාර්ලිමේන්තුවේ හතිදාගෙන... වෙව්ල, වෙව්ලා තමයි බිරුවේ..
Wakkumbura Monday, 22 November 2021 02:02 PM
කතානායක නිකන්ම නිකන් හෝන්තුවක් වෙලා... කිසිම සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා...
සුරලොව ඇල්මන්Monday, 22 November 2021 06:13 PM
බොහොම ස්තුතියි...!
රට වැසියා Monday, 22 November 2021 02:17 PM
අද දින අපේ රටේ දේශපාලනය දෙස බැලීමේදි, " මිනිස් වෙස් සත්තුන් පාර්ලිමේන්තුවට යැවීමට" මා ඡන්දය නොදීම රට වැසියෙකු ලෙස අවංකව සහ ගාම්භීරව සතුටු විය හැකි කාරණයකි.
සඳුන් Monday, 22 November 2021 05:05 PM
මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා පරීක්ෂා කිරිමට ලැබෙන දුර්ලභ අවස්ථාවක්...
sathyapala Monday, 22 November 2021 06:01 PM
කකුල් දෙකේ මීහරක් පාර්ලිමේන්තුවට යවලා ආචාර්ය, මහාචාර්යවරු වගේ හැසිරෙයි, කතාකරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා...!
ඡන්ද දායිකාව Monday, 22 November 2021 09:49 PM
ශ්‍රී ලංකාවේ බහුතරය සංස්කෘතිය පිළිබද තම වචනයෙන් සහ ක්‍රියාවෙන් සංවේදී වුවද කාන්තාවකට සමස්තයක් ලෙස ගරු කරන්නාවු පසුබිම ඉතාමත් වැදගත් ආයතන වන විශ්ව විද්‍යාලය, උසාවිය, රෝහල හෝ පාර්ලිමේන්තුව යන ස්ථානයන්හි අවම වී ඇති බව ඉතිහාසයේ විවිධ සංසිද්ධී කියා පායි. මෙයට හේතු පාදකවී ඇත්තේ විටෙක මෙවැනි ස්ථාන නියෝජනය කරන උගත් හා නූගත් දෙපිරිසේම ප්‍රතිපත්ති පාවා දෙන අවස්ථාවාදී ගැහැණු පිරිමි දෙපක්ෂයම බව නොකියා බැරිය. පාර්ලිමේන්තුව වරෙක පාදඩ සංස්කෘතියේ කොටසක් නිසා මෙය නිවැරදි වීමට එහි කාන්තාවන් නැගී සිටීම ප්‍රමාදවී හෝ වීම අවශ්‍යවම තිබූ කරුණකි. භාග්‍යා සහ දේවානි යන සාමාන්‍ය කාන්තාවන් සමග සසදන කළ වර්තමාන සමාජ පරිහානියේ මොවුහු පසුපෙළ සිටීම කණගාටුවකි.