IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


තහනම් දුම්වැටි සමඟ ගුවන්තොටේදී කතක් ඇතුළු තිදෙනකු මාට්ටු

( ටී.කේ.ජී.කපිල )

රුපියල් හතලිස් පන් ලක්ෂ අසූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්  අද(13 )  අලුයම  අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් පළමු ගුවන් මගියා ගෝනවල  ගල් ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.අනෙක් ගුවන් මගියා බලගොල්ල , අධිකාරීගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි , ඩුබායි හි කම්කරු රැකියාවක නිරත වී සිටි පුද්ගලයෙකි .

ඔවුන් දෙදෙනාගේ ගමන් මලු තුළ  දුම්වැටි 30,580 ක් , සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 එමෙන්ම රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය පිළියන්දල , නාම්පමුණුව ප්‍රදේශයේ පදිංචි , සංචාරක නියෝජිතවරියක ලෙස කටයුතු කරන 32 හැවිරිදි කාන්තාවකි .ඇය ඊයේ(12)  315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙක තුළ , මෙම විද්‍යුත් දුම්වැටි 455 පමණක්ම තිබීම විශේෂත්වයකි .

 

 



අදහස් (0)

තහනම් දුම්වැටි සමඟ ගුවන්තොටේදී කතක් ඇතුළු තිදෙනකු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දකුණු පළාත් ආණ්ඩාකාරත් වැඩේට බහී
2025 ජනවාරි මස 13 5 0

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ සටහනට සමගාමීව ගාල්ලේ කිලෝ මීටර් 76 දික වෙළෙ පිරිසිදු කිරීම ආරම්භ කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද ප්‍රමුණ රජය


ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට නව සභාපතිවරයෙක්
2025 ජනවාරි මස 13 141 0

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131වන සභාපති පදවි ප්‍රාප්ති උත්සවය පසුගියදා (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ.


කසිප්පු අල්ලන්න ඔරුවෙන් ගිය පොලිසියේ 4ක් වැවට වැටෙයි
2025 ජනවාරි මස 13 180 0

නීති විරෝධී මත්පැන් ජාවාරමක් පිළිබද විමර්ශනය කිරීම සදහා ධීවරයකුට අයත් ඔරුවකින් අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීමට ගිය අම්පාර පොලිසියේ දූෂණ මර්දන


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 259 0

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගන්න යයි
2025 ජනවාරි මස 13 448 0

ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කීපවතාවක්ම ප


කුම්බමේලා සමරන්න ඉන්දියාව සුදානම්
2025 ජනවාරි මස 13 209 0

ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 169 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 538 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 286 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site