(බී.ජී. චතුරංග)
පෞද්ගලික ඖෂධ සමාගමක උතුරු මැද පළාත භාර අලෙවි නිලධාරියෙකු ලබා දෙන තහනම් ඖෂධ, තොග වශයෙන් අනුරාධපුර නගරය තුල සහ ඒ අවට බෙදා හැරී ප්‍රධාන ජාවාරම්කරු ලක්ෂ 3කට ආසන්න ඖෂධ කරල් 2400ක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය පවසයි.
එමෙන්ම එම ඖෂධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හට සිල්ලරට විකුණූ පුද්ගලයන් 5ක් ඇතුළු හය දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්වූ ප්‍රධාන සැකකරු අනුරාධපුර , මස්මඩුව පාර කාර්මික ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බවත් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් , අනුරාධපුර විජයපුර , ජයසිරිපුර , දහයියාගම සහ නොච්චියාගම ප්‍රදේශවල පදිංචි 21 සිට 37 දක්වා වයස් කාණ්ඩ වල පුද්ගලයන් බව පොලිසිය කියයි.
වෛද්‍ය නිර්දේශයක් ඇතිව රෝගීන් හට ලබා දෙන වේදනා නාශකයක් වන මෙම ඖෂධ කිසිදු අවසරයකින් තොරව ඖෂධ අලෙවි නිලධාරියා විසින් ප්‍රධාන සැකකරු හට තොග වශයෙන් ලබා දී ඇති බව පොලිසිය කියයි.
ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම ඖෂධ නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදවා ඇති බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තහනම් ඖෂධ අ‘පුර බෙදාහැරි ජාවාරම්කරු ඇතුළු 6ක් අල්ලයි