(අජන්ත කුමාර අගලකඩ)
රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යංශය විසින් අත්හිටුවනු ලැබ තිබියදී ,ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයකට අයත් අධිකාරියකට ආරක්ෂකයන් හා රියදුරන් විශාල පිරිසක් බඳවා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
එසේ බදවා ගනු ලබන සේවකයන් අතරට,නම් දෙක බැගින් එවන ලෙස අදාළ අධිකාරිය අයත් අමාත්‍යාංශය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
එම අධිකාරියේ දැනටද ඉතා විශාල සේවක පිරිසක් අතිරික්ත ව සිටින බව ද දැනගන්නට ඇත.
එසේ තිබියදී මේ ආකාරයට අලුතින් සේවකයන් බදවා ගැනීම බරපතල ගැටලුවක් බව එම ආයතනයේ සේවකයෝද සඳහන් කරති.
රට මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවල වියදම් දැඩි ලෙස සීමා කර ඇති අතර, ඒවායේ බඳවා ගැනීම් ද මුදල් අමාත්‍යංශය විසින් අත්හිටවනු ලැබ ඇත.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තහනම පැත්තකට දමයි:අමාත්‍යංශයට පිරිසක් බඳවා ගන්න යයි
C.K.Lankaputhra Saturday, 22 April 2023 05:49 PM
නීතියට උඩින් වැඩ කිරීමට පුළුවන් කෙරුමන් ඉන්න රටක, නීතිය නවන්න පුළුවන් අය ඉන්න රටක මොනවද මේ කතා..? මේක අන්ධයින්, ගොලුවන් බීරන් පාලනය කරන රටක්...
janith Saturday, 22 April 2023 06:18 PM
ඒකෙ නම කියන්න බැරිද?
පැරකුම්Saturday, 22 April 2023 09:38 PM
බය නැද්ද අනේ…! අහවල් අධිකාරිය, අහවල් අමාත්‍යාංශය කියල කිව්වොත් ඊට පහුවදා අපට කියවන්න ලංකාදීපයක් නෑ…!
ලසන්ත Sunday, 23 April 2023 12:08 AM
කොහොම නමුත් 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම කලාම ඔහොම නීති කඩපු එවුන්ට වගේම ඔය රැකියා සදහා යන අයටත් උපරිමයෙන් දඩුවම් දීමට අභිනවයෙන් පත්වෙන ජනාධිපතිවරයාට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු එසේ නොකලොත් කිසිදාක මේරට හදන්න බැහැ මාලිමාවට ජයවේවා !!!
Demuni Uduwara Sunday, 23 April 2023 03:06 AM
Ruler is habitually disabled !