IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


තහනම් හක්බෙල්ලන් රේගුවේ හිරවේ

(යොහාන් භාසුර)

අපනයනය තහනම් කර ඇති හක්බෙල්ලන් 21000 කට අධික තොගයක් ඉන්දියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

පුත්තලම ප්‍රදේශයේ සමාගමක් මෙම හක් බෙල්ලන් තොගය බහාලුමක් තුළ සුක්ෂම ලෙස සඟවා අපනයනය කිරීමට සූදානම් කර තිබූ බවත් බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

ඒ අනුව දින දෙකක් තුළ කර පරීක්ෂාවේදී අපනයනය තහනම් කර ඇති හක් බෙල්ලන් 21,480 ක තොගයක් සොයා ගැනීමට හැකි වූ බවත් හක්බෙල්ලන් 33680 ක් තුළ මෙම තහනම් කළ හක්බෙල්ලන් තොගය සඟවා තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ටර්බිනේල්ලා පයිරම් (Turbinella Pyrum) විශේෂයට අයත් වන හක් බෙල්ලන් 20,000 ක් ඉන්දියාවට අපනයනය කරන බවට මෙම අපනයනකරු රේගු ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබුණු බවත් ඒ සඳහා අපනයනකරු ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වලංගු අපනයන බලපත්‍රයක් ද රේගුවට ඉදිරිපත් කර තිබූ බවත් රේගුව පවසයි.

හක් බෙල්ලන් 33,680 තුළ අපනයනය තහනම් කර තිබෙන විෂ්කම්භය මිලිමීටර 70 ට වඩා අඩු හක් බෙල්ලන් 21,480 ක් සඟවා තිබූ බවත් රේගුව කියයි.

වර්ෂ 2003 අංක 1298/1 දරණ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව පනවා ඇති හක් බෙල්ලන් පිළිබඳ ධීවර කළමනාකරණ සහ අපනයන නියෝග වලට අනුව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද අපනයන බලපත්‍රයක අධිකාරිය යටතේ හැර කිසියම් තැනැත්තෙකුට ශ්‍රී ලංකාවෙන් හක් බෙල්ලන් අපනයනය කළ නොහැක.

එම නියෝගය අනුව විෂ්කම්භය මිලි මීටර 70 ට වඩා අඩු හක් බෙල්ලන් කිසිම තැනැත්තෙකු සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම තහනම් කර තිබේ.

ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය මෙම හක් බෙල්ලන් තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.



අදහස් (0)

තහනම් හක්බෙල්ලන් රේගුවේ හිරවේ

ඔබේ අදහස් එවන්න

දියත

ජොන්ස්ටන්ගේ පෙත්සම ඔහුම ඉවත් කර ගනී
2024 නොවැම්බර් මස 05 0 0

නොබෝදා කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැ


පාස්කු නඩුවෙන් පූජිත - හේමසිරි නිදහස් කළ තීන්දුව බල රහිත කරයි
2024 නොවැම්බර් මස 05 0 0

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු


කමලා තැපෑලෙන් ඡන්දය දීලා
2024 නොවැම්බර් මස 05 252 0

තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා


ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 269 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 1146 1

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 1060 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 408 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1311 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 689 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site