IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


ත්‍රිකුණාමලයෙන් නැගී එන බාලිකා ක්‍රිකට් සූරියෝ

(සුගත් බද්දේගෙදර)

ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කළ 19 න් පහළ කාන්තා ලෙදර් පන්දු දෙවන පෙළ කාණ්ඩයේ කණ්ඩායම් අතර  පැවැත් වූ තරගාවලියේ දී මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර ගෝතමී විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඇතුළු ප්‍රබල කණ්ඩායම් රැසක් පරදවමින් කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මෙම ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු ප්‍රගීත් චානක මහතා සහ පාසල් පුහුණුකරුවන් වන ඉමල්කා මෙනවිය හා සමිත අනුෂ්ක මහතා යටතේ මෙම ක්‍රීඩිකාවන් පුහුණුවීම් සිදු කර ඇත.

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ 19න් පහළ පාසල් බාලිකා ලෙදර් කණ්ඩායමක් මෙවැනි ඉහලම ජයග්‍රහණයක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙය බව පැවසෙයි. කණ්ඩායමට ජයග්‍රහණයේ ප්‍රභල සාධකයක් වූයේ සේරුවිල ප්‍රදේශයේ සිට මෙම පාසලට මෑතකදී පැමිණි එස්.එම්. භාග්‍යා සෙනවිරණත්න ක්‍රීඩිකාව බව ක්‍රීඩා භාර ආචාර්ය වාමර දිල්ෂාන් පැවසීය.

මෙම ජයග්‍රහණය තම විද්‍යාලයටත් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයටත් ඉමහත් ආඩම්බරයක් බවත් සමස්ත ලංකා ජයග්‍රහණය දක්වා ගමන් කිරීමට මෙම දියණියන්ට තමා සුබ පතන බවත් කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලක්ප්‍රිය බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ත්‍රිකුණාමලයෙන් නැගී එන බාලිකා ක්‍රිකට් සූරියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දින නවයක් හිරුගේ විදුලිය එපා කියයි
2025 අප්‍රේල් මස 12 207 0

පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල


සෙනඟට තෙරපුණු දැරියට ජනපති අත දෙයි
2025 අප්‍රේල් මස 12 328 0

අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.


දරුවන්ට අමානුෂිකව සැලකූ ගුරුවරයා සොයා මෙහෙයුමක්
2025 අප්‍රේල් මස 12 216 0

කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි


නීති කැඩූ අපේක්ෂක 14ක් මාට්ටු
2025 අප්‍රේල් මස 12 48 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


හිටපු ජනපතිවරයෙකුට සිතාසි යාවි කියලා කවදාවත් හිතුවද?
2025 අප්‍රේල් මස 12 434 0

මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.


මුණුපුරා බක් පොහෝදා ආච්චි - සීයා කපා කොටා ඝාතනය කරලා
2025 අප්‍රේල් මස 12 529 0

සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 732 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site