(ප්‍රසාද් රුක්මල් )
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දෑමූ බව කියන පුද්ගලයකු අද (14) සැකපිට අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හාලිඇල රොසට්වත්තේ විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක තරුණයකු යැයි පොලිසිය කීය .
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මඩොල්සිම බටාවත්ත ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රබොස් දයාලන් (34) නැමති එක්දරු පියෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .
හාලිඇල රොසට්වත්තේ පදිංචි ඝාතනයට ලක්වූ තරුණයා මඩොල්සිම බටාවත්තේ පදිංචි සැකකරු ගේ ත්‍රීරෝද රථය රුපියල් 3,50000ක මුදල් ගෙවා රුපියල් 13000 බැගින් වාරික 36කින් ලිසිං ගෙවීමේ ක්‍රමයට ත්‍රීරෝද රථය මෑතදී මිළදී ගෙන ඇති බවද පොලිසිය පවසයි
සැකකරු හාලිඇල ක්වින්ස්ටවුන්වත්තේ කාන්තාවක සමඟ විවාහ වී ඇති බවත් මොවුන්ට එක් කුඩා දරුවෙකු සිටින අතර , සැකකරු ගේ බිරිද දරුවෙකු ප්‍රසූත කිරිමට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිට්න බවත් පොලිසිය සදහන් කළේය .
මොහු මඩොල්සිම බටාවත්තේ නතර වී එහි කම්කරු රැකියාව ක නිරතව සිට ඇති අතර , ආර්ථික අපහසුතාව හේතුවෙන් මොහු එම වත්තේ පදිංචි මිතුරෙකු සමඟ එක්වී මැනික් ගල් කීපයක් සහ රන්භාණ්ඩ විකිණීමට යාමට ඇති බවට හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරු ට කතා කර ඔහු ඉකුත් 30 වන දින රාත්‍රි මඩොල්සිම නගරයට ගෙන්වා ගෙන ඇති බවත් ,මඩොල්සිම නගරයේ ඉන්ධන පිරවුම් හල අසල දී සැකකරු සහ ඔහුගේ මිතුරා මෙම ත්‍රීරෝද රථය ට ගොඩ වී තිබෙන බවත් පොලිසිය පවසයි .
පසුව සැකකරු පුංචිලෝකාන්තය ට යන මාර්ගය අසල කැලෑවේ රන්භාණ්ඩ සහ මැණික් ගල් කීපයක් විකිණීමට සූදානම් කර සගවා තිබෙන බව පවසා ත්‍රීරෝද රථ රියදුරු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට පමණ රැගෙන ගොස් ඇති බවද පොලිසිය පැවසීය .
මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක් ලබ
බඹර ප්‍රහාරයක් හේතුවෙන් වාරියපොල පාසලක දරුවන් 39 දෙනෙකු වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී බන්දුල සේනාධීර මහත
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විට අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන ව
ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ත්‍රිරෝද රියදුරු මරා පුංචි ලෝකාන්තයට දාලා