IMG-LOGO

2024 ඔක්තෝබර් මස 21 වන සඳුදා


තාක්ෂණ පීඨයෙන් පාඨමාලා හදාරන්න උසස් පෙළ සමතුන් අඩුයි

(අජිත්ලාල් ශාන්තඋදය)

ලොව දියුණුම උපකරණ සහ අංගෝපාංග සහිත තාක්‍ෂණ පීඨයක් සබරගමු විශ්ව විද්‍යාලය සතුව ඇති නිසා ඊට ඇතුළත් විය හැකි විෂයයන්ද හදාරා එහි එන්නැයි සබරගමු විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති සහ තාක්‍ෂණ අංශයේ පීඨාධිපති භෞතික විද්‍යා මහාචාර්ය කාවිංග ආර්.කොස්වත්ත මහතා පෙරේදා(18) දා පැවසීය.

රත්නපුර හිදැල්ලන සීවලි මධ්‍ය විද්‍යාලයේ “නොනිමි 24” වාර්ෂික විද්‍යා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් මහාචාර්යවරයා මේ බව පැවසුවේය.

විද්‍යාලයේ විද්‍යා අංශ සිසු දරුදැරියන් එක්ව නොනිමි 24 විද්‍යා දින සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි. සැමරුම් උත්සවයේ දී මහාචාර්ය කාලිංග ආර් කොස්වත්ත මහතා පැවසුවේ,

ඒ ඒ කාර්යයන් සඳහා පුහුණුව ලැබූ සුදුස්සන් වෙන වෙනම සමාජයේ සිය වගකීම් ඉටු කරන බවයි. වෛද්‍යවරු වෛද්‍යවරුන්ගේ කාර්යයත්, ඉංජිනේරුවන් ඉංජිනේරුවන්ගේ කාර්යයත්, අනෙකුත් විද්‍යාර්ථින් තමන්තමන්ට අයිති වගකීම් හා කාර්යයන් ඉටුකළයුතු බවත් මහාචාර්යවරයා කීවේය. එහෙත් විශ්ව විද්‍යාලයේ වෙනත් වෘත්තීය සුදුසුකම් ලැබු බව කියන බොහෝ දෙනෙක් අද උපකාරක පන්ති දමාගෙන උසස් පෙළ සිසුදරු දැරියන්ට උගන්වන බව ද කීවේය.

උසස් පෙළ හදාරා තාක්‍ෂණවේදීන් ලෙස රටට සුවිශාල සේවයක් ඉටුකළ හැකි විද්‍යාර්ථින් වන්නට සබරගමු සරසවියේ තාක්‍ෂණ පිඨයට ඇතුල් වෙන්න අදිටන් කරගන්නැයි ද සිසු දරුදැරියන්ගෙන් ඉල්ලීමක් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විදේශ කටයුතු සහ විදේශ අධ්‍යාපන අංශයේ අධ්‍යක්‍ෂ කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත මහතා සහ හිටපු ඵලාත් අධ්‍යාපන අධ්‍යාක්‍ෂ ඩබ්.එම්.ගුණතිලක යන මහත්වරුද උත්සවයේ විශේෂ ආරාධිතයන් විය. විද්‍යා අංශ ප්‍රධානී ඒ. ඉන්ද්‍රා මාලනී මහත්මිය ප්‍රධාන උසස් පෙළ විද්‍යාල අංශයේ ආරාධනයෙන් කීර්තිමත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් ද විදුහල්පති රොෂාන් වෙදගේ මහතා ද ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ. 



අදහස් (1)

තාක්ෂණ පීඨයෙන් පාඨමාලා හදාරන්න උසස් පෙළ සමතුන් අඩුයි

ලසා Sunday, 20 October 2024 04:55 PM

තාක්ෂණ උපාධිධාරීන්ට ප්‍රමාණවත් රැකියා වෙළඳපොලක් නැහැ. ඒ නිසා රජය ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බිරියයි - පුතයි මරා දැමූ පියා පෝරකයට
2024 ඔක්තෝබර් මස 20 340 0

වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අ


ගිණි අවි නිෂ්පාදනය කළ අයෙකු අත් අඩංගුවට
2024 ඔක්තෝබර් මස 20 262 0

සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණි අවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිණි අවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන


සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති දෙදින සංචාරයකට දිවයිනට
2024 ඔක්තෝබර් මස 20 493 0

සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.


තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ
2024 ඔක්තෝබර් මස 20 1559 0

හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රා


ජනපති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 20 1230 0

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබ


හොරෙන් එන්න ආ දෙන්නෙක් පිටුවහල් කරයි
2024 ඔක්තෝබර් මස 20 1121 0

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැකකටයුතු


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 702 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 516 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site