IMG-LOGO

2024 ජුලි මස 07 වන ඉරිදා


තාත්තා හිරේ යවන්න අම්මා ගැසූ ගැටේ අධිකරණයේදී ලිහෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

තමාගේම සිව්හැවරිදි පුතාට  අතවර කැලිය කියන චෝදනාවන්ට වරදකරු වී වසර 16ක සිරදඬුවම් නියම වු පියකු ඉදිරිපත් කළ ඇපෑලක් සළකා බැලු අභියාචනාධිකරණය සිරදඬුවම් විඳිමින් සිටි පියා නිදොස් කර නිදහස් කළේය.

විත්තිකරුගේ බිරිඳ දරුවා යොදාගෙන තම සේවාදායකයාට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයිද දරුවා ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට දුන් කටඋත්තරයේදී මව දරුවා ලඟ සිට ඔහුට උගන්වන අයුරූ ළමා ආරක්‍ෂක අධිකාරිය මහාධිකරණයට ඉදිරිපත් කර ඇති පිටපතේ සදහන් කර නැතැයි පෙන්වා දෙමින් නීතීඥ දර්ශන කුරුප්පු මහතා දැක්වු කරුණු සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිරදඬුවම් විඳිමින් සිටි පියා ඒ අවස්ථාවේදීම නිදොස් කර නිදහස් කළේය.

අම්මාගේ ඉගැන්වීම මත සිව්හැවරිදි දරුවා විසින් පියාට එරෙහිව ළමා ආරක්‍ෂක අධිකාරියට දුන් ප්‍රකාශය නිවැරදි නොවන ආකාරයෙන් සටහන් කර ඉදිරිපත් කර ඇතැයිද එවැනි ලේඛණයක් පදනම් කරගනිමින් මහාධිකරණය විසින් විත්තිකාර පියා වැරදිකරු කර සිරදඬුවම් නියම කර ඇතැයිද නීතීඥ දර්ශන කුරුප්පු මහතා හෙළි කිරීම නිසා නොකළ වරදකට වසර 02ක කාලයක් බන්ධනාගාරයෙය් රඳවනු ලැබ සිටි බි්‍රටෝ හේමන්ත නමැති පියා එලෙස නිදහස් කෙරිණී.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරත්නම් සහ සම්පත් අබේකෝන් මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී හෙළි වු කරුණු අනුව එලෙස නියම කළේය.

 



අදහස් (4)

තාත්තා හිරේ යවන්න අම්මා ගැසූ ගැටේ අධිකරණයේදී ලිහෙයි

ජයනාත් Friday, 05 July 2024 06:25 AM

නොකළ වැරදි වලට හිරේ . ලගින තවත් අය ඇති නේද ...

:       0       33

Lalla Friday, 05 July 2024 08:04 AM

ගැහැනු කරන ඕන පැමිණිල්ලකට නීතිය වේගයෙන් පිරිමියාට එරෙහිව කටයුතු කරනව.ඒක ඇත්තටම අසාධාරණ තත්ත්වයක් නේද? මේ පියාට කල හානිය කවදාවත්ම නිවැරදි කරන්න බෑ. ජීවිකාව නීතිමය ක්‍රියාමාර්ග වලට ගිය වියදම ඉතිරිකර මුදල්වලට සිදුවූ දේ සමාජ අපවාද.. මේ සියල්ල පිටුපස බිරිඳගේ සැක සහිත නීච ක්‍රියාවක් තියෙන්න ඕන...

:       1       39

ජගත් ලියනගේ Friday, 05 July 2024 08:20 AM

තාත්තා හිරේ ඉන්න කාලේ ඒ දරුවගේ අම්මා ජීවත් වුණේ කොහොමද ?

:       2       23

Sumit Ratnayake Saturday, 06 July 2024 07:34 PM

කුණුවෙලා, විඳවලා මැරෙන්න ඕනෑ කරපු අසික්කිත වැඩේට. යකෝ තමන් වදපු දරුවා මේ වගේ සහගහන වැඩකට පාවිච්චි කරන්න තරම් මේ අය කොච්චර නම් පහත් ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

තරුණිය මරා ළිඳට දාන්න අනුබල දුන්නැයි 6ක් රිමාන්ඩ්
2024 ජුලි මස 07 171 0

තරුණියක් මරා සිරුර මුතූර් කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳකට දැමීම සම්බන්ධයෙන්, මිනීමැරුමට ආධාර බල දුන් ඝාතනය වූ තරුණියගේ අතුරුදහන් වී සිටින පෙම්වතාගේ


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ජයසූරිය
2024 ජුලි මස 07 330 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.


තැපෑල ලෙඩවන ලකුණු
2024 ජුලි මස 07 69 0

ඉල්ලම් කිහිපයක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති අද(7) මධ්‍යම රාත්‍රියේ සිට අනිද්දා(9) මධ්‍යම රාත්‍රිය දක්වා පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ත


සංචාරක යාත්‍රා පදවන්නෝ දියවැලකට හසු වූ 6කගේ දිවි බේරති
2024 ජුලි මස 07 384 0

නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට අසුවී ගසාගෙන ගිය තරුණයන් හය දෙනෙකු සංචාරක යාත්‍රා පදවන්නන් විසින් බේරාගෙන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිල


නැ‘හිර දුම්රිය ගමනාගමනයට බාධා
2024 ජුලි මස 07 229 0

සීදුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන්නා ලද ප්‍රීමා භාණ්ඩ රැගත් දුම්රිය අද (07) කලාවැව දුම්රිය ස්ථානයත් අව්කන දුම්රිය ස්ථානයත් අතර මාර්ගයේදී පීලි පැනීම


රත්ගම විදුර ගේ මස්සිනා සැඟවු විදේශ ගිනි අවි උණ්ඩ හමුවෙයි
2024 ජුලි මස 07 419 0

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත ද සොයිසා නොහොත් රත්ගම විදුර ගේ මස්සිනා විසින් සඟවා තැබූ විදේශ ගිනි අවියක් උණ්ඩ 3 ක් සැකකරුගේ නිවෙස අ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 733 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1686 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3577 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site