IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


තුර්කි අභ්‍යවකාශ ආයතනයට ත්‍රස්ත ප්‍රහාරයක්

තුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.

ආයුධවලින් සන්නද්ධ ත්‍රස්තවාදීන් දෙදෙනකු අභ්‍යවකාශ ආයතනයට කඩා වැදුණු බවත්, අත් බෝම්බවලින් දමා ගසමින්, ඔවුන් කළ වෙඩි තැබීම්වලින් පස් දෙනකු මියගොස් විසි දෙදෙනකු තුවාල ලැබූ බවත් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනා තරැණයකු සහ තරුණියකි. ඔවුන් වෙඩි තබමින්, අභ්‍යවකාශ ආයතනයට ඇතුළු වන අයුරු සීසීටීවී ආරක්ෂක කැමරාවල සටහන්ව ඇත. එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

මෙම ත්‍රස්ත යුවළ පැමිණ ඇත්තේ කුලී රථයකිනි. කුලී රථයේ රියදුරා ද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. මියගිය සෙසු පිරිස තුර්කි අභ්‍යවකාශ ආයතනයේ සේවකයන් බව ද පැවැසෙයි. ආරක්ෂක අංශ පෙරළා කළ වෙඩි තැබීමෙන් ත්‍රස්ත යුවළ මියගිය බව ද පැවැසෙයි.

ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැත. එසේ වුවත්, තුර්කි ආරක්ෂක අංශ සහ තුර්කි රජය චෝදනා කරන්නේ එය කුර්දි බෙදුම්වාදීන් වන පී.කේ.කේ. සාමාජිකයන්ගේ ත්‍රස්ත ක්‍රියාවක් බවටය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

තුර්කි අභ්‍යවකාශ ආයතනයට ත්‍රස්ත ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

දියත

සිප වැලඳගෙන ගැනීම් මිනිත්තු 3 කට සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 25 425 0

ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළ


දකුණු කොරියා ජනපති මැදුරට කුණු දාලා
2024 ඔක්තෝබර් මස 25 237 0

උතුරු කොරියාවෙන් ආ කසල බැලූනයක්, දකුණු කොරියානු ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


කැලණි සරසවි සිසුවාගේ මරණයට හේතුව
2024 ඔක්තෝබර් මස 24 1269 0

කැලණිය විශ්ව විද්‍යාලයේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයේ භතරවැනි මහලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල ලබා මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණ


බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ වසර හයක් සිරගෙට
2024 ඔක්තෝබර් මස 24 2929 0

රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (6443716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්‍යක්ෂවරයෙකුට වසර හයක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම්


වරෙන්තුකරු අල්ලන් ගිය පොලිසියට ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 24 590 0

වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අනුරාධපුර, ඔයා මඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට වරෙන්තුකරුගේ ඥාතීන් කළ පහරදීමක් නිසා තුවාල ලැබූ කොස්තාපල්වරුන්


ආණ්ඩුකාරවරයා කළ පත්වීම ඔහුම රිවස් කරයි
2024 ඔක්තෝබර් මස 24 1798 0

මධ්‍යම පළත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධූරයට මධ්‍යම පළත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පසුගිය 20 වැනි දින පත්කරන ඒ. ජී. මුදියන්සේ මහතා ජාතික ජන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 872 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site