(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ - මහනුවර මාර්ගයට නුදුරුව දංඕවිට ප්‍රදේශයේ පවත්වාගෙන යන රබර් කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුව ඇතැයි දංඕවිට පොලිසිය කියයි .
ගින්න ඉතා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවත් රාත්‍රී 7 .30 පමණ වන විට එක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම ගින්නට විනාශ වී තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා විදුලිය විසන්ධි කිරීමට ද පොලිසිය කටයුතු කරනු ලැබීය.
ගින්න පැතිර යාම වලක්වා ගැනීම සඳහා පොලීසිය ප්‍රදේශවාසීන් සමග කටයුතු කරමින් පැවති අතර ගිනි නිවන හමුදාව කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබිණි .
මෙම කම්හලේ ගොඩගසා ඇති රබර් හේතුවෙන් මෙම ගින්න ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බව ද පොලිසිය සඳහන් කළේය.
කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදු වී ඇත්දැයි රාත්‍රී හතයි තිහ වන විට පොලිසියට වාර්තා වී නොතිබූනි.
දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වීරවර්ධන මහතා ගේ මෙහෙයුම යටතේ පොලිස් කණ්ඩායමක් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබිණි.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දංඕවට රබර් කාර්මාන්ත ශාලාවක ගින්නක්
ව්ක්‍රමපාල Monday, 08 May 2023 05:05 PM
ඕක ඉතින් දෙවැනි සිල්පදය සම්බන්ධ දෙයක්ම වෙන්න පුළුවන්. බොහෝවිට රබර් කර්මාන්තශාලා ගින්නට ගොදුරු වෙන්නේ දෙවැනි සිල්පදය කඩපු නිසා තමයි...