(එච්. චන්දන)
මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වු දරුවකු තම දකුණු අත ඇගිලි, අල්ල කොටස අනතුරකින් නොසිතු මොහොතක අහිමිව තිබියදී නුහුරු වම් අතින්, පන්ති භාර ගුරුවරයාගේ උනන්දුව මග පෙන්වීම මත ලකුණු 170 ලබාගෙන ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් සමත් වීමේ පුවතක් පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රථමික විද්‍යාලයේ වාර්තාවේ.
පුත්තලම කොළඹ මාර්ගයේ මදුරන්කුලිය වජිර වත්ත ප්‍රදේශයේ පදංචි ෂෙවාන් සංජිව 2 වන ශ්‍රේණියේ ඉගනුම ලබන අවදියේ 2017 වසරේදී තම පියා වඩේ සකස් කිරීමට අමු ද්‍රව්‍යය අඹරා ගන්නා යන්ත්‍රයට දකුණු අත දැමීමෙන් සිදු වූ හදිසි අනතුරින් අල්ල හා ඇගිලි විනාශ වී තිබේ.
ඒ වන විටත් තම පොත පතේ කටයුතු දකුණු අතින් සිදු කිරීමට පුරුදු වී සිටි මෙම දරුවා අනතුරු භාජනය වී අධ්‍යාපනයේද යම් පසු බෑමකට ලක්වී ප්‍රථිකාර ලබා ගැනීමට සිදු විය.
2019 වර්ෂයේදී අග භාගයේදී මෙම දරුවා 04 වසරේ දී මෙම පන්තියට භාරයට පැමිණෙන ප්‍රදීප් පුෂ්පකුමාර ගුරුවරයා දරුවා පිළිබදව හොද අවධානයක් යොමු කොට දරුවා දිරිමත් කර ඇත.
කොවිඩ් වසන්ගතය මුල් අවධියේද මෙම දරුවා ගුරුවරයාගේ නිවසේද නවාතැන් ලබාදී අධ්‍යාපනයට දිරිමත් කර තිබේ. එයින් ශක්තිමත් වු ධෛර්ය ලබා ගත් මෙම දරුවා නුපුරුදු වම් අතින් උත්තර ලියා මේ ලකුණු 170 ලබා ගෙන ඇත.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණතේ ඇගිලි අහිමි වූවත් වමතින් ලියා ශිෂ්‍යත්වය ජයගත් පුත්තලමේ ෂෙවාන්
fairoos Wednesday, 18 November 2020 07:06 AM
උණුසුම් සුබපැතුම් පුතේ... දෙවිපිහිටයි.
Pradeep Wednesday, 18 November 2020 07:14 AM
අසන්නට ලැබීමත් සතුටක්... පුතාට තෙරුවන් සරණයි...
Karunarathna Gampola. Wednesday, 18 November 2020 11:17 AM
ඔබගේ උනන්දුව හා උද්යෝගයත් දෙමව්පියන් හා ගුරුවරුන්ගේ දිරියෙන් තැන තෝරාගත් ඔයාට මගෙන් සුබපැතුම්..!!! බුදු සරණයි..!!! දෙවි පිහිටයි..!!!
lakshman Wednesday, 18 November 2020 11:32 AM
මගේ සුබපැතුම්... පුතේ!!!