(ඩයනා උදයංගනී)
දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්ගලික) සමාගම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ.
මෙම කර්මාන්ත ශාලාව හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක ස්ථාපනය කර තිබේ.
මෙහි පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වන අතර යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් එහි නිෂ්පාදන සිදු කෙරේ.
එස්.යූ.වී රථ සඳහා විශේෂ කාණ්ඩයක් මෙන්ම මෝටර් රථ, යතුරු පැදි, ත්‍රීරෝද ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිෂ්පාදනය කෙරේ.
මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි 20 %දේශීය වෙළෙඳපොළට සැපයීමට නියමිතය.
මෙහි ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස දී ඇමෙරිකාවට අපනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇත.
මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්රතිලාභයන් වේ.
මෙම කර්මාන්තශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබීම ද විශේෂත්වයකි.
නිෂ්පාදන ක්ෂේත්රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරූ කාන්තාවන් මෙහි සේවයට බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.
උත්සව භූමියට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් පිළිගනු ලැබූ අතර සමරු ඵලකය නිරාවරණය කළ එය විවෘත කළ ජනාධිපතිවරයා ටයර් නිෂ්පාදනායතනයේ සමස්ත ක්‍රියාවලිය ද නිරීක්ෂණය කළේය.
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල හොරණින් ඇරඹෙයි
De Thursday, 14 January 2021 02:23 PM
කවුරු පටන් ගත්තත්, කවුරු විවෘත කරත් මෙය රටට හොඳ ආදායමක්.. අද සතුටු දවසක්...
දිලාන් Thursday, 14 January 2021 07:50 PM
අර හැම දෙයක්ම පිටරටින් එනකම් බලන් හිටපු "යහපාලක පුතාණෝ " ජනපති වුණානම් තාම මේ ටයර් කම්හලේ මුල් ගලත් අර ෆොක්ස්වැගන් කම්හලේ මුල්ගල වගේ පැලවෙනවා.
Raveendra Thursday, 14 January 2021 02:32 PM
"මෙහි ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස දී ඇමෙරිකාවට අපනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇත." යන කියමන කෙසේ වෙතත් රටතුල රටට අවශ්‍ය නිෂ්පාදනයක් ඇරඹීම පිළිබඳව අප හදවතින්ම අගය කරන්නෙමු. මෙම නිෂ්පාදන සාර්ථක වේවා යන්න එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. තවද කැළණි ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව මේ දක්වා පවත්වාගෙන ගියානම් අද වෙනකොට මොනතරම් දියුණු උසස් තත්වයේ ටයර් රටතුළම නිපදවීමට අවස්ථා තිබුණා නොවේද?
nihal dharmatileke Thursday, 14 January 2021 03:11 PM
මේ වගේ ඉක්මණට කර්මාන්ත ශාලා ඇරෙනවා නම් මැදපෙරදිග යන අයවත් නවතාගන්න පුළුවන්.
බද්රානි Thursday, 14 January 2021 03:11 PM
පහුගිය රජය පැවතුණු සමයේ මෙවැනි විවෘත කිරීම් වලට කඩා වැදුණු නොවැදගත් දේශපාලකයින් කුළු මීමුන් සේ හැසුරුණු ආකාරය අපට හොඳට මතකයි. නමුත්, මේ කර්මාන්ත ශාලාව රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කල එකක් වුණාට තමන්ගේ සගයින්ව කුලප්පු කරලා, එතුමා එවැනි පහත් තත්වයකට නම් වැටුනේ නැහැ. මට මතකයි ඒ කාලේ ඒ පැත්තේ රත්තරන් මාල කඩාපු හොරෙක්, මේ කර්මාන්තශාලාව කුඩා ළමයින් සෙල්ලම් කරන කාර්වලට සවි කරන ටයර් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බව පවසමින් පරිභව කළා. ගෝත්‍රික වහල් මනසක් සහිත අඥානයින් ඒ ගොන් කතා අහලා උපරිම ලෙස පිළිගත්තා. අනේ පව් නුඹලාට. නුඹලාව සතුටු කරන්න පුළුවන් එවැනි හොරුන්ටම තමයි.
චින්තක Friday, 15 January 2021 01:16 PM
රනිල් ලොක්කා කරපු කෙංගෙඩියක් නැහැ.. ඔන්න උන්නැහේ මහා බැංකුව හොරාකාපු එක නම් නියමෙටම කළා, මේ කර්මාන්තශාලාව ආරම්භක දේශණයේදී මේකේ නිර්මාතෘතුමා මේ කර්මාන්ත ශාලාව ආරම්භයට සහ අවසානයේ නිෂ්පාදනය ඇරඹීම දක්වාම ගෝඨාභය මැතිතුමා කරපු උපදෙස්, උදව්වලට විශාල ස්තුතියක් කරා විතරක් නෙමෙයි එතුමාට දණ ගහලාම වන්දනා කළා. එහෙම බලපුවාම ඔයා මේ "රනිල්" කියලා රැවටිලා ඉන්නේ "ගෝඨාභය" මහත්තයටද කොහේද?
Bandara Thursday, 14 January 2021 04:06 PM
රනිල් මොනවද කරේ කියල අහපු අය... කෝ?
janamathaFriday, 15 January 2021 09:51 AM
මෙයා රනිල් වෙනුවෙන් තවත් පවුලක් කළ ආයෝජනයක්... නියම ආයෝජකයා ඔබත්, මමත්, මේ රටේ දුගී, දුප්පත් මහජනතාව.. තේරුණාද මන්දා පාරම්පරික දේශපාලන මොලේට..
Prabha Thursday, 14 January 2021 05:47 PM
දැන් එන්න දෙකට බෙදිලා මරාගමු...
Perera Thursday, 14 January 2021 06:28 PM
අපේ රටේ අපිම නිෂ්පාදනය කරපු ‘‘කැළණි ටයර්‘‘ හදපු කර්මාන්ත ශාලාවට මොකද වුණේ?
chandima Thursday, 14 January 2021 07:00 PM
එතකොට අර චීන්නු දාන්න යන්නේ වෙන ටයර් ෆැක්ටරියක්ද?
ලකිත් ශ්‍යාමන් Thursday, 14 January 2021 07:02 PM
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව අද ලැජ්ජා නැතිව විවෘත කරන්නට ගිය සියළු දෙනාගේ විරෝධය මැද, රටට ආදායම් ගෙන ඒමට හැකියාව ලැබෙන පරිදි රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ආරම්භ කරන ලද ඉතා වැදගත් කර්මාන්ත ශාලාවක්...
පිටිගල මිලානෝ Thursday, 14 January 2021 09:40 PM
මේ කම්පැනියේ සැඟවුණු අයිතිකාරයන් කවුද? ඩොලර් මිලියන 100ක් වියදම් කරන කවුරුත් නොදන්නා ලාංකිකයෙක්...
janabala asamagiFriday, 15 January 2021 10:02 AM
මේක අරයගේ... අපේ රටේ බොහොමයක් තේරුණත් නොතේරෙන අපි වගේ මේක රනිල් මහත්තයාගේලු ... තේරුණාද මන්දා...?
banda Thursday, 14 January 2021 09:47 PM
මේකට මුල්ගල තියෙන දවසේ රත්තරන් කිව්වේ මේකේ හදන්නේ සෙල්ලම් කාර් ටයර් කියලා නේද?
daya Thursday, 14 January 2021 10:56 PM
රට තුළ රටට අවශ්‍ය නිෂ්පාදනයක් ඇරඹීම පිළිබඳව අප හදවතින්ම අගය කරන්නෙමු.
janahithaFriday, 15 January 2021 09:58 AM
රට තුළ රටට අවශ්‍ය නිෂ්පාදනයක් අපගේ ධනයෙන්ම ඇරඹීම පිළිබඳව අප හදවතින්ම අගය කරන්නෙමු.
dhamneth Thursday, 14 January 2021 11:44 PM
මෙහි හිමිකරු අගමැතිතුමාගේ ළඟම හිතවතෙකු වුණාට පොහොට්ටුවේ සමහර මන්ත්‍රීවරු හිටපු හිටපු ජනාධිපති මෛත්‍රිපාල මහතා මගින් මෙම කර්මාන්ත ශාලාවට ඉඩම් ලබාදීම ප්‍රමාද කළා නේද?
amila Friday, 15 January 2021 02:20 AM
ටයර් හදන්නද ඕනෑ. ආසියාවේ ලොකුම එක හදන්නද ඕනෑ? මේකට දාන්න රබර් කිරි ලංකාවේවත් නැහැ. රබර් කිරි පිටරටින් ගේන්න වෙයි. ආසියාවේ ලොකුම එකනේ..
amila Friday, 15 January 2021 04:02 AM
ආසියාවේ ලොකුම එක හින්දා මේකට දාන්න රබර් කිරි ගෙන්නන්නේ මැලේසියාවෙන්ලු.., මාරයි නේ?
thushara Friday, 15 January 2021 04:23 AM
ආණ්ඩුව මාරුවෙලා තිබුණානම් බලන්න තිබුණා මෙතන කට්ටිය බෝඩ් කෑලි උස්සන් ඉන්න ලස්සන...
tarzan Friday, 15 January 2021 05:06 AM
ඕක මුස්ලිම් ආයතනයක්ද? නිකන් ඇහුවේ...
kamal Friday, 15 January 2021 05:25 AM
දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල ඉදිකිරීම ගැන අපි සර්ටත්, පංචායුධ කුමාරයාටත් ස්තුති කළ යුතුයි. දකුණු ආසියාවේ ලොකුම එක නොවුණා නම් මහ මදිකමක් වෙන්නයි ගියේ. මැලේසියාවේ රබර් ගෙනැල්ලා හරි කමක් නැහැ කාටහරි රැකියාවක් ලැබෙනවා නම්.
sam Friday, 15 January 2021 06:50 AM
දේශපාලකයෝ කියන ඒවා නම් තුට්ටුවකටවත් විශ්වාස කරන්න නම් බැහැ. ඒ වුණත් යම් විදිහකින් මේක දියුණු වේගෙන ආවොත් යටින් කොමිස් පාරක් තියාගෙන ඉන්දියාවට හරි, චීනෙට හරි විකුණලා දාමු..
notherena apiFriday, 15 January 2021 10:00 AM
කිසිදාක එය එසේ නොවේ... මහජනයාගේ ධනයෙන් ඉදිවුණු පුද්ගලික දේපළක්... තේරුණාද මන්දා....
kalyaani Friday, 15 January 2021 10:00 AM
ඔයගොල්ලන් කියනවා මේක තමයි විශාලතම එක කියලා. අපිත් ඉතින් ඇහිල්ලක්, බැලිල්ලක් නැතිව විශ්වාස කරනවා. මොකද කවුරුවත් අඩි කෝදුවක් අරගෙන දකුණු ආසියාවේම තියෙන ටයර් කම්හල් මැනලා බලලා කියපු දෙයක්නේ...