(විමුක්ති එස් රුද්‍රිගු)
දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
පසුගිය 3 වැනිදා දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමට ගත් උත්සාහය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා දකුණු කොරියානු හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගන්න යැයි ඒ පිළිබඳව විමර්ශනය කරන නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් පෙරේදා (29) රාත්‍රියේ කළ ඉල්ලීම පිළිගනිමින් සෝල් අධිකරණය යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීම සඳහ අද (31) වරෙන්තු නිකුත් කළේය.
හිටපු දකුණු කොරියානු ජනාධිපතිවරයාට මේ වනවිට දේශද්‍රෝහී වූ බවට සහ විධායක බලය අවභාවිත කළ බවට චෝදනා එල්ල වී තිබෙන අතර ඒ පිළිබඳව එරට නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වයි.
ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින්න යැයි නීතිපති දෙපාර්තමේන්තුව සති 2 ක් තුළ නිකුත් කළ සිහි කැඳවීම් තුනකට හිටපු ජනපති යුන් සුක් යෝල් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන්න යැයි සෝල් අධිකරණයෙන් ඉල්ලා සිටි බව විමර්ශකයන් ප්‍රකාශ කර ඇත.
වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා විමර්ශකයන්ට එළැඹෙන 6 වැනිදා දක්වා කාලය තිබෙන බවත් අවශ්‍ය නම් දිගුවක් ඉල්ලා සිටි හැකි බවත් සෝල් අධිකරණය හිටපු ජනපතිවරයාට එරෙහිව වරෙන්තුව නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට විමර්ශකයන්ට හැකියාව ලැබුණහොත් ඔහුව සෝල් රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට නියමිත බවද පැවැසෙයි.
කෙසේ වෙතත් හිටපු දකුණු කොරියානු ජනපතිවරයාගේ නීතිඥයන් දැඩිව මේ පිළිබඳව විරෝධය පළ කර ඇති අතර දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට විමර්ශන මග හැර සිටීමට කිසිම හේතුවක් නොමැති බවද පවසා ඇත.
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු