(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයේදී සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවත් කෙසේ නමුත් ඔහුගේ තත්වය යහපත් බවත් එරට බලධාරීහු ප්‍රකාශ කළහ.
ජනාධිපති යුන් සුක් යෝල් පසුගිය 3 වැනිදා දකුණු කොරියාවේ හමුදා නීතිය පැනවීමට ගත් තීරණයේ සම්පූර්ණ වගකීම බාර ගනිමින් හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් ජොන් හියුන් පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. කිම් ජොන් හියුන් පෙරේදා(10) රාත්රියේදී රැඳවුම් කුටිය තුළදී සියදිවි හානි කර ගැනීමට උත්සාහ ගන්නා අවස්ථාවේදී රැකවලුන් එය දැක ඔහු බේරාගෙන ඇති බවද දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
හමුදා නීතිය පැනවීමට අදාළව පැවැති විමර්ශනවලදී කිම් ජොන් හියුන් පසුගිය 8 වැනිදා රැඳවුම් බාරයට ගත් අතර අනතුරුව දේශද්‍රෝහී චෝදනා මත ඔහුව අත් අඩංගුවට ගනු ලැබිණි.
ජනාධිපති යුන් සුක් යෝල්ගේ කාර්යාලය සෝදිසි කිරීමට දකුණු කොරියානු පොලිසිය උත්සාහ දරා ඇතත් එම උත්සාහය අසාර්ථක වී ඇති බවද පැවැසෙයි. දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව මේ වනවිට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව දේශ ද්‍රෝහි චෝදනා යටතේ විමර්ශනයක් පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ’’ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’’ උළෙලේ 25 වැනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ ’’එම්පයර
ඖෂධ ක්ෂේත්රයේ වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය කොන්දේසි විරහිතව පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
ආදායම් බදු වලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා පහසු ක්‍රියාවලියක් සකසන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා ම
දඹුල්ල ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් හය දෙනෙකු බන්ධනාගාර ගත කිරීම සඳහා පොලිසිය ක්‍රියාකිරීම සහ කුලී රථ ධාවනය කිරීම නිසා තම රැකියාවට හානි සිදුවී යැයි
වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා තෙවනවාර පරීක්ෂණයේදී අද (07) දින ලබාදුන් හත ශ්‍රේණිය චිත්‍ර කලාව පළමු ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද ස
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කරන සාකච්ඡා ලබන සතියේ සිට කඩිනම් කිරීමට තීරණය කර තිබේ.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
දකුණු කොරියානු හිටපු ආරක්ෂක ඇමැති දිවි නසා ගන්න හදලා
sam Thursday, 12 December 2024 05:57 AM
අන්න ජනතාවගේ ඇමැතිලා... ලංකාව විනාශ කළ මයිනා හාමි, ජොලි සීයා ඔහොම හිතයිද?