පුද්ගලයන් 181 දෙනකු රැගෙන, තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට පැමිණි, දකුණු කොරියානු මගී ගුවන් යානයක් අද (29) උදෑසන අනතුරට පත් විය.
අනතුරින් දෙදෙනකු පමණක් බරපතතල තුවාල ලබා දිවි බේරා ගත් බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.
යානය අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ, මුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාද්දීය. යානය ගුවන් පථයට ගොඩබාද්දී, එහි රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවින්, එය ගුවන් පථයේ ලිස්සා ගොස් හැපී පිපිරිණි.
යානය එක් වරක් ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ ගත් බවත්, එය අසාර්ථක වූ බවත් ගුවන් තොටුපොළ බලධාරීහු පසුව පැවැසූහ. එය අනතුරට පත් වූයේ දෙවැනි වර ගොඩබද්දීය. යානය ගුවන් පථයේ ලිස්සා ගොස් අනතුරට පත්වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
යානයේ සිටි 181 දෙනාගෙන් 175 දෙනකු මගීන් වන අතර, නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන හයකි. මගීන්ගෙන් වැඩි දෙනා කොරියානුවන් බවත්, තායිලන්ත ජාතිකයන් දෙදෙනකු ද සිටි බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අනතුරින් බරපතල තුවාල ලබා පණ බේරාගත් බව පැවැසෙන්නේ, ගුවන් සේවිකාවන් දෙදෙනෙකි.
යානය ගුවන් පථයේ ලිස්සා, එයින් පිටපැන ගොස් හැපී, පුපුරා ගිනි ගනිද්දී, ගුවන්තොටුපොළ ගිනි නිවන භටයෝ වහා ක්‍රියාත්මක වී නිවා දැමීමට යුහුසුළු වූහ. ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්‍රක් රථ 32 ක් යොදා ගැනුණි.
අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ ජේජු ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත්, අංක 2216 ගුවන් යානයයි. ජේජු යනු දකුණු කොරියාවේ විශාලතම සකසුරුවම් ගුවන් සේවයයි.
මගී යානය අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ
වේලාවෙන් අද (29) උදෑසන 9.03 ට පමණය. යානය බැංකොක් අගනුවරින් පිටත් වී ඇත්තේ අද අලුයම 2.29 ටය.
යානයේ පියසැරි දත්ත අඩංගු කළු පෙට්ටිය සෙවීම මේ වනවිට ආරම්භ වී ඇති බවත්, එම කළු පෙට්ටියේ දත්ත අනුව, අනතුරට හේතුව නිවැරදිව දැන ගැනීමට හැකිවනු ඇති බවත් පැවැසෙයි.
දකුණු කොරියාව මේ වනවිට දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටී. දකුණු කොරියානු වැඩ බලන ජනාධිපති චෝයි සංග් මොක් ද මුවන් ගුවන්තොටුපොළට පැමිණ අනතුර සිදුවුණු ආකාරය සහ අනතුර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන ආකාරය පිළිබඳ සොයා බැලුවේය. චෝයි සංග් මොක් දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති ලෙස එම තනතුරට පත්වූයේ පසුගිය 27 වැනිදාය.
(Yonhap පුවත් සේවය ඇසුරිනි)
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දකුණු කොරියාවේ මහා ගුවන් අනතුරක්