(බන්දු තඹවිට)
කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ කුරේ මාර්ගයට සංචරණ සීමා පැනවූ බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය.
දින කීපයකට පෙර කුරේ පාරේ පදිංචිකරුවන් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව, කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම පුද්ගලයාගේ නිවසට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පුද්ගලික වෙළඳ ආයතනයක රැකියාව සඳහා ගොස් ඇති බව හෙළිවී ඇත.
මෙම පුද්ගලයා මීට පෙර කළුතර ප්‍රදේශයේ මුස්ලිම් බාලිකා පාසලක කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස රැකියාව කර ඇති අතර මේ දිනවල පාසල් වසා දමා තිබීම නිසා නැවත පාසල් ආරම්භ කරන තෙක් කොළඹ පිහිටි පුද්ගලික ආයතනයක රැකියාවට ගොස් ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දුරකතනයෙන් එම පුද්ගලයා සම්බන්ධකර ගැනීමේදී මොරවක බලා ධාවනය වන පෞද්ගලික බස් රථයකින් පැමිණෙමින් සිටින බව සැලවීමෙන් අනතුරුව කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග ගොස් බස් රථය නවත්වා එම ආසාධිත තැනැත්තා සෞඛ්‍ය අංශ භාරයට ගැනිණි.
බස් රථය සහ එහි ගමන් ගත් මගීන් විෂබීජාණුහරණය කළ අතර මගියා සමග මුදල් හුවමාරු කළ කොන්දොස්තරවරයාට නිරෝධායනය වීමට උපදෙස් ලබාදී බස් රථය පිටත්කර හැරීමට කටයුතු කර ඇත.
කුරේ පාරේ කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු වාර්තාවීමත් සමග රෝගය පැතිරීමේ අවධානමක් පවතින බවත් එම නිසා එම ප්‍රදේශයේ සංචරණ සීමා කිරීමට කටයුතු කළ බවත් කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා වැඩිදුරටත් පැවසීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණු කළුතර කුරේ මාර්ගයට සංචරණ සීමා