IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


දකුණේ ගංවතුර මට්ටම ඉහළට

(ක්‍රිෂාන් ජිවක ජයරුක්, යසන්ත ආරියසේන, එස් බාලසූරිය, ප්‍රියන්ත දහනායක, කේ.අජිත්, ජේ.කේ.එල්.චාමින්ද,පීති ජයවර්ධන)

අධිකවර්ෂාවත් ගිංගඟ, නිල්වලා ගඟ පිටාට ගැලීම නිසා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි

කිරම ආර පිටාර ගැලීම නිසා කඹුරුපිටිය රෝහලට යන මාර්ගය යටවීම නිසා රෝගීහු මෙන්ම කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.

ගිංගඟ පිටාර ගැලිම නිසා බද්දේගම ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර ඇතැම් ප්‍රදේශවල ජලය අද දහවල් වන විට බැස ගියත් බද්දේගම ප්‍රදේශයට ජල මට්ටම වැඩි වෙමින් පැවැති බව ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු පියුමි රසාංජලි ද සිල්ව මහත්මිය සඳහන් කළාය. කිරම ආර පිටාට ගැනීම නිසා කඹුරුපිටිය කද්දූව මාර්ගය හා ගෝදාව බෝධි රාජාරාම විහාරය ද ජලයෙන් යටවී ඇත. 

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, අතුරලිය, මුලටියන, කොටපොළ, පිටබැද්ද,පස්ගොඩ, කඹුරුපිටිය, තිහගොඩ,ඇතුළු පහත් බිම් රැසකට ගංවතුර අවදානම් තත්ත්වයක් පවතින බව මාතර දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ  පවුල් 1695ක පුද්ගලයන් 6380 අවතැන්ව ඇති අතර එක අතුරුදහන් වීමක් වාර්තා වන බව ද දිස්ත්‍රික්ක ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියයි. 

(ඡායාරූප: යසන්ත ආරියසේන)


 



අදහස් (0)

දකුණේ ගංවතුර මට්ටම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 163 0

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 236 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 271 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 164 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 179 1

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 291 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 280 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site