IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දක්ෂිණ අධිවේගයේ නාය යෑමේ STF සිව් දෙනකුට තුවාල

අයහපත් කාලයගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්දූව අතර කොටසට අද රාත්‍රියේ පස්කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනා ගමනය සම්පර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය පවසයි.

නායයාම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් විශේෂ කාර්්‍ය බලකායේ ගිනි නිවීමේ රථයක් සහ ගිලන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් නිළධාරීන් පස් දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි පොලිස් විශේෂ කාර්්‍ය බලකායේ ගිනි නිවීමේ රථයක් සහ ගිලන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්ථා වේ. මෙයට අමතරව නායයන අවස්ථාවේදී අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් අනතුරට පතවුවත් එහි ගමන් ගත් පිරිසට කිසිදු අනතුරක් සිදුව නොමැති බවද වාර්ථා වේ.

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 102- සැතපුම් කණු අසල කොටසේ පස්වරු 7.55 ට පමණ මෙම පස්කන්ද කඩා වැටී ඇති බව පොලිසිය කියයි. පස් කන්ද කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර, කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පින්නදූව හුවමාරුවෙන් , පිටතට ගොස් යළිත් ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවත්, මාතර දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන ඉමදූව හුමවාරුවෙන්ම පිටතට ගොස් යළිත් පින්නදූව පිවිසුමෙන් යළිත් ඇතුලුවිය හැකි බව අධිවේගී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් ඊ එස් වීරකෝන් මහතා පැවසීය. මේ අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ඕපනායක ප්‍රදේශයෙන් මාර්ගයට පස් කදු කඩා වැටීමෙන් සහ ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිසිය පවසයි. එම මාර්ග භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.

(ඉන්දිකා රාමනායක, නිමල කොඩිතුවකු, කඹුරුගමුව තරංග ගුණරත්න, ක්‍රීෂාන් ජීවක ජයරුක්, සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

----------------------

බිමල් ශ්‍යාමන් ජයසිංහ ,ඉන්දිකා රාමනායක සහ නිමල කොඩිතුවක්කු)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදුව අතර කිලෝ මිටර් 102 ප්‍රදේශයෙන් නායයාම හේතුවෙන් එම ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් ඊ එස් වීරකෝන් මහතා පැවසීය.

කොට්ටාව දෙස සිට හම්බන්තොට දක්වා යාමට අවශ්‍ය පුද්ගලයන් පින්නදුව පිවිසුමෙන් පිටතට ගොස් ඉමදූව පිවිසුමෙන් යළි අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවත් හම්බන්තොට සිට කොට්ටාව දෙසට පැමිණෙන වාහන රියදුරන් ඉමදූව පිවිසුමෙන් පිටතට ගොස් යළි පින්නදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

බදුල්ල කොළඹ මාර්ගයේ ඕපනායක ප්‍රදේශයෙන් ගලක් පෙරැළීමෙන් එම මාර්ගයේ ධාවනය කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (1)

දක්ෂිණ අධිවේගයේ නාය යෑමේ STF සිව් දෙනකුට තුවාල

Anura u a e Thursday, 12 October 2023 10:36 AM

පින්නදූව හන්දියෙන් හැරිලා නැවත මාර්ගයට පැමිණ නිවෙස්වලට යා හැකි බව මාර්ග අධිකාරිය පවසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 31 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 25 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 1599 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 492 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 792 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 241 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 568 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site