(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු කොරියාවට හදිසි හමුදා නීතිය පනවන බව ජනාධිපති යුන් සුක් යෝල් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් අද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා හමුදා නීතිය පැනවීමත් සමග දකුණු කොරියානු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ට ඇතුළුවීමට නොහැකි පරිද්දෙන් මාර්ග බාධක යොදා වසා දැමීමට එරට පොලිසිය කටයුතු කළ අතර විශේෂ බළකා සෙබළුන් පාර්ලිමේන්තුව තුළට බලෙන් ඇතුළු විය.
විරුද්ධ පක්ෂයේ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමටත් උතුරු කොරියානු කොමියුනිස්ට් බලවේගයන්ගෙන් දකුණු කොරියාවට එල්ල වන තර්ජන වලින් රට ආරක්ෂා කර ගැනීමටත් හමුදා නීතිය පැනවීමට තීරණය කළ බව ජනාධිපතිවරයා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැවැසුවේය.
හමුදා නීතිය යටතේ නැවත වරක් නිදහස් හා ප්රජාතන්ත්රවාදී දකුණු කොරියාවක් ගොඩනැගීමට කටයුතු කරන බවද එහිදී ඔහු ප්‍රකාශ කළේය. රාජ්‍ය විරෝධීන් රටතුළ නොසන්සුන් තත්වයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් එවැනි තත්වයක් මත දකුණු කොරියානු ජනතාවගේ නිදහස හා ආරක්ෂාව සහතික කිරීම සඳහා හමුදා නීතිය පැනවීමට සිදුවූ බවත් ජනාධිපති යුන් සුක් යෝල් පැවැසුවේය.
දකුණු කොරියානු පාර්ලිමේන්තුව ජාතික මෙහෙයුම්, මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීම සහ මහජන ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය අයවැය සම්පූර්ණයෙන්ම කප්පාදු කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.ඉන් රාජ්‍යයේ මූලික කාර්යයන් හෑල්ලුවට ලක්වී රට කඩා වැටීමට ලක්වී ඇති බවද ඔහු සඳහන් කළේය.
හමුදා නීතිය ඉවත්කරන තුරු ජෙනරාල් පාර්ක් අන් සෝ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ඇති බවද ජනාධිපතිවරයා එහිදී පැවැසුවේය.
දකුණු කොරියානු පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සභා, දේශපාලන පක්ෂ, සහ දේශපාලන සංගම් මෙන්ම රැස්වීම්, පෙළපාලි ඇතුළුව, සියලුම දේශපාලන ක්‍රියාකාරකම් හමුදා නීතිය ඉවත් කරන තුරු තහනම් බව හමුදා නීතිය පැනවීමෙන් පසුව ජෙනරාල් පාර්ක් අන් සෝ වත්මන් තත්වය පැහැදිලි කරමින් ප්‍රකාශ කළේය.
හමුදා නීතිය පැනවීමත් සමග දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වන ලෙස දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්රටික් පක්ෂයේ නායක ලී ජේ මියුන්ග් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීමත් සමග දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටට ජනතාව විශාල වශයෙන් එක්රැස් වූ අතර ඔවුන් හමුදාව සහ පොලිසිය පසු කරමින් පාර්ලිමේන්තුව ඇතුළුවීමට උත්සාහ කළේය.
නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය කියයි .
අප කියන අදහස් වල වචන කොතරම් ආකර්ෂණීය වුවත් මහපොළොවේ එය ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනු
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රටේ සංසරණයවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානම
රෝගී , සහෝදරයාට රාත්‍රී ආහාර පාර්සලක් ලබාදී මිතුරෙකු සමඟ යතුරුපැදියෙන් නිවස කරා පැමිණෙමින් සිටියදී මොරන්තුඩුව දැල්කඩ හන්දිය අසලදී ටිපර් රථයක ගැටී ඊ
තායිලන්ත ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් කොළඹදී ඊයේ (3) පැවැත්වීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දින 31ක් තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අවස්ථා 233 කදි බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස ප
බලශක්ති ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
දකුණු කොරියාවට හමදා නීතිය පනවයි
පම්පෝරි ජනක Wednesday, 04 December 2024 09:08 AM
ලංකාවේ ටික්ටෝක් කරන නංගිලා ඇන්ටිලා තමයි මේ ප්‍රවෘත්තිය නිසා හුඟක් ම බය වෙලා ඇත්තේ