IMG-LOGO

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා


දිගට හරහර මරණ තර්ජන - ජනපති ට්‍රම්ප්

ඇමෙරිකානුවන් වෙනුවෙන් පෙනී සිටිමින්, ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කිරීමට උත්සාහ ගන්නා තමන්ට, දිගට හරහට මරණීය තර්ජන එල්ල වෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. දෙවැනිවර විශිෂ්ට ජනවරමකින් ජනාධිපති ධුරයට පත් වූ ට්‍රම්ප් මෙසේ කියා සිටියේ, පළමු කැබිනට් හමුවට සහභාගීවෙමිනි.

තමන්ගේ තීන්දු තීරණ සහ විධායක නියෝග හේතුවෙන් තමන් බොහෝ දෙනකුගේ උදහසට ලක් වී සිටින බවත්, තමන්ට මරණීය තර්ජන එල්ල වන්නේ එවැනි පාර්ශ්වයන්ගෙන් බවත් ට්‍රම්ප්, සිය දෙවැනි ධුර කාලයේ පළමු කැබිනට් මණ්ඩල හමුවේදී පෙන්වා දුන්නේය. 

ට්‍රම්ප් දෙවැනි වරට ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පසුගිය ජනවාරි මාසයේය. මරණීය තර්ජන එල්ල වුවත් සමස්ත ඇමෙරිකානුවන් තමන් ආරම්භ කළ ‘ඇමෙරිකාවට සහ ඇමෙරිකානුවන්ට මුල් තැන දී ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ තීන්දු තීරණවලට කැමැත්ත පළ කර ඇතැයි ද ට්‍රම්ප් අවධාරණය කළේය.

කැබිනට් මණ්ඩල හමුවේදී, සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් අමතමින්, ට්‍රම්ප් දෙස් විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිය දැක්ම සහ ස්ථාවරය පැහැදිලි කළේය. ට්‍රම්ප් විසින් පනවනු ලැබ ඇති තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් අතරේ වැඩි වැඩියෙන් සාකච්ඡා විය.

කැබිනට් මණ්ඩල හමුවට ලොව අංක එකේ, බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් ද සහභාගී විය. මස්ක්, ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකවරයාය. ඇමෙරිකාවේ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරිමේ නව ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මස්ක්ය. සෙසු කැබිනට් මණ්ඩල සාමාජිකයන් අසුන් ගෙන ට්‍රම්ප් වටා සිටිද්දී, මස්ක් මුල්ලකට වී සිටි අතර, ට්‍රම්ප් මස්ක්ට අවස්ථාව දුන් විට ඔහු සියලු දෙනා අමතමින්, රජයේ නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

දිගට හරහර මරණ තර්ජන - ජනපති ට්‍රම්ප්

Nihal Dharmatileke Thursday, 27 February 2025 04:51 PM

ඇමෙරිකානුවන් කියන්නේ කවුද? ලස්සන කුරුළු තටුවලින් හදපු හිස්වැසුම් පැළඳගෙන දුනු, ඊතල සහ පොරවක් අතින් රැගෙන යන්නේ රතු ඉන්දියානුවන්ටයි. ලොකුවට කතා කරන්නේ ඇමෙරිකානුවෝ... නොයෙකුත් රටවල් වලින් ඇරපු අය...

:       4       10

Nihal Thursday, 27 February 2025 07:43 PM

වර්ණ භේදය මුල්ව කරගෙන කලු ජාතිකයන් වින කරන තාඩන පීඩන සීඝ්‍රෙයන් ඉහළ යනවා. අවුරුද්දකට රටක්. අවුරුද්දකට 40000ක් පමණ වෙඩි තියලා මරනවා. බපලෝ නගරයේ අපේ අය 10 ක් වෙඩි තියලා මැරුවා එම විත්තිකරුට මරණීය දණ්ඩනය දුන්නේ නැත්තේ සුදු ජාතිකයෙක් නිසානේ...

:       5       7

ඔබේ අදහස් එවන්න

දියත

ඌරාට තැබූ වෙඩිල්ල වැදී දැරිය මරුට
2025 පෙබරවාරි මස 28 643 0

ඌරන් දඩයම් කිරීමට තැබූ වෙඩිල්ලකින් දැරියක මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.


තියුණු ආයුධවලින් කපා කොටා අයියා මලෝ මරලා
2025 පෙබරවාරි මස 28 802 0

බද්දෙගම ,මිරිස්වත්ත,මද්දෙවිල ප්‍රදේශයේ ඊයේ(27) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුමුවට පත්වී ඇතැයි බද්දෙගම පොලීසිය කියයි.


අදත් තැනින් තැන වැසි
2025 පෙබරවාරි මස 28 97 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපා


ජනපති කොමිසන්වලට ලක්ෂ 5301ක් වැය කරලා
2025 පෙබරවාරි මස 28 587 0

පසුගිය රජයන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා දාහතරකට රුපියල් කෝටි 53 කට වැඩි මුදලක් ( ලක්ෂ 5301ක්) වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලි


චීන රොබෝවෙක් පහර දෙන්න හදලා
2025 පෙබරවාරි මස 28 2493 0

චීනයේ තාක්ෂණික සැණකෙළියක් අතරතුරේ, ඊට යොදවා සිටි මානවරූපි කෘත්‍රිම බුද්ධි රො‍බෝවකු සැණකෙළියට සහභාගී වී සිටි නරඹන්නන්ට පහර දීමට උත්සහ ගන්නා අයුරුත්,


ජනපති දිසාපතිවරුන් කැඳවයි
2025 පෙබරවාරි මස 27 1013 0

රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 8 ඇතුලත ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 44 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 340 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 479 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site