(කුමාර සී. ලියනආරච්ච්)
ඓතිහාසික දීඝවාපි දාගැබේ දකුණු පස වාහල්කඩ කැණීමේදි හමුවු ශෛලමය මංජුසාවේ තිබී රත්රන් කරඬු 4ක් සහ පළිගු කරඬුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයේ නිලධාරීහු සොයාගත්හ.
එම කරඩු හතර තුළ රන් පත් ඉරුවලින් සකසන ලද කුඩා මංජුසා 6ක ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබිණ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසා සිටියේ රත්රන් කරඬු 4ක් එකම මංජුසාවක තිබී හමුව ප්‍රථම අවස්ථාව මෙය බවයි.
රත්රන් කරඬු තුළ අලංකාර ආභරණ කොටස් බවට සැක කළ හැකි පළිඟු දෙකක්ද විය. වෙනත් කිසිදු කරඬුවක මෙපරිදි පළිඟු දක්නට නොලැබුණු බව පුරාවිද්‍යා නිලධාරීහු පැවසූහ.
පස්වැනි සියවසට අයත් දීඝවාපි දාගැබේ දකුණු වාහල්කඩ මත ඉකුත් 18 වැනි දින කැණීම් සිදුකරමින් සිටියදී, නිධන් හොරුන් විසින් විනාශ කරනු ලැබු ස්ථානයක් හඳුනා ගත් කැණීම් බාර නිලධාරි සේනක චන්ද්‍ර කුමාර මහතා ඇතුළු නිලධාරීහු එම ස්ථානය පරීක්ෂා කළහ. එහිදි කළුගලින් සකස් කරන ලද ආවරණයක් තිබී ඇති බව දැකගැනීමට හැකිවිය.දීඝවාපි රජමහ විහාරස්ථානායේ විහාරාධිපති මහඔය සෝභිත ස්වාමින් වහන්සේගේ සහ අම්පාර දිසාපති ඩී.එල්.එම්.බණ්ඩාරනායක මහතාගේ පරීක්ෂාව යටතේ එම ස්ථානයේ තවදුරටත් කැණීම් සිදු කරන ලදී. එහිදි අගල් 18ක් උසින් යුත් ශෛලමය මංජුසාවක් සොයා ගැනීමට ඔවුන්ට හැකිවිය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසා සිටියේ, දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වසර තුනක පමණ කාලයක් ගත වන බවත්, ඒ කාලය තුළ මෙම මංජුසාව සුරක්ෂිත කිරීමටත් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම සොයාබැලීම සඳහා මංජුසාව පුරාවිද්‍යා නිලධාරින් විසින් අම්පාර දිසා ලේකම් කර්යාලය වෙත ගෙන යන බවත්ය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාර සංරක්ෂණ අධ්‍යක්ෂක ගීතානී කුරුප්පු ආරච්චි, පුරා විද්‍යා පර්යේෂන නිලධාරි ජනනී සේනවිරත්න, දීඝවාපි කැණීම් බාර නිලධාරි සේනක චන්ද්‍රකුමාර, කැණීම් භාර නිලධාරිනි අනුරාධා ප්‍රියදර්ශනී යන පුරා විද්‍යා නිලධාරින් සහ නිලධාරිනියන් විසින් අම්පාර දිසා ලේකම් කාර්ලයේ දී ඊයේ (23) මෙය පරීක්ෂා කරන ලදී.
මෙම පරීක්ෂණය අවසානයේදි රත්රන් කරඬු හතරක වැඩ සිටි ධාතුන් වහන්සේලා 6නම සඳහා බෞද්ධ පිළිවෙත්වලට අනුව වතාවත් ඉටු කරන ලදී.
එම ධාතුන් වහන්සේලා මහජන ප්‍රදර්ශනය සදහා දීඝවාපි රජමහා විහාරස්ථානයේ පහසුකම් සපයන බවත් ඒ සදහා දැනට පවතින කොරොනා තත්ත්වය මත තීරණ ගැනීමට සිදුවන බවත් දිසාපතිවරයා පැවසීය.එතෙක් අම්පාර දිසා ලේකම් කාර්යාලයේ විශේෂ කුටියක මෙම ධාතුන් තැන්පත් කර නිසි පරිදි පුජා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දීඝවාපී දාගැබේ ශෛලමය මංජුසාවක රන් කරඬු 4ක් - පළිඟු කරඬුවක්
සදිසා Thursday, 26 November 2020 01:24 AM
නොයෙකුත් විරෝධතා හා ඡන්ද විමසීම් වැනි දෑ ඇතිවන කලට ගංගා දෙබෑකර නාගයින් මතුවීම, ධාතු වැඩීම ආදී ආශ්චර්යයන් සිදුවීම එදා පටන් මෙසිරිලක අළුත් දෙයක් නොවේ.
sharm warn Thursday, 26 November 2020 02:48 AM
හරිම සතුටුයි මේ පුවත ගැන. මේ ධාතූන් වහන්සේලා ඉක්මණින් ආපසු නිසි ගෞරවයෙන් යුතුව තැන්පත් කරනවා නම් ඒවා සුරක්ෂිතව තියේවි. එළියේ තියෙන කොට ඉතින් අයිතිකාරයෝ එහෙම පහළ වෙන්නත් පුළුවන්.