IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දීඝවාපී සෑ ගැබේ ධාතු තැන්පත් කරයි

(වසන්ත චන්ද්‍රපාල සහ අංජුල මහීක වීරරත්න)

අම්පාර ඓතිහාසික දීඝවාපි රජ මහා විහාරයේ චෙත්‍යයේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරිම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පවත්වනු ලැබිය.

දීඝවාපි මහා සෑය නිර්මාණකරුවා සද්ධාතිස්ස මහ රජතුමාය ඔවුහු දිගාමඬුල්ලේ කළ සුවිශේෂී කාර්ය භාරය වන්නේ සම්බුදු සිරිපා පහස ලත් දීඝවාපි චෛත්‍යය රාජයනන් වහන්සේ ඉදිකිරීමයි ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වන අන්දමට තිස්ස කුමාරයා විසින් දුටුගැමුණු රජු අනුරාධපුරයේ ඉදි කරමින් සිටි රුවන්වැලි සෑය නිමාවට පත් කිරීමට නොහැකි නිසා රජුගේ අවසාන මොහොතේදී රුවන්වැලි සෑය නම් වූ බව පසක් කිරීම සඳහා චෛත්‍ය වටා සුදු රෙදි අතුරා දැක ගැනීමට සලස්වා ඇත. දුටුගැමුණු රජුගේ අභාවයෙන් පසු (ක්‍රි.පු.137 - 119) රාජ්‍යටපත් සද්ධාතිස්ස මහ රජු අනුරාධපුරයේ සිට දීඝවාපිය දක්වා යොදුනෙන් යොදුනට වෙහෙර විහාර (ගාවුත විහාර ) ඉදි කරන ලදී.

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ද එකසිය අසුපස් රියනක් උසට ඉදිකර සතැරස් කොටුවේ සිව් දිසාවට රියසක් පමණ නම් මල් අතුරා රන් කෙඳිවලින් පළඳනාවක් කර පළඳවා සත් රුවන් ඇමුණු සැට්ටයක් කරවා කරවා පූජා කළ බව ඉතියහාසයේ සදහන් වෙයි.

1962 වර්ෂයේ ආරම්භ කළ කැණීම් කටයුතු 1960 දක්වා සිදුකළ අතර ත්‍රස්තවාදී උවදුරු හමුවේ සංරක්ෂණ කටයුතු අඩාල විය. වර්තමාන සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලද්දේ මීට වසර පහකට පමණ පෙර දී එය නැවත වතාවක් අතරමග නතරවිය.නැවත වතාවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට මෙම වගකීම බාර දී තිබේ

ඒ අනුව දෙදහස් 2011.11.11 වන දින දකුණු වාහල්කඩ ප්‍රදේශය ප්‍රදේශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් මුල්ගල තබා මෙම චෛත්‍ය වැඩ ආරම්භ කරන ලදී.

එතැන් පටන් ශ්‍රි ලංකා යුධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය නැවත දිඝවාපි චෙත්‍යය ප්‍රති නිර්මාණය කිරිම ආරම්භ කර ඇති අතර පුරා විද්‍යා දෙපාර්මේන්තුවේ පුර්ණ අධික්ෂණය යටතේ චෛත්‍ය යේ වැඩ කටයුතු නිමවෙමින් පවති.

මෙම ධාතුන් වහන්සේලා තැන්පත් කිරිමට පෙර දීඝවාපි විහාරස්ථානයේ සති පිරිතක් පවත්වා එහි අවසන් දිනය අදින් අවසන් විය.

කරඩු දෙකක තැන්පත් කරන ලද ධාතුන් වහන්සේලා චෙත්‍යය උඩට වැඩම කරවීම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් සිදුකරනු ලැබිය.

ඉන් අනතුරුව එම කරඩු දෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාර දිමෙන් පසුව සියක් නමක් භික්ෂුන් වහන්සේලා ගේ සෙත් පිරිත් මැද දහස් ගනනක ජනයාගේ සාදුකාර මැද චෛත්‍යයේ ධාතු ගර්භයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරනු ලැබිය.

මෙම ධාතු තැන්පත් කිරීමට සමගාමිව දිඝවාපි පුදබිමේ ඉදිකරන ලද ධාතු මන්දිරය විවෘත කිරිම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලැබිය.මෙම ධාතු මන්දිරය ශ්‍රිලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරනු ලැබිය.

ශ්‍රිලංකා නාවික හමුදාව විසින් ඉදිකරන ලද නේවාසිකාගාරය අපවත්වි වදාල දරණාගම කුසලධම්ම හිමි අනුස්මරණ ශාලාව උන්වහන්සේ ගේ මෑනියන් කැරලයින් නෝනා බාලසුරිය මිය විසින් විවෘත කරනු ලැබිය.

අස්ගිරි මහා විහාරිය පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමි, බෙල්ලන්විල විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි , රාමාඤ්ඤ නිකායේ අනුනායක අංකුඹුරේ පේමවංශ හිමි , බෙංගමුවේ නාලක හිමි . පොතුබන්ධණ පුරාණ රජමහා විහාරාධිපති මල්වතු මහා විහාරිය කාරක සංඝ සභික මහඔය ජිනතරන හිමි උතුරු නැගෙනහිර දෙපලාතේ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක කිරිදිවැල සෝමරතන හිමි ඇතුල් මහා සංඝරත්නය මෙම අවස්ථාවට සහාභාගි විය.්‍

සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා,නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එස්.ඒ.කුලතුංග 24 සේනාංකාධිපති මේජර් ජෙනරාග්අනිල් පෙරේරා මහතා ඇතුලු විශලා පිරිසක් සහාභාගිවිය.



අදහස් (0)

දීඝවාපී සෑ ගැබේ ධාතු තැන්පත් කරයි

ඔබේ අදහස් එවන්න

දියත

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 14 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10583 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5262 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7442 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4969 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1247 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36519 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24204 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 530 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site