(රෝෂන් තුෂාර)
ජනතාව මුලා කරමින් "දැඩිගම" නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී.ප්‍රනාන්දු මහතා නිකුත් කළේය.
දැඩිගම වෙළඳ ලකුණට සමාන නම් යොදා ගනිමින් අසාධාරණ තරඟයක නියැලීම වළක්වමින් මෙම වාරණය මහනුවර කටුගස්තොට, කුරුණෑගල පාරේ ඩි.ඒ.සි.පි. දැඩිගම උකස් පුද්ගලික සමාගමට නිකුත් කෙරිණි.
දැඩිගම උකස් මධ්‍යස්ථානය(Dedigama pawning sentre)දැඩිගම රන් ණය මධ්‍යස්ථානය(Dedigama gold loan sentre)දැඩිගම උකස්කරුවෝ(Dedigama pawn Brokers) යන නාමයන්ට සමාන නාමයන් භාවිතා කිරීම ,දැඩිගම වෙළඳ ලකුණ භාවිතා කිරීම,දැඩිගම නමින් ප්‍රචාරය කිරීම, දැඩිගම නමින් නව වෙළඳසැල් ආරම්භ කිරීම වළක්වමින් මෙම වාරණය නිකුත් කෙරිණි.
දෙහිවල පාර, මහරගම දැඩිගම ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් හා එහි සභාපති රංජන් මලින් දැඩිගම මහතා බුද්ධිමය දේපල පනත යටතේ පැවරු නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කෙරිණි.
සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකාර සමාගම දැඩිගම කෙරෙහි ජනතා විස්වාසය හා කීර්ති නාමය භාවිතා කරමින් ව්‍යාජ ව්‍යාපාරයක නිරතව සිටින බවය.විත්තිකරුවන් පැමිණිලිකරුවන්ගේ දැඩිගම නාමයට සමාන වෙළඳ ලකුණක් භාවිතා කරමින් එම වෙළඳ ලකුණ ඇතුළත ජනතාවට නොපෙනෙන අයුරින් ඩි.ඒ.සි.පි. අකුරු හතර යොදමින් අසාධාරණ තරගයක නිරත වන බවද පැවසීය. 1950 ආරම්භ කළ දැඩිගම ගෲප් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව පුරා ශාකා 281 ක් ස්ථාපිත කර ඇති බවත්,විත්තිකරු එම ජනප්‍රියතාවය ව්‍යාජ ව භාවිතා කරමින් සිටින බවත් පැවසීය.2023 අංක 36 දරණ බුද්ධිමේ දේපල පනතේ 144 වගන්තිය ප්‍රකාරව මෙය නීති විරෝධී ක්‍රියාවක් බවත්,එම පනතේ 121 වගන්තිය,160වගන්තිය යටතේ අසාධාරණ හා ජනතාව නොමග යවන සුළු ක්‍රියාවන් බවය.
එහෙයින් ජනතා විශ්වාසය දිනූ පැමිණිලිකරුගේ කීර්ති නාමය උපයෝගී කරගනිමින් වෙළඳ කටයුතුවල නිරත වීම වළක්වන වාරණ නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් නොතීසී විත්තිකරුට නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර සමාගමට වාරණ නියෝගයක් පනවමින් ලබන 29 වැනි දින අධිකරණය කරුණු දක්වන ලෙසට නියෝග කරමින් අතුරු තහනම් දැන්වීම් හා නොතීසී නිකුත් කළේය.
පැමිණිකාර සමාගම වෙනුවෙන්සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි නීතිඥය මනෝජ් බණ්ඩාර මහතා සමග නීතිඥ චමත්කාද සිල්වා මෙනවිය , නීතිඥ ලක්ෂණි මෙනවිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
’’දැඩිගම’’ නම අවභාවිතා කළාට සමාගමකට වාරණයක්
Prabha Monday, 20 May 2024 10:28 PM
කොයි දැඩිගමත් කරන්නේ ගිනි පොලියට උගස් ගන්න එක තමා.
Lakshman Sarathchandra Tuesday, 21 May 2024 03:17 PM
අධිකරණ නියෝගය නිවැරදියි..