(සමන් පාලිත නානායක්කාර)
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි.
මෙම බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බවත් බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බවත් බස් රථයේ රියදුරු ගේ දස්කමින් සිය ජීවිත බේරා ගැනීමට හැකිවූ බවත් එම බස් රථයේ සිටි මගීහු පැවසූහ.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි
thepaanis Monday, 30 January 2023 04:28 PM
මේ ඉන්දියාවෙන් ගෙන්වපු අලුත් බස් නේද? තිරිංග ක්‍රියාවිරහිතයි..?
Shantha - Qatar Monday, 30 January 2023 06:19 PM
දැන් මෙතැනදී බලන්න ඕනෑ... බස් එකේ අඩුපාඩුද? රියදුරු මහත්තයාගේ දක්ෂකමද?
චන්දන Monday, 30 January 2023 08:59 PM
රියදුරු ගේ ඉවසිලිමත් බවත්, තැනට සුදුසු නුවණත් පහල කරගනිමින් පෙන්වපු දක්ෂතාව ඉහලින් ම අගය කල යුතුය . සැබවින්ම දක්ෂ රියදුරෙකි .
mihiraTuesday, 31 January 2023 12:14 PM
අනිත් රටවල මෙවැනි අනතුරු වලදී ඉස්සෙල්ලාම කරන්නේ රියදුරාගේ රුධිරය පරීක්ෂා කිරීමයි .ඒක උනාද?
Roshan Monday, 30 January 2023 07:13 PM
මේ අලුතෙන් ගෙනාපු බස් නෙමෙයි...
LallaMonday, 30 January 2023 11:07 PM
ඩිපෝවේ කාර්මික ශිල්පීන්ගේ නොසැලකිලිමත් වෘත්තීය නොවන වැඩ. අවම වශයෙන් දිගු ගමනකට පෙර බස් රථ පරීක්ෂා කර නැත
Ruhunu Monday, 30 January 2023 05:09 PM
ප්‍රයිවට් බස්වල වගේ අඩු මාසෙන් ඉපදිච්චි රියදුරන් වගේ නෙවෙයි. සීටීබී... එකේ ඉන්නේ පලපුරුදු රියදුරන්. ඔබගේ දක්ෂ ක්‍රියාව අපි අගය කරමු.
Don perea Monday, 30 January 2023 06:28 PM
මේඩ් ඉන් ඉන්දියා...
arschfikaaMonday, 30 January 2023 11:25 PM
එහෙමනම් ගනින්කෝ සුරුට්ටුවෝ ශ්‍රිලංකාවේ හදපු බස්
Sarath Dharmakeerthi Monday, 30 January 2023 11:25 PM
කල්පනාකාරීව කටයුතු කරමින් මගී ජනතාවගේ ජීවිතත් බේරාගෙන බරපතල ඛේදවාචකයක් මගහැරගත් දක්ෂ රියැදුරු මහතාට ජාතියේ ප්‍රණාමය.
HARAMANISTuesday, 31 January 2023 03:45 PM
පුතානො ඩයිවු කරානම් කොහොමද?
Sahan Tuesday, 31 January 2023 01:46 AM
ඔබගේ වීර ක්‍රියාවට අපි හිස නමා ආචාර කරනෙමු.
Gamini Tuesday, 31 January 2023 05:00 AM
මීට පෙරත් මෙවගෙ සිද්දික් වෙලා. බස් ඒක මෙ වගෙ කන්ඩියකට අල්ල CTB රියදුරු මහතෙක් දිවි පිදුව මට මතකයි. ඵ්රයිවට් බස් ඒකක මෙ වගෙ උනනම් කටත් කලින් රියදුරයි කොන්දොස්තරයි පැනල දුවන්නෙ.
isuru Tuesday, 31 January 2023 11:06 AM
වීරයෙක්...!!!
jayantha Wednesday, 01 February 2023 07:38 AM
මෙන්න පාර්ලිමේන්තු යැවිය යුතු බුද්ධිමත් මිනිස්සු. ජයවේවා