IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දෙදරු පියා බිම තැබූ කොසය පොලිසිය කරේ තියන් දුවයි

(සුරංග රාජනායක)

මෙරට ඉහළම ප්‍රභූවරයකු ගමන් ගත් මාර්ගයේ සිය හත් හැවිරිදි දරුවා ද සමඟ කොස් ගෙඩියක් කර තබාගෙන ගිය තිදරු පියා ගම්පොල පොලීසිය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

අවුරුදු 9,7 සහ 3 ,වයස්වල පසුවන සිය දරුවන් තිදෙනාට හා බිරිඳ මෙන්ම තමාට ආහාර සඳහා නිවෙසේ කිසිදු දෙයක් නොමැති නිසා දහවල් ආහාරයට කොස් ගෙඩියක් සොයා ගත් මෙම පියා එය රැගෙන නිවස කරා යමින් සිටියදී ගම්පොල ගලහා වාරියගල ප්‍රදේශයට පැමිණ සිටි  පොලිස් නිලධාරීන් මෙම තිදරු පියා හා දරුවා ඔවුන් භාරයට ගෙන බොහෝ වේලා රඳවා තබාගෙන හිංසාවට ලක් කළැයි චෝදනා එල්ල වී තිබේ.

යු.ජී.සුදත් නැමති මෙම තිදරු පියාගේ නිවස ඇත්තේ මෙම ප්‍රභූවරයා ගොස් සිටි ප්‍රදේශයේ වන අතර මොහු සඳහන් කරන්නේ  ප්‍රභූවරයා පැමිණි බව තමා නොදන්නා නිසා කොස්ගෙඩිය ද රැගෙන නිවස කරා යමින් සිටි බවයි.

නමුත් පොලිසිය මොහුට චෝදනා එල්ල කරමින් පවසා සිටින්නේ මෙම ප්‍රභූවරයාගේ ගමන් මාර්ගය අවහිර කිරීමේ අරමුණින් ඔහු ගමන් ගත් බවයි.

ඒ සඳහා පොලිසිය මෙම ගමේ අයකුගෙන් සාක්ෂියක් ද ලබාගෙන ඇති අතර ප්‍රදේශය පුරාම පොලිස් ජීප් රථ පොලිස් ත්‍රීවිල් රථ යොදවමින් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.

මෙම සිද්ධියත් සමග එම තිදරු පියා බිරිඳ හා දරුවන් දැඩි බියකට පත්ව ඇති බවද ඔවුන් පවසන්නේ ය.

ගම්පොල උසස් නිලධාරීයකු මොහුට ඇමතුමක් දී සඳහන් කර ඇත්තේ වහාම පොලිසිය වෙත පැමිණ කටඋත්තරයක් ලබා දෙන ලෙසයි.

ඒ අතර සිකුරාදා දින නිවසට පැමිණි පොලිස් නිලධාරියකු ද කොළයක් ලබාදී පොලිසිය වෙත පැමිණෙන ලෙස මොහුට දන්වා තිබේ.

බුදු පිළිම ,දේව පිළිම ,ජේසුස් වහන්සේගේ රුව පල්ලි පන්සල් කෝවිල් ආදිය කඩදාසි වල මුද්‍රණය කිරීමේදී ඒවා බිම වැටී මිනිසුන්ට පෑගීම ,භාණඩ එතීම වැනි විවිධ දේවලට එම කොල ගැනීම ආදිය නිසා එවැනි ශාස්තෘවරුන්ට අගෞරවයක් වන නිසා එයට නිසි වැඩපිළිවෙළක් සකස් කරන්නයි පවසා සුදත් නැමැති මොහු ඒ සඳහා මහජන අවධානය ගැනීම සඳහා රට පුරා යමින් ඊට අත්සන් ලබාගෙන තිබුණි.

එම අත්සන් ලේඛණය කිලෝමීටර තුනක් දිග එකක් වන අතර එය මහජන ප්‍රදර්ශනයටද තබා තිබුණි. ඒ මීට වසර පහකට පෙරය.

මෙම ක්‍රියාව පදනම් කරගෙන පොලිසිය මොහුට මෙසේ චෝදනා එල්ල කර ඇතැයි සඳහන් විය. නමුත් මොහු පවසන්නේ ජනාධිපතිවරයා මෙම ප්‍රදේශයට පැමිණීම තමා මෙන්ම බොහෝ දෙනකු නොදන්නා බවය.

ඒ නිසාම මෙවැනි චෝදනාවලින් තමාට යම් කරදරයක් උවහොත් දරුවන්ට කුසගින්නෙන් මිය යාමට සිදුවන බව ද ඔහු පවසයි. ජීවත්වීමට නිසිලෙස නිවසක්ද නොමැති තමා ඉතා දුප්පත් අයකු බවත් මෙවැනි චෝදනාවලින් තමා තවත් මානසික පීඩාවට පත්වන බවත් මොහු සඳහන් කරන්නේය.

බුදු දහම හා විෂ්ණු දෙවියන් අදහන තමාට කිසිවකුට හිරිහැරයක් කිරීමට අවශ්‍ය නොවන බව ද මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර තමාට පිහිට වන ලෙසද ඔහු ඉල්ලා සිටී.

 



අදහස් (20)

දෙදරු පියා බිම තැබූ කොසය පොලිසිය කරේ තියන් දුවයි

Perakum Sunday, 03 September 2023 05:32 PM

ජනපති රනිල් මැදිහත් වී මේ අසරණයා බේරා දමන්න…!

:       6       43

nimalSunday, 03 September 2023 07:10 PM

මෙම තිදරු පියාගේ සහ ප්‍රභූවරයාගේ සහ කොස් ගෙඩියේ කතාව මෙතරම් දුරක් යාමට අවශ්‍ය නැත. මෙම තිදරු පියාට යම් මසකට මුදලක් ලබාදෙමින් කාර්මික පුහුණුවක් ලබාදී ඉන්පසු රැකියාවක් වෙත යොමුකිරිම සහ ඔහුට නිවසක් සදා දීමට හැකිනම් වැදගත්... ඕනෑම පුද්ගලයකු දුප්පත් වුවද ආත්ම ගරුත්වයක් තිබේ.

:       4       81

Rata PerataMonday, 04 September 2023 12:02 PM

එය මැදිහත් වෙන්නෙ ශිරන්ති, සශි වීරවන්ශ වගේ අයගෙ කේස් වලට විතරයි. මෙ මිනිහගෙන් එයාට වැඩක් නෑනෙ.

:       1       7

රාවණා Sunday, 03 September 2023 06:00 PM

අවධානය ද ඉල්ලන්නේ?

:       9       20

අසාධාරණ Sunday, 03 September 2023 06:02 PM

ඇත්තටම ජනාධිපතිතුමා තවමත් මේක නොදන්නවා නම් එතුමාගේ කාර්‍ය මණ්ඩලය ඉතාමත් දුර්වලයි කියලා කියන්න පුළුවන්... ඇත්තටම එතුමාගේ මාධ්‍ය ලේකම්වරුන් කරන්නේ මොනවද කියලා අහන්න වෙනවා... මම දකින්නෙ නම් මේක එතුමාට කරන අපහාසයක් හැටියට තමයි...

:       5       53

Anil Sunday, 03 September 2023 06:11 PM

මේ පොලීසියේ අයට පිස්සුද? අහිංසක මිනිස්සුන්ට නිකම් හිරිහැර කරන්නේ...!

:       7       68

nayaniSunday, 03 September 2023 07:15 PM

පොලිසියේ ඉන්නේ නූගත්, අනුන්ට ඉරිසියා කරන, බඩ තඩි පිස්සන් රැලක්. ශ්‍රී ලංකා පොලිසියේ පමණයි මේ වගේ අය රස්සාව කරන්නේ...

:       5       55

Perakum Sunday, 03 September 2023 09:03 PM

නයනි පරිස්සම් වුනොත් හොඳයි. දන්නවානේ අපේ පොලිස් කාරයින්ගේ පහත් වැඩ...!

:       1       22

Mangala U RanasingheTuesday, 05 September 2023 01:17 PM

සම්පූර්ණ ඇත්ත. සාමාන්‍ය පෙළවත් සමත් නොවුණු, තමන්ගෙ කාර්ය මහජනයා රැකීම බව නොදන්නා අමන හැත්තක් පොලිසියේ ඉන්නේ. ලංකාවේ පොලිසිය තමයි ලෝකෙ තියෙන පහත්ම පොලිසිය. උන් හිතාගෙන ඉන්නේ උන් ඉන්නේ ප්‍රභූවරු රකින්න කියලා. ඔවුන් දන්නෙ නෑ ්‍රභූවරු පත්වෙන්නේ ජනතා ඡන්දයෙන් බව සහ පොලිසිය වැටුප් ගන්නේ ජනතාවගේ මුදලින් බව. පොලිස්පති කියන පුද්ගලයා මේ පිළිබඳව මොකද කියන්නේ? ඔබට විරුද්ධව ාත්‍යන්තර ක්ෂමා ආයතනය ක්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව කොමිෂන් සභාවේති පැමිණිලි කළ හැකි බව ඔබ දන්නවාද? හැම දේටම බොරුවට කෑගහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙවැනි අසරණයන් පිළිබඳව නිහඩ ඇයි? එතුමාගේ මාධ්‍ය ලේකම් මෙය දැක්කේ නැද්ද?

:       0       1

TKSunday, 03 September 2023 09:19 PM

මේවා පිටුපස ගොඩක් දෙනා නොදන්න පැති තියනවා. නැත්නම් කොස් ගෙඩියක් නිසා මේක මෙච්චර ආන්දෝලනාත්මක වෙන්නේ නෑනේ. කවුරු හරි මේ පුද්ගලයාව අදිසි හස්තයකින් පාලනය කරනවා වෙන්න බැරිද?

:       42       18

Kanishka Rashantha Sunday, 03 September 2023 07:32 PM

සත පහේ සක්කිලි... බලන්න ඒ අහිංසක මිනිස්සු දිහා... වරදක් කළත් දඬුවමක් කරන්න හිතෙනවාද...?

:       4       42

Lalla Sunday, 03 September 2023 09:16 PM

ජීවත්වෙන්න මාර්ගයක් නෑ. ඒ වුණාට දරුවෝ තුනක්... ඉස්සර වෙලාම ජීවනෝපාය මාර්ගය හදාගන්න ඕන කියලා නොදන්නා කමද? බෝකිරීම වෘත්තියද? අනුකම්පාව තමා ලංකාවට හෙනහුරා. මේ වගේ අය සමාජයේ අනුකම්පාවට බඳුන්වියයුතු නෑ...

:       39       13

pakeer Sunday, 03 September 2023 09:32 PM

ප්‍රභූවරයා තමයි ජනාධිපති...!

:       1       19

Bandara Sunday, 03 September 2023 10:15 PM

ජනාධිපතිතුමා මේ ගමන ගිහින් තියෙන්නේ කාටත් හොරෙන් කිසිවකුටත් නොදන්වා. ඒක කාටවත් දැන ගන්න බෑ. පොලිසිය කියන විදියට සැලසුම් කර ආවානම් මේ කැලේ ඉන්න මිනිහා දැන ගත්තේ කොහොමද? එහෙනම් ජනාධිපතිගේ ආරක්ෂාවේ කොහේ හෝ තැනක දුර්වලකමක් තියෙනවා කියලයි මට තේරෙන්නේ. ජනපති එන බව මේ මිනිහා කලින් දැනගත්තා නම් ජනාධිපතිතුමා යන තැන් තවත් අය දැන ගනී. එය එසේ වෙලානම් ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට තර්ජනයක්. දවස් ගණන් පෝලිම්වල ඉන්නැද්දි ඒ පෝලිම් නැතිකලේ රනිල් මහත්තයා ඒක කවුරුත් දන්නවා. එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් මීට වඩා යමක් කළ යුතු යැයි මා සිතනවා

:       51       16

Perera Monday, 04 September 2023 03:25 AM

දේශපාලුවන්ට ගැතිකම් කරන අයට නම් හෙණ 7ම වදින්න ඕනේ...

:       0       6

Suga Monday, 04 September 2023 09:14 AM

මේකෙ කොටන හයිපං පොරකට බැයිද මෙයාට රස්සාවක් හොයාල දෙන්න

:       1       3

Mangala U RanasingheTuesday, 05 September 2023 01:23 PM

මිත්‍රයා, මේ වෙලාවේ ඔය මනුස්සයට රස්සාවක් හොයලා දෙනවට වඩා ආරක්ෂාවක් හොයලා දෙන එක නේ විය යුත්තේ. පොලිසිය තියෙන්නෙ ජනතාව ආරක්ෂා කරන්න. ඒත් ඔවුන් කරන්නේ ජනතාව ආරක්ෂා කරනවා වෙනුවට ජනතාව බියවද්දා හිරිහැර කිරීම. මෙවැනි වැඩපළට විරුද්ධව ජනතාව පෙළ ගැසිය යුතුයි.. කෝ ගම්පොළ ප්‍රදේශයේ විපක්ෂයක් නැද්ද? ප්‍රේමදාස ලොක්කගෙ කට්ටිය ඔය පැත්තෙ නැද්ද? හැම මගුලටම බාල්දි පෙරලන ජේවීපී එක කෝ? මේ අසරණයාගේ ඡන්දය උන්ට වැඩක් නැතිව ඇති . මිනිසුනේ ඇස් ඇරපල්ලා. දේශපාලකයෝ ඔක්කොම බොරුකාරයෝ. පොලිසියට අමතක වෙලා උන් පඩි ගන්නෙ මහජනතාවගේ සල්ලි වලින් කියලා

:       0       0

චන්දන Monday, 04 September 2023 09:27 AM

ඔය කියන ප්‍රභූවරු පහුගිය කාලෙ ඇඳන් යට හිටිය මතක්ද දන්නෙ නෑ. ආයෙ එවැන්නක්ද ඕන වෙලා තියෙන්නෙ. මෙවැනි අමන ක්‍රියා තියෙනකම් රට ගොඩ දානව බොරු. මුන්ට මොනවද ඕන.

:       1       8

Sanath Monday, 04 September 2023 01:24 PM

සතර පෙර නිමිති මතක් වුණා... අපේ රටේ කන්න නැතිව කොස් තම්බලා කන මිනිස්සු ඉන්න බව ලොක්කා දැනගන්න හොඳ නෑ. සට්ටැමියෝ නිසා තමයි මේ රට තව වලට යන්නේ...!

:       0       2

Mf Monday, 04 September 2023 04:56 PM

දැන් රටේ මිනිස්සු කොස් ගෙඩියක් කන්නත් ප්‍රභූ අවසරය ගන්න වෙනවා. 2048 වෙනකන් කොස් කන්න එපා.. 2048 අපේ රටට සුද්දියෝ වැඩට එනවා. අපේ රට සංවර්ධිත රටක්.. එදාට අපි කමු. චීන්නු වගේ. ගෙම්බෝ, නයි, කැරපොත්තන්..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 4 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 617 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 539 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 606 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 833 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 3801 10

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26093 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 324 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 420 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1358 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site