(විනීතා එම් ගමගේ)
වතුකම්කරුවන් සදහා රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබා දීම පිළිබදව අදාල පඩිපාලක සභා සමග සාකච්ඡා කර ඉදිරි දෙසතිය තුළ තීරණයකට එළැඹීමට පියවර ගන්නා බවත් එහිදී තීරණය ගන්නට නොහැකි වුවහොත් පඩි පාලක සභා සාමාජිකයන්ගේ ඡන්දය විමසීමට පියවර ගන්නා බවත් කම්කරු කොමසාරිස් ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප‍්‍රකාශ කළේය.
මේ සදහා තේ වැවීමේ හා සෑදිමේ කර්මාන්ත සදහා වූ පඩි පාලක සභාව සහ රබර් වැවීම හා පැලකිරීමේ කර්මාන්ත සදහා වන පඩි පාලක සභාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද චන්ද්‍රකිර්ති මහතා කිය.
රුපියල් දහසේ දෛනික වැටුප ගෙවීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් මේ සම්බන්ධව වෘත්තිය සමිති හා හාම්පුතුන්ගේ සමිති සමග ඉකුත් සිකුරාදා සාකච්ඡා කළ බවත් එහි දී එකඟතාවකට පැමිණිය නොහැකි වූ බවත් හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් පඩිපාලක සභා දෙක සමග වෙන වෙනම සාකච්ඡා කරන බවත් එහි දී එකඟතාවකට පැමිණිය නොහැකි නම් පමණක් එම පඩිපාලක සභාවන්හි සාමාජික ඡුන්දයෙන් තීරණයකට එළැඹෙන බවත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.
එම පඩි පාලක සභාවන්හි වෘත්තිය සමිති නියෝජිතයන් අටදෙනෙක් ද, හාම්පුතුන්ගේ සංගම් නියෝජනය කරමින් නියෝජිතයන් අට දෙනෙක් ද, රජය නියෝජනය කරන නියෝජිතයන් තිදෙනෙක් ද වෙති. එම පඩිපාලක සභාවන් හි සභාපතිවරයා වන්නේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෛනික වැටුප 1000 කිරීමේ අවසන් තීන්දුව මේ සතියේ