(ගයාන් සූරියආරච්චි)
‘මන්නා රොෂාන්ගේ මල්ලි මධුරංගටයි තවත් එකෙකුටයි නිරිපොළ වෙළ ගාවදී වෙඩි තිබ්බා. මම කතා කරන්නේ ලලිත් කන්නංගර ගිහින් බලන්න ‘ යනුවෙන් පවසමින් මන්නා රොෂාන්ගේ සහෝදරයාට සහ ඔහුගේ මිතුරකුට ඊයේ (4) පෙරවරු 11.30 ට පමණ වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයකු විසින් හංවැල්ල පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ මන්නා රොෂාන්ගේ සහෝදරයා සහ ඔහුගේ මිතුරා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මන්නා රොෂාන්ගේ සහෝදරයා මියගොස් තිබූ බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හංවැල්ල නිරිපොළ ප්‍ර දේශයේ පදිංචි 31 හැවිරිදි කාරියවසම් අතුකෝරළගේ දොන් මධුසංක නැමැති පුද්ගලයකු බව පොලිසිය පවසයි.
දැනට ඩුබායි හි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නංගර නැමැත්තා සහ මන්නා රොෂාන් අතර පැවැති මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවී තිබූ ආරවුලක් මත මෙම වෙඩි තිබීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාරණයවී තිබේ.
මීට මාස කීපයකට පෙර පාදුක්ක ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ මිතුරකු හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ වෙල්යායක් අසල කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී සැඟවී සිටි නාදුනන වෙඩික්කරුවකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
එහිදී වෙඩි ප්‍රහාර 8 ක් පමණ තබා ඇති අතර මන්නා රොෂාන්ගේ සහෝදරයා ඔහුට අයත් හංවැල්ල නිරිපොළ වැලි තොටුපොළක් වෙත පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 500 ක පමණ වපසරියක් තුළ සී.සී.ටී.වී දර්ශන හෝ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති අතර ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා සහ දුරකතන කුලුනු සංඥා මාර්ගයෙන් තොරතුරු ලබාගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොට්ඨාස අපරාධ විමර්ශන අංශ, යුද හමුදාව ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්. ජයමහ මහතාගේ මගපෙන්වීම යටතේ සහකාර පොලිස් අධිකාරී අජිත් ගුණවර්ධන, හංවැල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙන්නෙක් බෑව්වා බලපියව්: පොලිසියට ඇමතුමක්
ලුම්බිණි Tuesday, 05 March 2024 09:12 AM
කෝ අනේ ""යුක්තිය""?
palitha Tuesday, 05 March 2024 06:20 PM
පොල් වගා කරාම ලබෙන්නෙ පොල් මිසක් ඇපල් නෙවි. තමන් කල කී දෙවල් වල ප්‍රතිපල තමයි ඔය ලැබෙන්නේ, අයියා පාතාලෙ උනාට මල්ලි හොඳ නන් එයාට මෙහෙම වෙන්නෙ නැ නේ, ඒක කරපු කෙනාටත් ඔය ටිකම තමයි ඉතින් වැඩි කල් නොගිහින්. ස්වභාවධර්මය හොඳින් හෝ නරකින් නඩු විසඳනවා.
Jagath Wednesday, 06 March 2024 10:02 AM
"යුක්තිය" බලුවෙලා
මල් මාමා Wednesday, 06 March 2024 12:05 PM
යුක්තිය රෙද්ද පල්ලෙන් බේරේ. කුඩු මුදලාලිලා බේරන බොන අය අල්ලන මාර යුක්තිය. සිරි ලංකාද්වීපයනේ...!