(රෝෂන් තුෂාර)
ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථන සිම්පත බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සලකා බලන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණුවෙල මහතා සඳහන් කළේය.
තම සැමියා ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකය දැක්වෙන නව සිම්පතක් තමාට ලබාගැනීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවසීය.
දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් ඇති බවත් ඔහු ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකය දැක්වෙන නව සිම්පතක් ඔහුගේ බිරිඳට ලබාදීම තුළින් එම විමර්ශන කටයුතුවලට බාධාවක් සිදුවිය හැකි බැවින් ඔහුගේ බිරිද කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ පූර්වගාමී මහෙස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කළාය.
සිම්පත නිකුත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබියදී නැවත ඉල්ලීමක් කරමින් කරුණු දැක්වූ නීතිඥවරයා අධිකරණයට සඳහන් කර සිටියේ ව්‍යාපාර කටයුතු සඳහා දුරකථන අංකය අත්‍යවශ්‍ය වී ඇති බවය.
මරණකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් සඳහන් කළේය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දිනේෂ් ෂාෆ්ටර්ගේ සිම් පතට ලැබුණු නියෝගය
fairoos Tuesday, 23 January 2024 12:11 PM
ඔව විසදෙන්නෙ අනිත් එක රජය රස පරීක්ෂක ඔක තියාගෙන දුම් අල්ලනවද මන්ද