(යොහාන් භාසුර)
දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමෙන් තොරව විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පැමිණීමෙන් ජනතාවට දින කීපයක් එහි පෝලිමක රැදී සිටීමෙන් එම පරිශ්‍රයෙන් පිටත අද (17) පස්වරුව වන විට තබදබදයක් නිර්මාණය වී තිබුණි.
රට පුරා විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව එම පරිශ්‍රයෙන් පිටත දිගු පෝලිමක රැදී සිටින අතර ඔවුන්ගෙන් අයදුම්කරුවන් 500 ක් පමණක් දිනකට අයදුම්පත් භාරදීමේ අවස්ථාව හිමිවේ.
අම්පාර, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ යාපනය ආදි විවිධ දුර බැහැර ප්‍රදේශවල පුද්ගලයන් එම පෝලිමේ රැදී සිටින අතර ඇතැම්හූ කුඩා දරුවන් ද රැගෙන පැමිණ සිටිති.
වැඩි පිරිසක් දරුවන් ද සමඟ එම ස්ථානයේම රැය පහන් කරන බව ද ඔවුහූ පැවසූහ.
කෙසේ වෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ක්‍රියාත්මක වෙමින් තිබුණි.
එම පෝලිමේ සිටි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණයෙක් පැවසුවේ මීට දින තුනකට පෙර පෝලිමට එකතු වූ බවත් පිරිසිදුවීමට ජලය ලබාගැනීම ඇතුළු සියලු දේ මුදලට ගනීමට සිදුවීමෙන් විදේශ ගමන්බලපත්‍රය ගැනීමට යන විදයම මෙන්ම වියදමක් මේ වන විට දැරීමට සිදුව ඇති බවත්ය.
දිනයක් හෝ වේලාවක් වෙන්කර නොගත්ත ද අවශ්‍යතාව මත විදේශ ගමන් බලපත්‍රය ගැනීම සඳහා පැමිණි බව ද ඔහු කීය.
නුවරඑළියේ පදිංචි කාන්තාවක් පැවසුවේ දිනයක් සහ වේලාවක් නොමැතිව එන්න එපා යැයි දැනුම්දී තිබුණ ද කෙසේ හෝ ලබාගත හැකි විශ්වාසය මත බවයි.
ආගමන විගමන දෙපපාර්තමේන්තු පරිශ්‍රය අසළ පදිංචිකරුවෙක් පැවසුවේ එම පෝලිමේ සියලුම දේවල් මුදලට සිදුවන බවත් බස් රථ පිරෙන්න ගෙනවිත් අයදුම්කරුවන් පෝලිමට එකතු කරන බවත්ය.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් මෙම තත්වය සම්බන්ධයෙන් කළ විමසුමකදී පැවසුවේ දැනට පවතින තදබදය අද (17) දිනයෙන් අවසන් වන බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් අවසන් අයදුම්කරුවන් 1800 කට හෙට දිනයේ විදේශ ගමන්බලපත්‍ර නිකුත් කර අවසන් කරන බවයි.
මෙම මස 17 වැනිදා දක්වා පමණක් දිනය සහ වේලාව නිකුත් කර එම ක්‍රමවේදය අවසන් කළ බව කී ඉලුක්පිටිය මහතා හෙට (18) දින ජනතාවට මීට පෙර පැවැති ආකාරයට පැමිණි පිළිවෙළ අනුව අයදුම්පත් භාරදිය හැකි බව ද සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව දිනකට ගමන් බලපත්‍ර 2300 ත් 2500 ත් අතර සංඛ්‍යාවක් එක්දින සේවය යටතේ විදේශ ගමන්බලපත්‍ර නිකුත් කරන බවත් ඊට අමතරව හදිසි අවශ්‍යතා ඉදිරිපත් කරන අයට ද ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ඒ මහතා කීය.
මෙවැනි තත්වයක් ඇතිවිය හැකි යන උපකල්පනය මත දිනයක් සහ වේලාවක් නොමැති පුද්ගලයන් එම කාර්යාලයට පැමිණීමෙන් වැළකෙන ලෙස පසුගිය 12 වැනිදා ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් එම ඉල්ලීම නොතකා ජනතාව පැමිණීමෙන් මෙම තත්වය ඇති වූ බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
(ඡායාරූපය: ජයමල් චන්ද්‍රසිරි)
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දැන ගියොත් පාස්පෝට් නොදැන ගියොත් පූස්පාට්
Lalla Wednesday, 17 May 2023 05:15 PM
ඇතුලේ ඉන්න හොරුන්ට ජරාව කන්න ක්‍රමය හදල දීලා. රාජ්‍ය පරිපාලන සේවයේ වෙනස මේක වෙන්න ඇති...
Darshana Piyathilake Wednesday, 17 May 2023 05:44 PM
දිනය වෙන් කරගැනීමේ ක්‍රමය නවතා දැනට මාස දෙකකට ආසන්නයි. එතකොට කොහොමද වෙන් කරගන්නේ? තනිකර පගා මරුවන් ඉන්න තැනක් ඕක. උපරිම පගාව ගන්න පුළුවන් විදියට තමයි එතැන සිස්ටම් එක හදලා තියෙන්නේ... !
sunil Wednesday, 17 May 2023 05:56 PM
ඇයි රටේ මිනිස්සු හැමදෙයක් කරගන්ට කොළඹට එන්න බල කරන්නේ? මේ වගේ දේවල් ඔවුන් පදිංචි පළාත්වල තියෙන කච්චේරි වල කරන්න බැරි ඇයි?
කිරිපුතා Wednesday, 17 May 2023 06:54 PM
තවතවත් උප කාර්යාල රටේ විවධ ස්ථානවල ස්ථාපිත කරන්න පුළුවන් නම් ප්‍රශ්නය විසඳේවි...
fairoos Wednesday, 17 May 2023 06:56 PM
දිනයක්, වේලාවක් වෙන් කරලා ගියාට පෝලිමේ පැය 3, 4ක් ඉන්න ඕනෑ. වැඩක් නැහැ මේ කාලකණ්ණි පාලකයින්ගේ වැඩ.
Sunil Wednesday, 17 May 2023 07:34 PM
රනිල් රාජපක්ෂ නම් පිනාධිපතිගේ තවත් විශිෂ්ඨ ජන පීඩක සේවාවක්. එයාට මේවා පෙනෙන්නේ නැහැ.
මරිසිපාල Wednesday, 17 May 2023 08:47 PM
සීනිලෝ මම දන්න විදියට රනිල් කියන්නේ ජනාධිපති මිස ආගමන විගමන පාලක නොවෙයි... ඇත්තටම නුඹ 2019 පොහොට්ටු රජය හදන්න මුලින්ම හිටපු එකෙක් නේද? නැත්නම් ආගමන විගමන පාලක කරන්න ඕනෑ දෙයක් ජනාධිපති කරන්න ඕනෑ කියලා කියන්නේ නැහැ...
ගමේ එකාලා Wednesday, 17 May 2023 08:30 PM
අපේ රටේ ජීවත් වෙන එකත් එපාවෙලා... ජනතාව දවසින් දවස රට හැරයනවා.
රටවැසියා Wednesday, 17 May 2023 08:49 PM
රටේ ජනතාවට මුදලට පාස්පෝට් විකුණන එක ආණ්ඩුවේ දැනට තිබෙන විශාලතම ව්‍යාපාරය - විලි ලැජ්ජයි! මේසා ලාබ ලබන ව්‍යාපාරයක්වත් ආණ්ඩුවට කරගන්න බෑ! මේ වනවිට රටේ තිබෙන මහා හොර ජාවාරමත් මෙතන ක්‍රියාත්මකයි...! ආණ්ඩුවේ සියලුදෙනා මේ තත්වයට වගකිව යුතුයි! රට පත්ව ඇති අරාජික තත්වය මෙයින් දැකගත හැකියි...
සාර්කැස්ටික් Thursday, 18 May 2023 07:09 AM
ඔතනට ටිකක් එහයින් වැවක් මැද මරු පොට් එකක් තියනවා ඒකේ ඉන්නේ ඩොලර් දශමයක් උපයලා නැති සෙට් එකක් ඒත් උන්ට රජ සැප.
visnu Thursday, 18 May 2023 09:24 AM
තොපිට රට කරන්න බැරි නම් පුළුවන් එවුන්ට දීලා පලයවු
දේශප්‍රිය Thursday, 18 May 2023 10:05 AM
මේවා විහිලු නෙවෙයි. ඛේදවාචක සමහර රටවල් දවස් තුනෙන් පාස්පෝට් නිකුත් කරනවා.. මේ ලිපියේ මාෘකාවත් මෙම තත්වය සැහැල්ලුවට ලක් කර තියෙනවා
ලුම්බිණි Thursday, 18 May 2023 10:30 AM
කිසිම රජයේ නිලධාරියෙකුට හෝ දේශපාලකයෙකුට මේ මිනිසුන් විඳින දුක නොපෙනෙන එකයි පුදුමේ.