(උපදෙස් - කොතලාවල වෛද්‍ය පීඨයේ මහාචාර්ය හදවත් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ)
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරිකව එය තවත් වැඩි වී තිබේ. කොළඹ ජාතික රෝහලට හෘදයාබාධ වැලඳුණු රෝගීන් 170 ක් පමණ දිනකට රැගෙන එහි බරපතළකම මොනවට පැහැදිලි කරයි.
හෘදයාබාධයක් යනු ජීවිතය අනතුරේ දමන රෝගී තත්ත්වයක් වුවත් එය වළක්වාගත හැකි රෝගයකි.
හෘදයාබාධයකදි වෙන දේ
හදවතට නිසි ලෙස රුධිර සැපයුම නොලැබීම නිසා එහි මාංශපේශින් තුවාලවීම නිසා හටගන්නා රෝග තත්ත්වය හෘදයාබාධයක් ලෙස හඳුන්වයි. තුවාල වූ මාංශපේශිවලින් කොටසක් අනිවාර්යයෙන්ම හානියට පතවන අතර එම කොටස කුඩා නම් එයින් ජීවිතයට හානියක් වන්නේ නැත. හානියට පත් වූ මාංශපේශි සෙමෙන් සුව වේ.
ඒ සඳහා සති 6-8 ක කාලයක් ගතවන අතර එම කාලය තුළ විවේක ගත යුතුය. එහෙත් තුවාල වන මාංශ පේශී කොටස විශාල නම් එය ජිවිතය අනතුරේ හෙළයි.
අවදානම් සාධක
දියවැඩියාව, කොලොස්ටරෝල් සහ අධික රුධිර පීඩනය
පවුලේ කෙනෙකුට අඩු වයසින් හෘදයාබාධ ඇතිවීම හෝ ස්ටෙන්ත් දැමීම, බයිපාස් සැත්කම් කිරීම වැනි ජානමය සාධක
දුම්පානය කිරීම
මත්ද්‍රව්‍ය භාවිතය (මෙවැනි අයගේ හෘද ස්පන්දනය සහ අධික රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස අඩු වැඩිවීමට පුළුවන. එය හෘදයාබාධයකට හේතුවක් විය හැකිය.)
හදවත ලෙඩින් බවට දෙන ඉඟි
ඇවිදින විට හෝ වැඩක යෙදී සිටින විට දැනෙන අධික මහන්සිය
කය මෙන්ම සිත වෙහෙසන විට පපුව මැද ඇතිවන වේදනාව
ආහාර වේලකින් පසුව පපුව හිරවීම හෝ හතිය ඇති වීම
වියළි කැස්ස
කකුල් ඉදිමීම
ක්ලාන්ත වීම හෝ ඇස් ඉදිමීම
පපුවේ ගැස්ම
අදෑසනට හිස මුදුනෙන් දැනෙන හිසරදය
හෘදයාබාධයක් වැලඳුනාම පෙන්වන ලක්ෂණ
පපුවේ සිට වම් අත දිගේ ඇගිලි තුඩු දක්වාත් පපුවේ සිට බෙල්ලේ වම් පැත්තේ ඉහළ පෙදෙස දක්වාත් ඉදිකටු ඇනෙන්නාක් මෙන් ඇතිවන වේදනාව
හුස්ම ගැනීමේ අපහසුව
හදිසි ක්ලාන්ත ගතිය
කරකැවිල්ල
හෘද ස්පන්දනය වේගවත් වීම
ඇද වැටීම
මේ ආහාර ගැනීමෙන් වළකින්න
හෘදයාබාධ සඳහා බලපාන සිරුරේ කොලොස්ටරෝල් අදිකවීම, දියවැඩියාව, සහ අධික රුධිර පීඩනය ඇතිවීමට ප්‍රධාන ලෙස බලාපාන්නේ ආහාර යි.
විශේෂයෙන්ම පසුගිය වසර පහළොව තුළ මෙරට ආහාර රටාවේ සිදුව ඇති වෙනස්කම් මෙම අකල් හාදයාබාධවලට බලපා තිබේ.
එබැවින් නිරෝගීව කලක් ජීවත්වීමට අවශ්‍ය සෑම පුද්ගලයෙකුම ආහාර පිළිබඳව සැලකිලිමත්වීම අවශ්‍ය ය.
තෙල් අධික ආහාර
තෙල් වර්ග
ක්ෂණික ආහාර
සීනි සහ ලුණු අධික ආහාර
බිත්තර කහදමය නිතර ආහාරයට නොගන්න
මාගරින් - බටර්
රතු මස්
කුකුළු මස් (නිතර ආහාරයට ගැනීම සුදුසු නැත)
සොසේජස්, හැම් බේකන්
ශුද්ධ කළ පිටි අධික ආහාර
නිවෙසින් පිටතින් ආහාර ගැනීම
හදවත රැකගන්න මේ දේවල් කරන්න
ලහි ලහියේ ඇවිදින්න
ශරීර සුවතා මධ්‍යස්ථානවලට ගොස් ව්‍යායාම කළ පමණින් නිරෝගී වන්නේ නැත. හෘදයාබාධ වළක්වා ගැනීමට නම් කළ යුත්තේ ශරීර යෝග්‍යතාව පවත්වාගෙන යා යුතු ව්‍යායාමවල නිරතවීමය. ඒ සඳහා සතියකට පැය 150 ක්වත් ඇතුළත් වන සේ දිනපතා හෝ පහසු ආකාරයට ව්‍යායාම කරන්න. ඒ සඳහා සුදුමු ව්‍යායාම ලහි ලහියේ ඇවිදීමයි.
උසේ හැටියට බර තියාගන්න
ශරීර ස්කන්ධ දර්ශකය (බිඑම්අයි) යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. පුද්ගලයෙකුගේ බර උස ප්‍රමාණයෙන් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කෙරේ. එම දර්ශකය 23 හෝ ඊට අඩුවෙන් තබා ගැනීම වඩාත් සුදුසුය.
හදවත රකින ආහාර
එළවළු සහ පලතුරු
කෙඳි සහිත ආහාර
ලුණු, සිනි, පිටි, තෙල් අඩු ආහාර
විටමින් සහිත පලා වර්ග
ටූනා, හුරුල්ලා, සාලයා වැනි මාළු වර්ග
කජු
ගෙදර හදන ආහාර
තෙල් කන්නේ පරෙස්සමින්
නැවත නැවත රත් කරන ලද පොල්තෙල් ඉතා අහිතකරය. පිටතින් ආහාර ගැනීමෙන් වැළකිම වඩාත් සුදු වන්නේ මෙවැනි තෙල් සිරුරට එකතුවීම වළක්වා ගැනීමට ය.
පරීක්ෂණයක් කරගන්න
ඔබේ වයස කුමක් වුවත්, කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වුවත් මතු ආරක්ෂාව සඳහා හෝ දියවැඩියාව, කොලොස්ටරෝල් පරීක්ෂාවක් සහ අධික රුධිර පීඩනය පරීක්ෂා කරගන්න. අඩුම තරමින් වසරකට වරක් හෝ දෙවරක්වත් එම පරීක්ෂණ කරගත හැකි නම් වඩාත් සුදුසුය.
උදේශිකා නෙලුම්දෙනිය
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
Mohamed Arshad Saturday, 01 February 2025 11:52 AM
සතියකට පැය 150ක්...?
vis8 Tuesday, 11 March 2025 07:05 AM
මේවා දිට්ට ධම්ම වේදීනිය කර්ම ලෙසද පැමිණිය හැකිය...