IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දින නවයක් හිස් වූ පොලිස් මහ පුටුව

ඉන්දිකා  රාමනායක

 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුර කාලය  අවසන් කර අදට (4) දින 9ක් ඉක්ම ගියද නව පොලිස්පතිවරයකු පත් නොකිරීම හේතුවෙන් පොලිසියේ පරිපාලන කටයුතු අකර්මන්‍ය වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

පොලිසියේ  කටයුතු  සම්බන්ධයෙන් උපදෙස් දීමට, නියෝග දීමට, අනුමැතිය දීමට දින නවයක් තිස්සේ පොලිස්පතිවරයකු නොමැති කමින් මෙම තත්වය උද්ගත වී ඇති බව  එම ආරංචි මාර්ග කියයි.

මේ අතර නව  පොලිස්පතිවරයා පත්කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපයේදී නම් තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වයඹ) ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) ප්‍රියන්ත වීරසූරිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සබරගමුව) පී.පී.එස්.එම්. ධර්මරත්න යන මහත්වරු ජ්‍යෙෂ්ඨතා ලේඛනයට අනුව ඉදිරියෙන් සිටිති.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය ඉකුත් 26 වෙනිදා අවසන් වීම හේතුවෙන් පොලිස්පති නිල කාමරයේ තිබූ ඔහුගේ බඩු බාහිරාදිය ද ඉවත්කර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020  නොවැම්බර් මස පත් වූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනිදා විශ්‍රාම යාමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මාස 3 ක සේවා දිගුවක් දෙනු ලැබීය.

එම සේවා දිගුව ද ඉකුත් 25 වැනිදායින් අවසන් විය.



අදහස් (9)

දින නවයක් හිස් වූ පොලිස් මහ පුටුව

C.K.Lankaputhra Monday, 03 July 2023 09:44 PM

පත්කරනු ලබන පුද්ගලයා අනුව අපේ ඉදිරි කතිරය තීරනය වේ.

:       0       0

Bunny Preena Tuesday, 04 July 2023 10:55 AM

එතුමා සිටියත් නොසිටියා වගේ තමයි.

:       0       10

aravinda Monarawila Tuesday, 04 July 2023 11:11 AM

වඩක් කර ගන්න බැරි දුර්වල අදක්ශ හා අකාර්යක්ශම නායකයෙක් හිටියම මෙ වගෙ දේවල් වෙනවා.

:       2       5

sam Tuesday, 04 July 2023 12:14 PM

හිස් වූ පොලිස් මහ පුටුවට චෝදනා නොලද හෝ අවම චෝදනා තිබෙනා වූ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කරවීමට සහ අරගල සමග ගැටුම් අර්හිකර නොගෙන සාකජා වෙන් ගැටළු විසදීමට හැකියාවක් සහ ජාත්‍යන්තර පොලිසිය සමග හොදින් ගනුදෙනු කළහැකි දේශපාලන තීන්දු මත රාජකාරි නොකරන පුද්ගලයකු පත්කර ගත යුතුවේ, ද්‍රවිඩ හෝ මුස්ලිම් ජාතිකයකු උවද වඩාත් සුදුසුවේ. 1948 නිදහසින් පසු පළමු පොලිස්පතිවරයාවූ Sir Ricard Aluvihare1946 – 1955 සේවය කර ඇත. ඉන්පසු ජේ ආර් ජයවරදන ජනාධිපතිවරයා සමයේ Rudra Rajasingham 20.04.1982 – 20.04.1985, දක්වාත් T.E. Anandarajah 28.08.2002 – 14.10.2003 දක්වාත් ද්‍රවිඩ පොලිස් පතිවරුන් ලෙස සේවය් කර ඇත. මුස්ලිම් ජාතිකයකු පොලිස් පතිවරයාවසයෙන් පත්ව නොමැත. කෙසේ හෝ වේවා පුද්ගලයාගේ සේවාකාලය මත තනතුරු ලැබිය යුතු උවත් දනා සිටිනා පිරිස අතර සුදුස්සකු තෝරාගැනීමට අපහසු තත්වයක් ඇතනම් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය සහ රටේ පුරවැසියන් සමග ගනුදෙනු කිරීමේදී ඔහුගේ හැකියාවන් සියල්ල අදීක්ෂණය කර ද්‍රවිඩ හෝ මුස්ලිම් පිලිස්පති වරයකු පත්කර ගැනීමට හැකිනම් මේ අවස්ථවේ වැදගත්වනු ඇත. එයට රටේ පුරවැසියන්ගේද ප්‍රසාදය හිමිවනු ඇත.

:       0       5

Perera Tuesday, 04 July 2023 12:45 PM

දේශයත් දැන් බින්දුවටම වැටිලා නිසා ඔය මොකා පත් කලත් කමක් නැහැ

:       1       1

kapila Tuesday, 04 July 2023 02:12 PM

ඇත්තටම පොලිස්පති යනු පරිපාලන තනතුරක්. නියෝජ්‍ය පොලිස්පති වරුන්ට වගකීම් බෙදාදී ඔවුන්ව නිසි ලෙස මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම කළහැකි අයෙකු මෙම තනතුරට පත්කිරීම කාලෝචිතයි . පළමු ශ්‍රී ලාංකික පොලිස්පති වූ සර් රිචර්ඩ් අලුවිහාරේ වැනි අයෙකු පත්කිරීම සුදුසුයි .

:       0       0

ගමේ එකාලා Tuesday, 04 July 2023 02:49 PM

පවුල් පාලනේ බලයේ හිටියානම් මෙළහකටත් කඩේ යන කෙනෙක් පත්කරලා ?

:       0       0

chandima Tuesday, 04 July 2023 03:28 PM

ඒ තොප්පියටත් තමුන්ම දාගත්තානම් ඉවරයිනේ ?ආයේ මොනවට නම් දෙනවද ?

:       0       0

පැරකුම් Tuesday, 04 July 2023 04:03 PM

වහෙන් ඔරෝ නොකිව්වට දේශබන්දු එනව කලබලවෙන්න එපා…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 205 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 255 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 505 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 259 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 354 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 405 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 584 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site